හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව කියූ භාණ්ඩ තොගයක් පිළිබඳව විමර්ශනයක් කළ බව මහනුවර මුලස්ථානය පොලිස් පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මහනුවර පොලිසිය මගින් (02)දින මහනුවර පිහිටි මෙම නිවස පරික්ෂා කර ඇත.
එහිදි හිටපු ඡනපතිගේ රුව සහිත භාඡන පොත් පත් හා පුටු සෙට් අතුළු උපකරණ ප්‍රමානයක් එම නිවසේ තිබි සෝදිසි කල බවද ඓ්වා මහනුවර පොලිස් මුලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිපුන දෙහිගම මහතා ඇතුලූ නිලධාරින් කල විමර්ශනයේදි ඒවා නිත්‍යානුකුල බවත් ඓ්වා කිසිවක් අත් අඩංගුවට නොගත් බවද රඹුක්වැල්ල පැවසිය.
එම භාණ්ඩ කොළඹ කුරුදුවත්ත කැප්පැටිපොල නිවසේ තිබි (01) දින මහනුවර පුෂ්පධාන මාවතේ පිහිටි නිවස වෙත ලොරි 2 කින් ගෙනවිත් ඇති බවද පැවසිය.
ඒ අතරම කෙහෙලිය රඹුක්වැල්ල ඇමති තුමාගේ සම්බන්ධිකරන ලේකම් වරයෙකුගේ මාවිල්මඩ පිහිටි නිවසකින් ඩිෆෙන්ඩර් ජිප් රථයක්ද කටුගස් තොට පොලිසිය මගින් සොයාගෙන ඇත.
රඹුක්වැල්ල මහතා පැවසුයේ මෙම සියලූ භාණ්ඩ නිත්‍යනුකූල බවයි.
‘මා හට මඩ ගැසිමේ අරමුණින් පොලිසියට තොරතුරු සපයා තිබෙනවා. මාවිල්මඩ මාගේ ලේකම්වරයාගේ නිවසේ තිබු ඩිෆෙන්ඩර් රථය ද නීත්‍යනුකුයි. මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්, අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති බවත්, නමුත් මා සන්තකයේ සියලුම ලිපි ලේඛන ඇති බවත් මේ සම්බන්ධව පොලිසියට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිපෙන්ඩර් දෙකක් මාස තුනක් ඇතුලත රුපියල් එක් කෝටි අසු ලක්ෂයකට ගත්තලු. කොහෙන්ද අප්පේ ඔච්චර සල්ලි. මාධ්‍යයට ඇවිත් ආණ්ඩුවේ වැරදි වාහන එකනේ කළේ. (නදී)
ලක්ෂ 180 ක් ඉතුරු කරලා වාහන ගන්න මෙයා කල රස්සාව මොකක්ද.? (ර)
දහම්, ලංකාව දෙස ඔලුවෙන් හිටගෙන නොව දෙපා වලින් සිටගෙන බලන්න. (නි)
ලංකාවේ අලුත්ම තහනම් ද්‍රව්‍ය 1. ලැම්බෝගිනි 2. ඩිෆෙන්ඩර් 3. හමර් 4. කෝප්ප (නදී)
මේක ඇත්තටම දේශපාලන කුහකකම. නැතිනම් මෙහෙම අනුන්ගේ ගෙදරවල්වල තියෙන දේවල් දැන් ඇයි මෙයාලා හොයන්නේ. අනික මහින්ද දිනුවානම් මෙහෙම හොයයිද? මේක තනිකරම දේශපාලන පලිගැනීමක් විදිහට මම දකිනවා. මේ තත්වය වලක්වා ගත හැක්කේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් ජනාධිපති පුුටුවට පත් කර ගැනීමෙන් පමණක් බවත් මම හිතනවා. (නදී)
