කළුතර බෝධි බාරකාර මණ්ඩලය දානපතියන්ගේ ද දායකත්වයෙන් කළුතර හා ගාලු දිසාවේ පිරිවෙන්හි ප්‍රාචීන විභාගය සඳහා බෞද්ධ සංස්කෘතිය, අභිධර්මය, පාලි හා සංස්කෘත වැනි විෂයන් හදාරණ භික්ෂූන් වහන්සේට ශිෂ්‍යාධාර පිරි නැමීමට යයි.
බෝධි භාරකාර සංගමයේ සභාපති අජිත ද සොයිසා මහතා පවසනුයේ එම උත්සවය ලබන 18 වැනිදා පස්වරු 2.00ට බෝධි භාරකාර මණ්ඩලයේ ධර්ම ශාලාවේදී ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි.
ශිෂ්‍යාධාර ලබන භික්ෂූන්වහන්සේ 125 නමක් තලව්ව රථගාලේ සිට පෙරහරින් වැඩම කරවීමට නියමිතය.
භික්ෂූන් වහන්සේගේ ප්‍රාචීන භාෂා හා බුද්ධ ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ මෙවැනි වැඩ පිළිවෙළක් මීට පෙර අරඹා ඇති බවක් නොදන්නේයැයි සභාපතිවරයා කියයි.
බුද්ධ ශාසසනයේ චිරස්තිතිය සඳහා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධයන් හා බෞද්ධ සංවිධාන පෙළඹෙනු ඇතැයි ද සභාපති ප්‍රාර්ථනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අපේ හෙළයෝ ටික? හැමෝම පින්කමට ගිහින් වගේ.(නදී)
ලංකාවෙ ප්‍රාචීන භාෂා / බෞද්ධ අධ්‍යාපනය ගැන අවධානය යෙදවීම මහඟු පිනකි. අඩුම තරමින් එහෙම දෙයක් රටේ තියෙන බව වත් මතක් වෙනවා. (නි)
අනේ සාධු !! (ස)
හොඳ වැඩක්. ඒ වුනාට මේකට අදහස් දක්වන්න බෞද්ධයෝ ලංකාවේ නැහැ. හාමුදුරු නමකට එරෙහිව කාමුක චෝදනා කරන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවා. (නි)
බොහොම හොඳයි.(නදී)
ඇත්ත තමයි. සිංහල අයගේ අදහස් තිබෙන්නේ 2ක් පමණයි.(නදී)
මේවා මහා පින්කම්.කළුතර බෝධි බාරකාර මණ්ඩලය වගේ අනිත් ලොකු ආයතනත් කරනවා නම් කොතරම් හොදද? (නි)
ගරු සභාපතිතුමාටත් ,දායක සභාවටත් මහඟු පිනක් කව්රුත් නොකළ වැඩක් ආරම්භ කිරීම ගැන.මීට සමගාමීව වෙසක් සමයේ තවත් ලොකුම ලොකු පින්කමක් ,බෝධිය අසල මල් විකිනු අම්මට මල් විකිනීම තහනම් කළ නිසා, කුඩා නිවසක්,ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය දෙයක් ගැන සළකා බැලීම. (නි)