බස්නාහිර පළාතේ කළුතර දිස්ත‍්‍රික්කයේ ළමා මවුවරුන් ප‍්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, අහිංසක දැරියන් ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකමින් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පහසුවෙන් පත්වන බවත් බස්නාහිර පළාත් නව ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
තම දරුවාට කිරි දී පාසල් යන දැරියක් මෙන්ම නිවුන් දරුවන් අපේක්‍ෂාවෙන් සිටින 13 හැවිරිදි දැරියක් ද කළුතර දිස්ත‍්‍රික්කයේ සිටින බව වාර්තා වී ඇතැයි කී ප‍්‍රධාන අමාත්‍යවරයා දරුවන්ට විෂය නිර්දේශයට අනුව ලබාදිය යුතු ලිංගික අධ්‍යාපනයවත් ලබා නොදී ගුරුවරුන් හිතා මතා එම කොටස් මගහැරයාම ගැටලූවක් බව ද සඳහන් කළේය.
ළමා පරපුර ආරක්‍ෂා කර ගැනීමට නම් දරුවන්ට අවශ්‍ය කාලයේ දී අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබාදීම මෙන්ම වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම ද වැදගත් බව ද කී මහඇමතිවරයා තමන් මෙවැනි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.
පක්‍ෂ විපක්‍ෂ සියලූ මන්ත‍්‍රීන්ට සමාන අවස්ථා ලබාදෙමින් කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ප‍්‍රධාන ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 7, ශ‍්‍රාවස්ති මන්දිරයේ දී පිහිටි සිය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගනිමිනි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මහ ඇමැතිවරයා වැඩ භාරගැනීමේ උත්සවය පැවැත්විණි.
දැන් නව දේශපාලන සංස්කෘතියක් බිහිවී ඇති බවත් බලය ලැබූ අය තමන්ගේ පවුලේ ඥාතීන්ගෙන් ආයතන පුරවන යුගය අවසන් වී ජනතාවට සේවය කරන යුගයක් උදාවී ඇති බවත් මෙහි දී හිටපු ජනාධිපතිනිය කීවාය.
යළිත් දේශපාලනඥයින් වැරදි ක‍්‍රියා කිරීමේ සංස්කෘතියක් කරා යාමට උත්සාහ කළහොත් ඊට එරෙහිව නැගී සිටීමට සිවිල් සමාජය ශක්තිමක් කරන බව ද ඇය කියා සිටියාය.
අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා, හිටපු ප‍්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග, පළාත් සභා අමාත්‍යවරුන් , පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අවශ්‍ය කරන නීති පිළිබදව මුලික කරුණු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න. විශේෂයෙන්ම ප්‍රජ පොලිස්. (අ)
ළමා පරපුර ආරක්‍ෂා කර ගැනීමට නම් දරුවන්ට අවශ්‍ය කාලයේ දී අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දීම සෑම මුපියෙකුගේම වගකීමක් ! ඒ වගේම පන්සල පල්ලිය කෝවිල තුළින් හරියට වගකීම් කොටස සිද්දවෙන්න ඕනි දැහැමි සමාජයක් ගොඩ නගන්න. මුදල් මත පමණක් හාඹ යන සමාජයක මිනිස්කම විනය හැදියාව නොපෙනී යනවා වැඩිහිටියන් ගුරුවරු ආගමික නායකයන් සංහිදියාවක් ගොඩ නැගිය යුතයි වර්තමානයේ පත්වී තිබෙන තත්වයට. (අ)
අපි නොදන්නා තව කොයිතරම් අපරාධ වෙලා ඇද්ද? මේවට ඉක්මන් පිළියම තමයි මරණීය දණ්ඩනය. සෑම මිනිසෙකුම මරණයට බය නිසා යම්තාක් දුරකින් හෝ අපරාධ අඩුවේවි. (නි)
හොඳ කතාවක්. හොඳ අරමුණක් (නි)
හොඳ කතා නම් අපට අඩුවක් නැතුව ලැබෙනවා. වැඩ වලින් තමයි අඩුව. (නි)
මේ ප්‍රශ්න වලට නිසි විසඳුම් අවශ්‍යයි (නි)
කතා වැඩක් නැහැ අපිට. අවුරුදු 50ක විතර ඉඳලා අපේ රටේ කතා විතරයිනේ. එනිසා වැඩේ කරලම කතාව කරන්න. (නි)