මේක තමයි කියන්නේ බලය තියෙද්දී මොළය නැහැ මොළය තියෙන්දී බලය නැහැ කියලා. ජනතා අධිකරණයට ඔබ හැම දෙනෙකුටම යන්න සිදුවෙනවා කියලා විතරක් හැම දෙනෙකුම මේ සිදුවීම තුළින් ආදර්ශයක් ලබාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
මේ ඩිෆෙන්ඩර් රථ පැටව් ගහනවද ? (නදී)
අනේ මන්දා මේවා! (නි)
මේ වගේ වත්කම් ලැබුණේ කොහොමද? (නි)
මේවා හොයන්නේ මේවාට වියදම්කළ සල්ලි පොදු මහජන මුදල් වන නිසා (නි)
මගේ ගාවත් මේ නම ගහපු කෝප්පයක් තියෙනවා පොලීසීයෙන් පනීවිද දන්නේ නෑ (දිල්)
ලක්ෂ 180 ලැබුණේ කොහෙන්ද (දිල්)
ගොඩක් අය ප්‍රතිචාර දමන්නේ හේතු නොදැන. පසුගිය රජයට කවුරු පත්වුණත් අවුරුදු 5 ක් වගේ කාලයකදී රුපියල් කෝටි ගණනක පොහොසතෙක් වුණ බව දන්නේ නැද්ද ? අර ඇරපු සැලුන් දොරෙන් ඇතුළට ගියාම තනිකර සුරපුරයක් වගේ වුණා (නි)
උල තියන්න ඕනේ කියපු බොරු වලට. (නදී)
රෙදි සෝදන යන්ත්‍ර තිබුනේ නැද්ද? (නදී)
මහින්ද මහතාගේ රුව සහිත යමක් ළඟ තබාගැනීම නීතියෙන් තහනම්ද ආයුබෝවන්ඩ? (දිල්)
අපුල්ලනකොට දෙන දේවල් මිස හොර වැඩක් නමේ පව් අහිංසකයා (නදී)
අපි වාහන ගනුදෙනුවක් ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවට නොකිව්වොත් එය නිතිය කැඩීමක් ඔබ තුමාට එහෙම නැද්ද ? (නදී)
මේ කාගේ මුදල්ද?(හේ)
අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති ව වාහන පාවිච්චි නොකරන ලෙස නේද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් කියන්නේ.(හේ)
මහින්ද මහතාගේ රුව සහිත යමක් ළඟ තබාගැනීම නීතියෙන් තහනම් නෑ , එනමුත් මේවාට වියදම් කල මුදල් ජනතාවගේ බව දැනගත යුතුයි .(හේ)
මොනවද මේ බඩු. මේවා අපේ ගෙවල්වලත් තියෙනවනේ. ඉක්මනට හංගන්න ඕන.(දිල්)
"මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්" මේවා කොහින්ද සල්ලි කරපු රැකියාව මොකද්ද ,(හේ)
දින සියයට මේවා විතරක් නම් කරලා හරියන්නේ නෑ (දිල්)
මේවාගෙන් ඇති පාරසරික හානි මොනවද?(හේ)
බල මලු කෑවනම් විඳවපන් බළලෝ,(හේ)
දේශපාලන ව්‍යාපාරයෙන් උපයපු මුදල් (නදී)
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියවු!! (නි)
අනේ කවුරු හරි අර ඡන්ද කාලේදී සිරිසේන මහත්තය කිව්ව කුමාරවරුන් 3 දෙනාට මහින්ද අරන් දුන්න හෙලිකොප්ටර් 3 තියෙන තැනක ඔත්තුවක් එතුමාට දෙන්නකෝ. කියපු කතාව බොරු නෙමෙයි කියල ඔප්පු කර ගන්න විදිහක් නැතිව එතුමා හිර වෙලා ඉන්නේ. (නදී)
