කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සෘජුවම සම්බන්ධ කෙරෙන පරිදි කැළණි ගග හරහා නව පාලමක් ඉදිකිරීමේ සැලසුමකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ සදහා වන යෝජනාව ඉදිරිපත් කර තිබෙනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ආගමනයත් සමග කොළඹට නගරයට වාහන ඇතුල්වීමේදී වැඩිවී ඇති තදබදය අවම කිරීමට මින් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පාලම මංතීරු 6 කින් සමන්විත වනු ඇත.
පාලම ඉදිකෙරෙනු ඇත්තේ නව කැළණි පාලම හා සමාන්තරවය.ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා රුපියල් බිලියන 45.5 ක මුල්‍ය ආධාර සැපැයීමට ජපාන රජය ඉදිරිපත්ව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ චොලොචිත තීරණයක් මම පුද්ගලිකව ඒ ගැන සතුටු වෙමි. (අ)
අධිවේගී මාර්ගය හදද්දී වාහන තදබදය ගැන හිතල නෑ කියමුකෝ. එත් ඉතින් දැන් ඒක කියල එකට නිසි පිළිතුරක් හැටියට මුළු රටටම වැදගත් නගරයට ඇතුල් වෙන්න තවත් පහසු වෙන්න නවීන පාලමක් හදන එක මොනතරම් ඉදිරියට ප්‍රයෝජන වෙනවද. ඒ පාලම පොදුවේ සියලු මහජනයා වෙනුවෙන් කරන දෙයක්. එහෙම පාලමක් අත්‍යවසයයි. බොහොම හොද වැඩක් මමනම් දකින්නේ. (දිල්)
හොඳ දේට හොඳයි කියමු. මෙය කාලයක සිට අපට අවශ්‍ය වූ දෙයක්. මෙහි කටයුතු ඉක්මණින් සාර්ථකව අවසන් කිරීමට ලැබේවා. (දිල්)
රටක සංවර්දනයට, පලමුවෙන් හොද මාර්ග පද්දතියක් අවශ්‍යයි.(නදී)
විධුෂක, හැම දේකම වැරදි පැත්ත හිතන්නේ නැතුව යමක් දෙස ධනාත්මකව බලන්න පුරුදුවෙන්න. ධනාත්මකව රට හා අවට සමාජය දෙස බැලීම ඔබගේ පෞද්ගලික දියුණුවටද හේතුවක් වෙනවා.(නදී) ව්‍යාපෘතියක් අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම, කොළඹ වැනි දියුණුවන නගරයක මෙවැනි සංවර්ධන අත්‍යවශ්‍යයි. මෙය හොඳ පියවරක්. එය සාර්ථක වේවායි පතමු.
අපේ කොළඹ ලස්සණ වෙනකොට ඇතුල්වීම තියෙන්ඩ ඕනා සින්ගප්රුවට එහා ගිය ලස්සණකට. යෝජනාව අපේ ජනාධිපතිතුමාගේ ජොබ් එක කරන්නේ ජපානෙන්. බත් දාගෙන කන්ඩ පුළුවන් ලස්සණකට වැඩේ කෙරෙයි.(නදී)
වැඩක් කරනවානම් හරියට කරන්න ඕනේ. ඔය කියන, පාලම උනත්,ප්‍රමිතියට හදනවනම් හොඳයි. (නදී)
අපිනේ දන්නේ උදේට හවසට තියෙන තදබදය.(නදී)
මෙය ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් මෙයින් සල්ලි පිල්ලි ගහන අයගේ පරම්පරාවටම පව් පලදේවා! රටේ මුදල් දැක්ක තැන සාක්කුවට ඔබාගන්න කපටියන් ලංකාවට සාපයක්. (නදී)
"හොඳ දේට හොඳයි" කියන අය ඕන තරම් ඉන්න හින්ද තමයි මේ ගොල්ලෝ හැම චන්දයක්ම දිනන්නේ. අනේ මහතුනේ සුඛෝපභෝගී වාහන වලට මං තීරු හයක් හදන කොට, තව කාගේ හරි හොද්දත් බොරවෙන කොට ගමේ සුවාරිස් ටත් ගඟෙන් එගොඩ වෙන්න පා මං තීරුවකුත් හදන්න අමතක කරන්න එපා. මොකද බිලියන 45 හේ පොලිය ගෙවන්න පයින් හරි එන්න ඒ මිනිසුන්ටත් ඉඩක් දෙන්න එපා යැ. (නධී)
බුදු අම්මේ රුපියල් බිලියන 45 ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක්. ලංකාවේ ශ්‍රමය බොහොම අඩු වියදමක්. ඒ උනාට පාරක් හදන්න පුදුම වියදමක්නේ කරන්නේ. රත්තරන් වලින්ද හදන්නේ .(නදී)
හොද වැඩක් (අ)
මේ සූදානම ෆේස් බුක් විප්ලවයටද? (අ)
අපි මේක පෙරුම් පුර පුර හිටියේ ඉක්මනට ඉවර කරන්න ශක්තිය ලැබෙව (අ)
ජනාධිපතිතුමනි,ඒක ඉතාම හොඳ වැඩක්. ඒවගේම බියගම - කඩුවෙල වාහන තදබදය අඩුකරන්නත් දැනට තිබෙන කඩුවෙල පාලම පුළුල් කරන්න වෙනවා. ඒගැනත් ඔබතුමාගේ අවධානය යොමුවේවායි පතමි. (අ)
ඔය බිලියන 45 යොදල කොළඹ නගරයේ නවීන ප්‍රවාහන සේවයක් ආරම්භ කලානම් කොළඹට ඇතුල්වෙන වාහන ඉබේම පාලනය වෙනවා . අලුත් පාලමක් හැදුව කියල කොළඹ ඇතුලේ මාර්ග පළල වෙන්නේ නැත්තම් වාහන තදබදය එලෙසම හෝ වැඩිවෙයි .(අ)
කළ යුතුම වැඩක්. නමුත් මේසා විශාල මුදලක් වැය කරන මේ මාර්ගය ආවාට ගියාට නඩත්තු කිරීමට හෝ අත්හැර දමා සිටින්නට ඉඩ නො දී සිංගප්පුරුවේ කොරියාවේ ජපානයේ වගේ පුද්ගලික අංශයට දීලා හෝ හොඳින් බලා කියාගන්ට සලස්වන්ට කියලත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
මේ වගේ පාලම් හදනවා වගේ ලංකාවේ ට්‍රැෆික් ලයිට් ටිකත් හරි විදියට හදනවානම් කොච්චර හොදද. මොලේ කොලොප්පම් වෙන ට්‍රැෆික් ලයිට් ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ.ඔක්කොටම ඉස්සල්ලා මේවා සැලසුම් කරන ඉංජිනේරුවන්ට විදේශීය පුහුණුවක් ලබා දිය යුතුයි..ඒ පුහුණුව නිලධාරීන්ට නොව ඉංජිනේරුවන්ට ලබා දිය යුතුයි. (අ)
අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කරන කොටම මේ වාහන තද බදය ගැන හිතල මතල නැද්ද? රුපියල් බිලියන 45.5 ක් වියදම් කරලා ජනගහනයෙන් බහුතරයකට වැදගත් වන වැඩක් පටන්ගන්න පුළුවන්නේ. කොළොඹ රථ වාහන තදබදය ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිෂතයකටනේ අදාළ වෙන්නේ. අනේ මට නං තේරෙන්නේ නෑ(දිල්)