අපරාධවලින් සොයා ගත් බව කියන මුදල් විශුද්ධිකරණයට ලක් කිරීම සඳහා ක්‍රියා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටි වෙලේසුදා ඇතුළු අට දෙනෙකු ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඔවුනට එරෙහි නඩුව ලබන ජුනියේ පැවැත්වෙන බැවින් ඒ වන තෙක් දින 14න් 14ට අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් දිර්ග කර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීට නියෝග කැරිණි.
හෙරොයින් ජාවාරම් කළැයි වෙනත් නඩුවකින් වැරදිකරු වූ වෙලේසුදා මරණ දඬුවමට නියම කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු කවදාවත් වේදිකාවට එන්නේ නැහැනේ. ඒ ගොල්ල කවදත් තිරය පිටු පස ඉන්නේ. 'විශුද්ධිකරණය' කියන්නේ කොස්ද පොල්ද නොදන්නා මේ නළුවෝ කාලෙන් කාලෙට වේදිකාවේ රඟපාල බැහැල යනවා. (බ)
ඔක්කොම නඩු අහල ඉවර වෙනකන් චුදිතය මරන්න බැහැනේ. (බ)
හෙරොයින් කොච්චර තියා ගත්ත නිසාද මෙයාට මරණ දඬුවම දුන්නේ? මෙයාගෙන් සල්ලි ගත්ත කියපු මහත්හොරුන් දැන් කොහෙද ? මේ ආණ්ඩුවේත් විසිල් විතරයි. බල්ටි නැහැ.. මුන්ට මරණ දඬුවම දෙන්න ඕන නැහැ. ඉබේ පනුවෝ ගහල මැරෙන්නේ අහිංසක මිනිස්සුන්ට කුඩු පොවලා දරු පවුල් විනාශ කරනවට. ගෑවිච්ච ගෑවිච්ච අයව කුඩුමවෙලා යන්න ඕන...(බ)
බලාගෙන ගියාම වෙලේ සුදාට වැඩිය තවත් සුදාලා ඉන්නවනේ මේ අහුවෙන කුඩු තොග බලද්දී. (බ)
මරණ දඬුවම නියම වුනානම් මොකටද අනිකුත් නඩු??(හේ)