මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ 2 වැනි වසර සිසුහු එක්ව පසුගියදා පිළියන්දල බෝධිරාජ විදුහලේ පුස්තකාලය පිළිසකර කර දෙමින් වටිනා පොත්පත් බෙදාදීමේ පිංකමක් සිදු කළහ.
නිදහස් අධ්‍යාපනයෙන් තමන් ලද ජයග්‍රහණයන් වෙනුවෙන් අනාගත පරපුරට හා සමාජය වෙනුවෙන් කෘතගුණ සැලකීම ඔවුන්ගේ අරමුණ විය.
පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් විනෝද ක්‍රියාකාරකම් හා අධ්‍යාපනික වැඩසටහනක්ද පැවැත්වීමට සරසවි සිසු සිසුවියෝ කටයුතු කළහ.
විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම හා දායකත්වයද එම පිංකම සඳහා ලැබී තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ ඉන්නේ ඉතින් පින් ඇති දරුවෝ තමයි. හැමෝටම මොරටු යන්න බැහැනේ. (නි)
ශිලාචාර සහ දැනුවත් සමාජයකට හොඳ අඩිතාලමක් තමයි පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම. (නි)
පුස්තකාලයකට පොත් පරිත්‍යාග කරනවා කියන්නේ දැනුමෙන් පොහොසත් දරුවන් සමාජ ගත වෙනවා යන්නයි.(ම)
ආදර්ශවත්.අගය කළයුතුයි මෙවැනි දෑ (නි)
මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයත් මේ හා සමාන වැඩ සටහන් රාශියක් සිදු කරනවා..ඉදිරියටත් කැම්පස් එකක් වශයෙන් මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න හැකි වේවා.......(ම)
පින් ඇති දරුවෝ හොඳ දෙයක් අහන්නට ලැබීම සතුටක් (බ)
ඉතා හොඳයි (ම)
පුස්තකාලයක් හදා දෙනවා හෝ පොත්පත් දෙනවා කියන්නේ උතුම් පින්කමක්. මේ දරුවන් සියල්ලන්ටම සුභ පැතුම් ! (නි)