යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම ආදී කරුණුවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (7) කීවේය.
බැන් කි මූන් මහතා 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී රජයත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදී යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම, මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සොයා බලන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද රඹුක්වැල්ල මහතා පැවසීය.
වත්මන් දේශපාලන තත්ත්වය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම කරුණු කීය.
යුද්ධය අවසන් වී දින දෙකකට පසු 2009 වසරේ මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මෙරට සංචාරයක නිරත වූ බවත් එහිදි ඔහු පෙන්වාදුන් දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව කීවද යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බවට කිසිදු අවස්ථාවකදී පොරොන්දු නොවූ බව ද රඹුක්වැල්ල මහතා පැවැසීය.
රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට හෝ අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට අයිතියක් නැතැයි ද ඔහු එහිදි පෙන්වාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් අස්වෙන්න දෙයක් නැහැ. ජනතාව අස්කරලා ඉවරයි (නි)
ඔය කව්රු කව්රුත් පිටරටවල ඉන්න බෑන්කි මූන්ලා වගේ අයට කඩේ යන්නේ නැතුව ලංකාවේ ඉන්න දේශප්‍රේමී කාටහරි එකතුවෙලා කඩේ ගිහින් හරි අපිට ඉතුරුවෙලා තියෙන කොටසවත් බේරාගන්න බලන්න. නැත්නම් අපිට ශාප කරන්නේ අපේ මතු පරපුර. (නි)
නියමයි. ඔහොම යමුකෝ (නි)
අස්වෙන්න අවශ්‍ය නැහැ . ඊළඟ මැතිවරණයේදී ජනතාව ඒ යුතුකම ඉෂ්ට කරාවි. ඇත්තටම අර ඕස්ට්‍රේලියාවේදී වැටුනට පස්සේ තිබුනනේ අස්වෙන්න. (නි)
දිසානායක මහත්තයෝ, මොනවද මේ කතා කරන්නේ. දැන් මම ඉල්ලා අස්වෙන්න , එක එකට වචනයක් නෙමෙයි 2009 අත්සන් කරපු ගිවිසු මෙම තියෙනවනේ. හොදින් බැලුවා නම් පෙනෙයි.බොරු කයිය ගහන්න එපා. (අ)
අනේ මේ විදියට කීදෙනෙක් නම් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙනවා කිව්වද? කවුද අස්වුණේ? දොළ පිදේනිය අත්ඇරලා කවුරුත් යන්නේ නැහැ. හොරකම් ඔප්පු වුණොත් බඩ කපා ගන්නවා කිව්වා හිටපු අය. කපා ගත්තද? (නි)
මෙයාලා කියන දේවල් ගණන් ගන්න එපා. එදා ඕස්ට්‍රේලියාවේ ගිහින් වුණ සිද්ධියට හරිනම් ඉල්ලා අස්වෙන්න තිබුනේ. ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරයෙක් නම් එදාම අස්වෙන්නේ ඒ වගේ වැඩ වලට (නි)
අර ඕස්ට්‍රේලියාවේ සිද්ධිය වෙලාවෙදියි අස්වෙන්න තිබුනේ. අනේ මේ වගේ අය! (නි)
මහින්ද යුද්ධය දිනා ගන්න නොයකුත් දේ පොරොන්දු වුනා මොකක්ද ප්ලස් ප්ලස් එකකුත් දෙනවා කීව නමුත් දීපු ලබු ගෙඩියක් නැහැ එ්කයි ද්‍රවිඩයින් තරහ. පිට පට ගහගෙන සිටිය ප්ලස් ප්ලස් ගන්න (බ)
බෑන් කී මූන් මහත්මයා 2009 දී ඇවිල්ලා යන්න යන මොහොතේදී හිටපු ජනාධිපතිට දුන්නා නේද යම්කිසි ලියවිල්ලක් අත්සන් කරන්න. අන්න ඒ කොළයේ තමයි අපිටත් ගැටළුව තියෙන්නේ (නි)
මේ බොරුවට කෑගහන්නේ නැතුව ඉන්න. අපි ඡන්දදායකයෝ ඔයාලට වැඩිය බුද්ධිමත්. (නි)
මෙයාලගේ කතා අපිට හොඳට පුරුදුයි. (නි)
අපේ රටේ කිසිම ආණ්ඩුවක් ,වෙනත් රාජ්‍යයක් සමඟ අත්සන් කරන ගිවිසුම්වල තොරතුරු ජනතාවට ලබානොදීම ප්‍රජාතන්ත්‍රවිරෝධී කාර්යයක් කියලයි මම නම් හිතන්නේ. මහින්ද මහත්තයා අත්සන් කරපු ලියවිල්ලත් එහෙම එකක්. මේවා සඟවන එක ජනතාද්‍රෝහී නොවේද? (නි)
මහින්ද ඒ මොනවා අත්සන් කළත් ඒවා ක්‍රියාත්මක කරන්න මේතරම් දැඟලුවේ නැහැ නේද? (නි)
ඔබතුමා අර බැල්කනියෙන් වැටිච්ච් වෙලාවේ එපායැ අස්වෙන්න. දැන් මොනවටද? (නි)
අපේ ඡන්දදායකයෝ ඔයාලට වැඩිය බුද්ධිමත්. අපි පිළිගන්නවා යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම ආදී කරුණු වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව. එ්කද දැන් මේ කියන්නේ (නි)