(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඩු ආදායම්ලාභීන් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද මුදල් වංචාවේ යෙදුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනකු එක්ව අපහරන කමිටුවේ අවසරයක් නොමැතිව  ණය අයකර ගැනීමට තිබෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර මුදල් ලබා ගැනීමෙන් පසු පිටපතක් තබාගෙන රිසිට් පත් ලබාදුන් පොත් විශාල ප්‍රමාණයක් ඇතුළත්ව ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ණය මුදල් වංචාවේ යෙදුණු බව කීප දෙනකු එක්ව සහ රුපියල් ලක්ෂ 5 බැගින් උපහාර ණය ලබාගත් ඇතැම් උසස් නිලධාරීන් කිහිපදෙනකු එක්ව බව දැනගන්නට ඇත.

එම වංචාකාරී ගිනි තැබීමේ සිද්ධියට විගණන නිලධාරියකු ,කළමනාකරුවකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ඇතුළු වූ කීප දෙනකු සෘජුවම සම්බන්ධ ඇති බවට තතු දත් ආරංචි මාර්ග පවසයි

මෙම කාර්යාලය දිස්ත්‍රික් මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන බැවින් නිවාඩු දිනක ( පෝය) දිනක එම කාර්යාලය විවෘත කරනවා නම් දිසාපතිවරයාගේ වරයාගෙන් ලිඛිතව අවසර ලබා ගත යුතු බවට චක්‍රලේඛන නිකුත් කර තිබියදී,එම චක්‍රලේඛන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කීපදෙනකුගේ උවමනාවට  ශ්‍රමදානයක් සිදු කරන මුවාවෙන් මුදල් අය කර ගැනීමට තිබෙන ලිපිගොනු මෙලෙස විනාශ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි

එම ලිපි ගොනු රැගෙන යාම සඳහා සතොස ගබඩාවකින් පෝර උර අසූවක් පමණක් මිලදී ගෙන රුපියල් 9000 ක මුදලකට ලොරි රථයක් කුලියට ගෙන මිල්ලනිය හෑගල්ල වත්ත නිවාස ගම්මානේ පිහිටි ගබඩාව වෙත රැගෙන ගොස් එයින් බහුතරයක් ලිපිගොනු සහ රිසිට්පත් පිටපත් තිබෙන පොත් සැලසුම් සහගතව ගිනි තබා ඇති බව කාර්යාල ආරංචි මාර්ග කියයි