
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන වෙළෙඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා ලංකාදීපයට පැවසිය.
දැනට සිදුකරන වැටලීම්වලට අමතරව විශේෂ වැටලිම් කණ්ඩායම් මේ සඳහා පත්කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් ඉලක්ක කරමින් මෙම වැටලීම් සිදුකරන බවත් ඔහු කීවේය.
එහිදී භාණ්ඩ හා සේවාවල මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසීය.
අසාධාරණ ලෙස මුදල් අයකරන වෙළදුන්ට ඉදිරියේදි නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
මෙය හොඳ කරුණක්... කරුණාකර හොට්ලයින් අංකයක් නිර්මාණය කරන්න.. 119 වගේ... එතකොට කාටවත් මෙලෙස වෙනස් කරන්න බෑ
ගම්පහ ලියෝ කැෆේ අල්ලන්න. අසාධාරණ මිලක් අය කරනවා.
ගිය සතියෙ දිනක මා කුරුණෑගල සිට කුලියාපිටිය ට ගියා ලංගම බස් රථයක් .මා හට ලබාදුන් ටිකටිපතේ ගාස්තුව රුපියල් 154කි. මා රුපියල් 160ක් කොන්දොස්තරට දුන් අතර ඉතිරි රුපියල් 06 ආපසු නොදුන්නෙය. මා වැනි මගින් 500ක් දිනකට ගමන්කලහොත් කොන්දොස්තරට රුපියල් 3000ක අමතර ආදායමකි. මසකට රුපියල් 90000ක අමතර ආදායමකි. මේවා පාලනයට බලධාරීන් ඉදිරිපත් නොවිම වංචාව දුෂණය ඇතිවිමට ප්‍රධාන හේතුවකි.
බඩු මිල 300% සිට 400% දක්වා වැඩිකලා , මුළු රටම විනාෂ කරා.අපෙන් ගත්තු සල්ලි දැන් චන්දය ගන්න බෙදනවා ,20% අඩු කරලා බයිලා ගහනවා. බඩු මිල වැඩි කරනකොට සෑම දෙයක්ම එක සමානව අඩු වැඩි කරන්න ඕන.මේවා චන්ද ගුණ්ඩු
නිකං බොරුවක් ...සද්ද විතරයි ...වැඩ නැහැ ..
මේ කියන වැටලීම් වෙන්නේ ලංකාවේද?
අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙයක් නමුත් ක්‍රියාත්මක නොවන එක තමා ප්‍රශ්නේ , ආපන ශාලා , කඩ , බාබර් සාප්පු වැනි රටේ වියාපාරික ස්ථානවල්ලින් 90% පමණ මිල ප්‍රදර්ශන නිතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ , අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධි ධාරී රජයේ සේවකයන් ඉන්නවා වාඩි වෙන්න පුටු මේස නැතිව , කරන්න දෙයක් නැතිව ඔවුන් නිකරුනේ කාලය ගත කරනවා , ඔවුනගෙන 2-3 බැගින් කුඩා කණ්ඩායම් යොදවාගෙන , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ ප්‍රශ්නේ සතියෙන් දෙකෙන් නිරාකරණය කරන්න පුළුවන්