
(අංජුල මහික වීරරත්න)
කොලොන්නාව ප්‍රදේශයේ වැසි ජල සහ ගංවතුර ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති 26 ක් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නිරීක්ෂණය කළේය.
එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුයේ කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවයි.
මීට පෙර රජයන් සිදු කළේ ගංවතුර පැමිණි විට කෑම ටිකක් බෙදා තත්ත්වය මග හැර යාම බවයි. නමුත් වත්මන් රජය කොළොන්නාවේ ගංවතුරට ස්ථිරසාර විසඳුමක් දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80 දශකයට කලින් ඔය හරියේ වගුරු බිමක්, බේරේ වැවට ජලය ගලා ගියේ ඔය හරියෙන්. දැන් මුඩුක්කු, අවිධිමත් ජනාවාස හින්දා ජලය ගලා බසින්නේ නෑ.
ගම්පහට මම හොඳින් සලකනවා.
නගර සබා වලින් ලොකු ලොකු දේවක් ඕනා නෑ. කුණු ටික එකතු කරලා නිසි විදිහට බැහැර කාලා නම් 90% වැඩේ ඉවරයි
අනවසර පහත්බිම් පදිංචි කරුවන් අයින් කරන්න, ගංවතුර ඔහේ ගලාගෙන යයි. අපරාදේ මහජන මුදල් අනවසර පදිංචි කරුවන් පරිස්සම් කරන්න යොදන්න එපා.
වැලවත්ත කානු අවුරුදු ගණනකින් සුද්ධ කරලා කෙරලා නෑ ... කානු පද්ධතිය සුද්ධ කිරීමෙන් පස් ටිපර් 50කට වඩා ගන්නේ පුළුවන්.
මල්වානේ රඹුටන් වගේ තමයි කොලොන්නාව කියපුහම ගංවතුර. NPP රජයෙන්වත් ගංවතුරෙන් පීඩාට පත්වන ජනතාවට ස්ථීර සාර විසඳුමක් ලැබුණොත් හොඳයි. නැත්නම් එරංග අමාත්‍යතුමා කිව්ව වගේම බත් පැකට් එකයි බෝට්ටු වෙයි පිහිටම තමයි.
මම උදේ හවස කොළඹට ඉස්කෝලේ ගියේ, ඔය ගොතටුව බන්ට් එක පහුකරගෙන.. ඒ කාලේ බන්ට් එක තුළ තිබ්බේ පන්සලක් විතරයි... දැන් ඒ වගුරුබිම මම ගොඩ කරලා ගෙවල් හදලා... ඉස්සර තනිකරම නෙළුම්, ඕළු, මාණෙල් මල් පිපුණු සුන්දර වැවක්... පහුගිය කාලේ කොළොන්නාවේ හිටපු මන්ත්‍රී තමයි ඔය ඔක්කොම අනවශ්‍ය ඉදි කිරීම් වලට අවස්ථා දීලා පදින්චි කරේ...
කෝ හිරුනිකා ,මැතිවරනයෙන් පස්සෙ ආගිය අතක් නැ
ඉස්සර ඔය හරියේ වැවක් තිබ්බා මම පොඩි කාලේ දැන් හොයන්නවත් නෑ. අත්තිඩිය යට වෙන්න හේතුවත් මේකමයි.