කළු සල්ලි සුදු කළැයි කියන ගණු දෙනු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඇතුළු 40 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
රහස් පොලිසියේ මූල්‍ය අපරාධ අංශයේ නිරීක්ෂක දිනේෂ් සිල්වා අධිකරණයට පැවසූයේ කපිතාන් තිස්ස විමලසේන, ධමිත් ගොමින් රණසිංහ හා නෙවිල් වන්නිආරච්චිගේ කොමර්ෂල් බැංකු හා මූල්‍ය ආයතන ගිණුම් පිළිබද විස්තර තවම නොලැබුණු බවයි.
මෙතෙක් පැවැත් වූ පරීක්ෂණ අනූව ඔවුනට චොදනා ගොනු කිරීමට තරම් පැහැදිලි තොරතුරු නැතැයි ද එහෙත් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යන්නේ යැයි ද පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ රාජ්‍ය නිලධාරින් වැටුප් හොඳට ලබන ගමන් යන්නේ රජයෙන් නඩත්තු කරන නිල වාහනයේ, ඉන්නේ රජයෙන් දෙන නිල නිවසක හෝ ඒ සඳහා ලැබෙන මුදලින්, දුරකථන බිල ගෙවන්නෙත් රජයෙන්. නිල නාමය භාවිත කරලා දරුවන්වත් හොඳ රජයේ පාසැල් වලට දාගන්නවා. විවිධ වැඩත් කර ගන්නවා. නමුත් නමට ඉස්සරහින් ගරු කෑල්ලකුත් දාගන්නවා. (නි)
10000 වැටුප් වැඩිකරන්නෙ රජයේ සේවකයන්ගෙ විතරයි. පුද්ගලික සහ අර්ධ රජයේ සේවකයෝ මේ රටේ අය නෙමෙයි වගේ සළකන්නේ. ගරු කෑලි දාන්නෙත් මේ සියළු වරප්‍රසාද ගන්න අයටමයි. සමහරු කරන කිසිම වැඩක් නැහැ (නි)
පසුගිය රජයේ බලකනු ලෙස සිට නව රජය පත්වු විගස පෙර අයගේ වැරදි කියමින් මේ පැත්තට හේත්තු වෙන්න දඟලන ඉහළ නිලධාරින්ගේ වත්කම් ගැන විශේෂයෙන් සොයන්න. මක්නිසාදයත් එසේ කරනුයේ වැරදි කර ඇති නිසා ඒවා වසා ගැනිමට වන නිසාය. (නි)
බලාගෙන ගියාම කරපු තරම් හොරකම් වංචා කරලා තියෙන්නෙත් මේ ‘ගරු‘ අයනේ (නි)
සුනිල් මහතා 100% ක් හරි. (නි)
අපෝ තව ඉන්නවා. ඇඟට පතට නොදැනී මහජන මුදල් හා කොමිස් මුදල් ගෙන ඉඩකඩම් ගෙවල් හදමින් කළු සල්ලි සුදු කරන, එකල ඉහළ පුටු වල සිටි සහ අදටත් සිටින අය. (නි)
රටේ තිබුනු සල්ලි ටික ඔක්කෝම එක එක්කෙනාගෙ වැඩ වලටයි ගිහින් තියෙන්නේ බලාගෙන යනකොට (නි)
නිකන්ම ඉන්න දෙනවට වඩා ප්‍රකාශවත් සටහන් කරගන්න එක ලොකු දෙයක්. හොරකම් කරන්න හිතාගෙන ඉන්න අයවත් බයවෙයිනේ කියලා හිත හදාගන්නවා (නි)
ජාතික ධනය සොරකම් කිරිමිට, අල්ලස් කොමිස් ගැනීම්, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් අවභාවිත කිරිම ගැන දැඩි දඬුවම් දියයුතුයි. (නි)
වෙන කාගෙහරි නමකින් ගෙවල් ඉඩම් ගන්න එක තමයි කළු සල්ලි සුදු කරන්න තියෙන ලේසිම ක්‍රමය අපේ රටේ. (නි)
ඇයි දයාරත්න පැත්ත මාරුකිරිමත් එහෙමම තමයි. විදුලි වේගයෙන් කළු අය සුදුවෙන්නේ (නි)
හැම රජයේ ඉහළ නිලධාරියෙකුගෙන්ම වත්කම් බැරකම් ලබාගෙන, සැකසහිත කිහිප දෙනෙකුගේ ඒවා වල ඇත්ත නැත්ත හොයා බැලුවා නම් තව සෑහෙන හොරු ටිකක් අල්ලාගන්න පුවළුන්. (නි)