
(අංජුල මහික වීරරත්න)
තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෙල් සාරය, ඔලියොරෙසින් සහ අවශේෂ ආකාරයෙන් ප්‍රතිඅපනයනය සඳහා තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා වූ ක්‍රියාපටිපාටියට 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම කාර්යය සඳහා 2024 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවනු ලැබ තිබේ. එකී රෙගුලාසි අනුව තෝරාගත් කුළු බඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා ව්‍යවසායන් කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපුරක ගිවිසුම් අත්සන් කර ඇත. එකී ව්‍යවසායන් හට ' අනුමතව්‍යවසාය ' තත්ත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව තෝරාගත් කුළු බඩු ආනයනය හා සැකසීම සහ තෙල් සාරය, ඔලියොරෙසින් හා අවශේෂ ආකාර වලින් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අනුමත ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා සම්පූර්ණ කරන ලද පහත සඳහන් ව්‍යවසායන් හට ' අනුමත ව්‍යවසාය ' තත්ත්වය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුළු බඩු ප්‍රති අපනයනය සමාගම් හතරකට අනුමැතිය
mangala Tuesday, 05 August 2025 04:28 PM
කෙටි ලාභ හොයන්න ගිහින් ලංකාවේ නම කන වැඩක්. පහුගිය ආණ්ඩු කරපු ගොන් වැඩේ මේ ගොල්ලන් දික් කරනවා. මේක තනිකර සමාන වෙන්නේ කොංගෝ තේ ගෙනැල්ලා ලංකාවේ පැකට් කරලා ලංකාවේ නම කොහේ හරි මුල්ලක ගහලා යවන එක. අන්තිමට වෙන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එක නිකම්ම නිකන් හාල් කෑල්ලක් ගානට වැටෙන එක. අපේ ගම්මිරිස් කුරුඳු කහ වගේ ලෝකේ තියෙන හොඳම කොලිටි කුළු බඩු වලට තියෙන ඉල්ලුම නැත්තට නැති වෙන එක...