නදීක මේවා වලින් පරිසර හානියක් නෑ එත් අපේ සාක්කුවට නම් හානියක් වෙනවා. (හේ)
මේවා හොය හොයා ඉන්නවට වැඩිය හොඳ නැද්ද ආ වැඩේ කළා නම්. (නි)
කොහොමද මේ සල්ලි ලැබුණේ කියලා හොයලා බලන්න (දිල්)
ලක්ෂ 180 කොහෙන්ද ?මේ තරම් සල්ලි ගොඩක්, මෙතන අදහස් දාන සමහර අයට ප්‍රශ්නේ වෙන එකක්. ඒත් මේ දෙසපාලකයෝ ටික කොහොම සල්ලි හෙවිල්ලක් හොයලා තියෙනවද? (දිල්)
මිනිසුනි, ලංකාව කන්නේ නැතුව ඕනෑ එකක්. පොළවේ කකුල් දෙක තබා අපිට කියලා නිදහසේ සිටගන්නවත් තිබෙන්නේ මෙපමණයි (නි)
ලාල් ඔයා ගැන එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්. (නදී)
මේ ඇමතිවරයා හරිම හොද කෙනෙක්. එහෙම එකේ නිකම් මෙහෙම කරන්න හරිම පව්.(හේ)
මෙයා අර නින්දෙන් ඇවිදින ක්‍රීඩකයාගේ කවුද ? (නදී)
අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වංචා දූෂණවල නිරත වුණ හිටපු දේශපාලනඥයින් ප්‍රසිද්ධියේ මේ විදිහට පරීක්ෂා කිරීමට අදාළ කටයුතු නිදහස්ව කරගෙන යාමට අවශ්‍ය නිදහස පොලිසිය වැනි ආයතන වලට ලබාදීම පිළිබඳව. සමහරු මේ ක්‍රියාව විවිධ විදිහට අර්ථකථනය කරන්න පුලුවන්. මේක කොහොමත් දේශපාලන පළිගැනීමක් විදිහට අර්ථකථනය කරලා සාමාන්‍ය මිනිස්සු හරිම අමාරුවෙන් ගෙවන මහජන බදු මුදල් බාල්දු කරන්න හදන්න එපා කියලා මම මෙහි අදහස් දක්වන සියලු දෙනාගෙන්ම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
රෙදි සෝදන යන්ත්‍ර තිබුනේ නැද්ද? කළු සල්ලි සුදු වෙනකම් හෝදන්නද? මෙහාට එන සමහර අයට අතිතය අමතක වෙනවා ඉක්මනට. නුවන් ලක්ෂ 180 ලැබුණේ කොහෙන්ද? මේකත් අහන්න දෙයක්ද? රඹුක්වැල්ල මහතා හිටපු ඇමති කෙනෙක්, ළමයෝ. ඉතින් එයාට සල්ලි නැතිවෙන්නේ කොහොමද ඕවා ගන්න. (නදී)
දහම්, අැයි අස්සයෝ 3 දෙනා. ලැම්බෝගිනි කෝ ඒවා. ඡන්දෙට කලින් පිට කළා කියන්නේ බොරු නිසාද (නදී)
ඇමතිලාට පඩිය ඇරෙන්න වෙන සල්ලි ලැබෙන ක්‍රම තියෙනවද කියලා දැනගන්න තමයි වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න කියන්නේ? ඇමති කෙනෙක් වුණ පළියට සල්ලි ලැබෙන්න පඩිය හැරෙන්න වෙන සාධාරණ විදියක් නැහැනේ. (නි)
හරි දේ හෙවුවොත් නේද හොඳ? පාර්ලිමේන්තුවෙ වැරදි නැති කවුද ඉන්නේ? (නි)
මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලීසිං එකක් දාලා වාහනයක් ගත්තහම ආදායම් බදුකාරයෝ පස්සෙන් එළවනවා.ලක්ෂ 180ක් දීලා වාහන ගන්න අයට තව වත්කම් කොච්චර ඇද්ද?බදු නිලධාරීන්ට දැන් පුළුවන්නේ වත්කම් ගැන හොයන්න. (නි)