ඝාතනය කළ හා අතුරුදන්වූ මාධ්‍යවේදීන් සිහි කර ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් අද කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි.
මාධ්‍යවේදීහු ද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද ඊට එක් වූහ.
ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මර්දනය කැරුණේ ජනවාරියේ බවත්, නැවතත් කළු ජනවාරියක් නොපතන බවත් ඔවුහු කීහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජබා කියපු දේ මම 100% අනුමත කරනවා. (නි)
මෙයාලා විතරද? ඇයි තව ඉන්නේ? අලුත් පරපුර වෙබ් එකෙන්වත් හොයලා බලන්න මෙයාලා මැරුනෙ කොහොමද කියලා (නි)
මේකේ ඉන්න අයට මතක නැහැනේ අපේ රටේ යුද්ධයක් තිබුනා කියලා. (නි)
මාධ්‍යවේදීන් තම රටට ද්‍රෝහී නොවිය යුතුයි. (නි)
මේ මාධ්‍යවේදීන් ගැන පමනක් නොව 88/89/90 වැනි කාලවල අතුරුදහන් වූ හා ඝාතනය වූ මාධ්‍යවේදීන්ටත් සාධාරණය ඉටුකළ යුතුයි. ප්‍රේමකීර්තිද අල්විස් සහ රිචර්ඩ් ද සොයිසා ගැන අද කවුරුත් කතානොකරන්නේ ඇයි. (නි)
එවන් කාලයක් යළි සිහිනෙන්වත් නොපතමු (නි)
මේ අය විතරද? තවත් ගොඩක් අය ඉන්නවා නේද? (නි)
තෝරාගත් පිරිසක් (හේ)
රිචඩ් ඩී. සොයිසා, තේවිස් ගුරුගේ වගේ අයගෙ ඡායාරූපත් මෙතන තිබුනා නම් වටිනවා. (නි)
රට පුරා ස්ථාන පහකදී මනුෂ්‍ය ඝාතන පහක් අවසන් පැය 24 තුල සිදුව ඇති බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් පහර දී කුරුණෑගල යටිවැහැරවත්ත වතුයායේ මුරකරුවා ඝාතනය කර ඇති අතර සැකකරු පැනගොස් තිබේ. සැමියා විසින් පහර දී සිය බිරිඳ ඝාතනය කිරීමක් තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත. 70 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමක් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේ අතර මිද්දෙණිය කාරියමඩිත්තේදී 25 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර වීරකැටියේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.(අ)
අපිත් ඔබ සමඟ එකතුවෙනවා (නි)
ඝාතනය කළ හා අතුරුදන් කළ මාධ්‍යවේදීන් යනු කිසිදිනක කිසිම අවියක් අත දරා නැති, අවියකට වඩා බලගතු පෑනක් අත දරා සිට , රටේ ලොකුම හොරුන්ට, මිනී මරුවන්ට වංචා කාරයින්ට, සල්ලාලයන්ට, ඉලක්ක වලට වෙඩි තැබූ මිනිසුන් කොටසකි. ඔවුන්ව විනාශකර දැමුවන්ට ෂාපයක්ම වේවා. උන්ව සොයා නිතිය හරියට ඉටුකිරිමට යහපාලන රජයටවත් හැකි වේවා කියා සිතමු . (රේ)
මේ ටිකදෙනා ගැන විතරද කතාව? තව කොච්චර අය හිටියද? (නි)
ජර්මනියේ යුදෙව්වන් බුරුතු පිටින් අතුරුදන් කළ බලපුලුවන්කාරයින්ටත් නිසි දඬුවම් වසර කිහිපයක් තුළ ලැබුනා සේ මේ අපරාධ කළ අයට සහ කරන්න අනුබල දුන් අයට නිසි කලට දඬුවම් ලැබේවි. (නි)
ප්‍රමුඛත්වය තමන් ඉපදුන මව්රට. මොනම කරුණක් මතවත් ඊට එරෙහි නොවිය යුතුයි. (නි)
අපිද ඔවුන් වෙනුවෙන් ශෝකවෙමු (නි)
ඔවුන් මරාදැමීමට එකම හේතුව රටට සමාජයට ඇත්ත ඇති සැටියෙන් පැවසිම නම්, ඔවුන් මරාදැමීමට නියෝග කළවුන්ටද, මිනීමරුවන්ටද, මෙම මරණ පිළිබඳ පරීක්සන යටගසන කිසියම් පුද්ගලයෙක් සිටී නම් ඔවුන්ටද, මේ සියලු කාරණා ගැන හොඳ අවබෝධයක් ඇති අණදුන් සහ මිනීමරුවන් හොඳින් හඳුරන නමුත් තම මුනිවත රකිමින් කාලය මරන අදාළ නීති අංශ වල මේ සිද්ධි වලට සම්බන්ධවුවන්ටද ශාප වේවා! (නි)
අපේත් පැතුම එයයි (නි)
මේ ජනවාරියේ එහෙම දේවල් වුණේ නැහැනේ (නි)
ඔය ඝාතනය කළ අයගේ විස්තර හොඳින්ම හොයලා බැලුවොත් නරකද? (නි)