කළු ගඟේ ජලයට මුහුදු වතුර මිශ්‍රවීම නිසා කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වැසියනට කරදිය බීමට සිදුවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ කළු ගඟේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ගඟ හෑරී කරදිය ගඟ ඉහළට ගමන් කරන බවයි.
ජල සම්පාදන මණ්ඩලය පැවසූයේ එම ගැටලුවට ස්ථිර පිළියමක් ලෙස තෙබුවන ප්‍රදේශයෙන් කළු ගඟ හරස් කර ‘ලවණ වැටක්‘ ඉදි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් සිටින බවයි. තාවකාලික විසඳුමක් හැටියට පොදු ස්ථාන 160ක පමණ පානීල ජල ටැංකි ස්ථාපිත කර ඇති බවත් එම කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලවණ බාධකයක් හොඳයි. එ්ත් ජලසම්පදනේ මහත්තුරු කියන්නේ වියලි කාලයට ගඟට එකතුවෙන ජල ප්‍රමාණයට වඩා ජල යෝජනා ක්‍රම වලට ජලය පොම්ප කිරීමට සිදුව ඇති බවයි. මෙයට හේතුව ජල සම්පාදනේ මූලික සැලසුම් කරණයේ ගැටළු බවයි. මේ ගැනත් සොයා බලන්න. බලධාරීන් මේ ගැන නිහඩ ඇයි? (බ)
මමත් ඉන්නේ ඒ ප්‍රදේශයේ තමයි මේ කාලෙට ලුණු වතුර හරි ලැබෙන එක ලොකුදෙයක්,ජල සම්පාදන මහත්වරුන්ටම මේකට දොස් පවරල වැඩක් නෑ,දේශපාලකයෝ ඡන්දේ කාලෙට විතරක් දුක සැප හොයල මදි.. (බ)
වතුර කපනකොට කියන්නෙත් නැහැ ටෙලිෆෝන් කරාම උත්තර දෙන්නෙත් නැහැ. ඒ තමයි කළුතර ජලසම්පාදන කාර්යාලය. හැබැයි ඉතින් ඇමතිලගේ සද්දෙකුත් නැහැ. (බ)
කලුතර මිනිස්සු කලු ගගේ මේ තරම් වතුර තිබිලත් අවුරුදු ගානක ඉදලා වතුරට ලුනු මිශ්‍ර වීම නිසා පීඩා විදිනවා. මේතරම් දියුණු යුගයක විසදුමක් නොදීම ගැන ජලසම්පාදනේ ලැජ්ජා වෙන්න ඕන. වතුර බිල් ලුනු වතුර එන කාලෙටත් ගෙවනවා. (අ)