උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ කිහිපයක් එම මිලට වඩා වැඩි මිලකට විකිණූ වෙළෙඳුන් 285 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

උත්සව සමයේ ද දිගටම වැටලීම්   කරන බව එම අධිකාරිය පවසයි.

වියළි හාල්මැස්සන් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 410ක් දක්වාද, පරිප්පු කිලෝවක්  රුපියල් 169 දක්වාද, කට්ටා කරවල කිලෝවක් 1100 දක්වාද , සාලයා කරවල කිලෝවක්   රුපියල් 425 දක්වාද, කඩල කිලෝවක් රුපියල් 169 දක්වාද, දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 295ක්  දක්වා අඩු කැරිණි.