අපේ කලා ශිල්පියෙක් ඉන්නවලු පානදුර පැත්තෙ. එයාට ගාලු පාරට නුදුරින් තව ගෙයක් තියෙනවා කුලියට දීලා.
දරැවොත් ලොකුවෙලා, ඒගොල්ලන්ටත් දැන් දරැවො ඉන්න නිසා මේ ශිල්පියා අර අමතර නිවස විකුණන්න තීරණය කළාලු. පත්තරවල, වෙබ්සයිට්වල දැම්මට හරි ගිහිල්ලා නැහැ. කට්ටිය ඉල්ලන්නෙ තුට්ටු දෙකටලු. ලක්ෂ 95කට මිසක් ඊට අඩුවෙන් නම් දෙන්නෙ නැහැ කියලයි ඔහු කියන්නෙ.
බැරිම තැන අර ගෙදරට හැරෙන පාර ළඟ මෙයා බෝඩ් එකක් ඇඳලා දැම්මලු, ගෙයි ලස්සන පින්තූරෙකුත් එක්ක. ගැලු පාරෙන් ගෙදරට මීටර 150ක දුරක් තියෙන නිසා ඊතලයක් ඇඳලා "150M" කියලත් දැම්මලු. ඒත් ගේ බලන්න කට්ටිය එන්නෙ නැතිලු. දවසක් වාහනයකින් ගෑනුකෙනෙක් ඇවිත් කතා කළාලු.
"ඕගොල්ලන්ට පිස්සුද? මේ ගාණට මේ පළාතෙ ගෙවල් ගනීද මෙච්චර ලොකු ගාණකට? මිලියන 150ක්? කොළඹ හතේ ගන්න පුළුවන්නෙ ඒ ගාණට... ?"
"ඒත් නෝනා අපි විකුණන්නෙ ඒ ගාණට නෙවෙයිනෙ. කවුද එහෙම කිව්වෙ?"
"ඇයි අර පාරෙ බෝඩ් එකක් තියෙන්නෙ මේ ගේ විකුණන්න තියෙනවා. 150ML කියලා. ඒ කියන්නෙ මිලියන 150 ක්නෙ..."
"අනේ නෝනට වැරදිලා. අපි දැම්මෙ 150M කියලා. ඒ කියන්නෙ ගාලු පාරෙන් ගෙදරට දුර මීටර 150 ක් කියලා...*
ඔහු වහාම බෝඩ් එක තියෙන තැනට ගිහිං බැලුවලු. ඇත්ත නේන්නම්. කවුරැහරි කෙනෙක් "M" "L" අකුරක් ඇඳලා.
ඔහුගේ පවුලේ කට්ටිය කේන්තියෙන් පුපුරනවා. ඒත් අපේ ශිල්පියා කේන්ති ගත්තෙ නැහැ.
"මේවට තමයි කියන්නෙ කළකම් පලදෙනවා කියලා. මමත් තරැණ කාලෙ ඒ වගේ වැඩක් කළා. දැන් මටම ඒ දේ වුණා.
"මොකක්ද තාත්තෙ ඒ කතාව"
"අපේ ගමේ ලස්සන ගෙයක් කුලියට දෙන්න තිබුණා. ගෙයි ඉස්සරහ &TO LET* කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. මම දවසක් රූ විනෝදෙට වගේ ඒ වචන දෙක මැද්දට "I" අකුරක් ඇන්දා. ඒක "TOILET" වුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd