(ශිරාන් රණසිංහ)
කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ (සී.පී.එස්.ටී.එල්) තිබූ රුපියල් දසලක්ෂ පනස්දහසක් වටිනා දැවි තෙල් ලීටර් 13,200ක් අතුරුදන්වීම සම්බන්ධව එම ආයතනය පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම දැවි තෙල් තොගය කලවම් තෙල් බව කියමින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පරීක්ෂණ සඳහා රඳවාගෙන ඇත.
ඒ අනුව ආයතන රසායාගාරයේ කළ පරීක්ෂණ වලින් පසු ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න පවතින බව තහවුරු වී තිබේ.
එසේ වූවත් මේ වනවිට තෙල් බවුසරය ද අතුරුදන් වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපන්කෝ උත්තර!! කොහොමද ගැහිල්ල... බඩු නැහැ. නඩු නැහැ. ප්‍රමිතියෙන් තොර තොග නැතිනම් මුදල් ගෙවන්න. ඇමැතියා සහෝදරයාව දාගත්තේ විශ්වාසය හින්දලු. පරිපාලන ක්ෂේත්රයේ නිලධාරියෙක්ව දාගත්තා නම් හොරකම් අඩුවෙන්න අවශ්‍ය පියවර ගන්න ඉඩතිබුණා. ඇමැතියා අනික් කුණු අවුස්ස අවුස්සා ඉන්නේ නැතිව තමන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ මොනවද කියලා බැලුවා නම්...