මාස තුනක් තිස්සේ පවතින දැඩි නිය`ගය නිසා කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් පහළොවකට ආසන්න ප‍්‍රමාණයක ඇති වැව් සහ ඇළදොළ සි`දී ජනතාව උග‍්‍ර ජල හි`ගයකට මුහුණ පා සිටිති.
කෑල්ල, හක්බෙලිආර, නන්නදගම, මඩුවන්වල, දඩයම්කන්ද. දාපනේ, දොරපනෙ ආදී ග‍්‍රාම සේවා වසම්වල ගම්මාන රැසක් මෙම ජල හි`ගයට මුහුණ පා ඇත.
ළිං කිහිපයකින් ජනතාව සිය පානීය ජල පහසුකම් සලසා ගනිති. වගා බිම් සියල්ලම පාහේ ජලය නැතිකමින් වියළීි ගොස් ඇතිබව ජනතාව පවසති. ප‍්‍රදේශයේ ඇති කුඩා පරිමානයේ වැව් සියල්ලම ජල බි`දුවකු`දු නැතිවන ආකාරයට වියළී ගොසිනි.
අගොස්තු මාසයේ මැද වැසි ලැබිය යුතු වුවත් මෙවර වැසි නැතිවීමෙන් මාස් කන්නයේ වගාවන් සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද ජනතාව පවසති.
මේ ජල හිඟය තමන්ට මෙන්ම ගවයින්, එළුවන් වැනි ඇතිකරන සතුන් හට ද තදින් බලපාන බව ද ජනතාව පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධර්මයෙන් රජ කරන පාලකයින් ඉන්නකොට එහෙම වෙන එක අමුතු දෙයක් නෙවෙයි (හේ)