රාජ්‍ය සේවයේ නියුතු තමා රටට දැයට හිතැතිව සේවය කිරීමට ගොස් අන්තරාදායක ලෙස ජීවිත අනතුරට පත්වූ අවස්ථාවේදී තම ආරක්ෂාවට ගත යුතු ක්‍රියා මාර්ග වෙනුවෙන් කිසිවකු පසු පස නොයන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකදී පැවසීය.
මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ගෙන්වීම, විකිණීම ආදී ක්‍රියාවලියට වැට බැඳීමට ගත් උත්සාහයට ඇතැමුන් විරුද්ධවූ බවත් ඔහු පැවසීය.
ගම්පහ දිසාපතිවරයා සහ කාර්ය මණ්ඩලය වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ගත් බවත් ඒ මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හා සම්බන්ධ දේශපාලනඥයින්ගේ නම් හෙළි කිරීම සම්බන්ධයෙන් එම දේශපාලනඥයන්ගෙන් තමාට තර්ජන එල්ලවූ බව ඒ මහතා මීට පෙර සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd