දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිම කැරුණු සංවර්ධන ව්‍යාපෘති ගෙවීම් වෙනුවෙන් තවත් රුපියල් කෝටි 400ක් මුදා හැරීමට රජය තීරණය කර ඇත.
රජය විසින් ආරම්භ කැරුණු සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් මුදා හැර ඇති මුළු මුදල රුපියල් කෝටි 800ක් බව ස්වදේශ අමාත්‍යංශය පවසයි.
තවත් රුපියල් කෝටි 2300ක් අවශ්‍ය බවත්, ව්‍යාපෘතිය නිමවන ආකාරය අනුව මහා භාණ්ඩාගාරය ඔස්සේ එම මුදල් මුදා හැරීමට පියවර ගන්නා බවත් ස්වදේශ අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා ඔප්පු කරගත නොහැකිවීම දුර්වල කමකි. (ස)
පාලකයෝ අවංකව රට පාලනය කළා නම් මේ රට කොච්චර දියුණු වෙන්න තිබුනද. ඇතැමෙක් සොරකම් කළොත් ඒ සඳහා තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි. එමෙන්ම එක සැරයක් වැරද්දක් කරපු මිනිහෙක් දෙවෙනි පාරටද එම වැරද්දම කිරීමට හැකි බැවින් ඔවුන්ව රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුයි. (බ)
කෝටි 800 2300 = 3100 ඒ කියන්නේ මිලියන 31000 ක්. සාමාන්‍යයෙන් මීටර් 8.2 පළලට කිලෝමීටර් 50 ක කාර්පට් පාරකට ගෙවන්නේ මිලියන 2000 යි. මිලියන් 31000 ට ඒවගේ පාරවල් 15.5ක් හදන්න පුළුවන්. අඩු ආදායම් ලාභී දිග 45 මීටර් පළල 16 මීටර් තට්ටු 16ක තට්ටු නිවසකට යන්නේ මිලියන 1000 යි.මේකෙන් ඒ වගේ ගොඩනැගිලි 31ක් හදන්න තිබ්බ. එත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ඔය එකක්වත් කරන්නේ නෑ ... එතකොට මොනවාද මේ සල්ලි වලින් කලේ ? (ස)
මෙම මුදල් පරහරණය කරන නිලධාරීන්ට තදබල නීති පැනවියයුතුයි.අවශ්‍ය දේ නොකර අයුතු ලෙස මේ මුදල් පරිහරණය කළොත් සේවය අහිමිවනවා පමණක් නොව බරපතල දඬුවම් වලට මුහුණදිය යුතුය. මන්ද මේ මුදල් රටේ ජනතාවගේ මුදල්. පේනවා නේද හිටපු ලොක්කන් මේ වගේ ව්‍යාපෘති වලින් කර තිබෙන දුෂණයන් හොයාගන්න විදියක් නැහැ කියා හෙළිවෙන හැටි? අහිංසක ජනතාව රවටන කිසිම පාලකයෙකුට කෙළින් හිටගන්න ලැබෙන්නේ නැහැ (නි)