හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව කියූ භාණ්ඩ තොගයක් පිළිබඳව විමර්ශනයක් කළ බව මහනුවර මුලස්ථානය පොලිස් පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මහනුවර පොලිසිය මගින් (02)දින මහනුවර පිහිටි මෙම නිවස පරික්ෂා කර ඇත.
එහිදි හිටපු ඡනපතිගේ රුව සහිත භාඡන පොත් පත් හා පුටු සෙට් අතුළු උපකරණ ප්‍රමානයක් එම නිවසේ තිබි සෝදිසි කල බවද ඓ්වා මහනුවර පොලිස් මුලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිපුන දෙහිගම මහතා ඇතුලූ නිලධාරින් කල විමර්ශනයේදි ඒවා නිත්‍යානුකුල බවත් ඓ්වා කිසිවක් අත් අඩංගුවට නොගත් බවද රඹුක්වැල්ල පැවසිය.
එම භාණ්ඩ කොළඹ කුරුදුවත්ත කැප්පැටිපොල නිවසේ තිබි (01) දින මහනුවර පුෂ්පධාන මාවතේ පිහිටි නිවස වෙත ලොරි 2 කින් ගෙනවිත් ඇති බවද පැවසිය.
ඒ අතරම කෙහෙලිය රඹුක්වැල්ල ඇමති තුමාගේ සම්බන්ධිකරන ලේකම් වරයෙකුගේ මාවිල්මඩ පිහිටි නිවසකින් ඩිෆෙන්ඩර් ජිප් රථයක්ද කටුගස් තොට පොලිසිය මගින් සොයාගෙන ඇත.
රඹුක්වැල්ල මහතා පැවසුයේ මෙම සියලූ භාණ්ඩ නිත්‍යනුකූල බවයි.
‘මා හට මඩ ගැසිමේ අරමුණින් පොලිසියට තොරතුරු සපයා තිබෙනවා. මාවිල්මඩ මාගේ ලේකම්වරයාගේ නිවසේ තිබු ඩිෆෙන්ඩර් රථය ද නීත්‍යනුකුයි. මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්, අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති බවත්, නමුත් මා සන්තකයේ සියලුම ලිපි ලේඛන ඇති බවත් මේ සම්බන්ධව පොලිසියට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියගේ ගෙදරත් ඡන්ද බඩු
අජිත් කරුණාරත්න Thursday, 05 February 2015 02:11 AM
ඩිපෙන්ඩර් දෙකක් මාස තුනක් ඇතුලත රුපියල් එක් කෝටි අසු ලක්ෂයකට ගත්තලු. කොහෙන්ද අප්පේ ඔච්චර සල්ලි. මාධ්‍යයට ඇවිත් ආණ්ඩුවේ වැරදි වාහන එකනේ කළේ. (නදී)
දිනුෂ Thursday, 05 February 2015 11:28 AM
ලක්ෂ 180 ක් ඉතුරු කරලා වාහන ගන්න මෙයා කල රස්සාව මොකක්ද.? (ර)
නිලංග Wednesday, 04 February 2015 12:13 PM
දහම්, ලංකාව දෙස ඔලුවෙන් හිටගෙන නොව දෙපා වලින් සිටගෙන බලන්න. (නි)
ධනංජය Thursday, 05 February 2015 02:51 AM
ලංකාවේ අලුත්ම තහනම් ද්‍රව්‍ය 1. ලැම්බෝගිනි 2. ඩිෆෙන්ඩර් 3. හමර් 4. කෝප්ප (නදී)
ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 03:21 AM
මේක ඇත්තටම දේශපාලන කුහකකම. නැතිනම් මෙහෙම අනුන්ගේ ගෙදරවල්වල තියෙන දේවල් දැන් ඇයි මෙයාලා හොයන්නේ. අනික මහින්ද දිනුවානම් මෙහෙම හොයයිද? මේක තනිකරම දේශපාලන පලිගැනීමක් විදිහට මම දකිනවා. මේ තත්වය වලක්වා ගත හැක්කේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් ජනාධිපති පුුටුවට පත් කර ගැනීමෙන් පමණක් බවත් මම හිතනවා. (නදී)
ගයේෂා Friday, 06 February 2015 03:57 AM
මේක තමයි කියන්නේ බලය තියෙද්දී මොළය නැහැ මොළය තියෙන්දී බලය නැහැ කියලා. ජනතා අධිකරණයට ඔබ හැම දෙනෙකුටම යන්න සිදුවෙනවා කියලා විතරක් හැම දෙනෙකුම මේ සිදුවීම තුළින් ආදර්ශයක් ලබාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)
දුමින්ද Thursday, 05 February 2015 03:37 AM
මේ ඩිෆෙන්ඩර් රථ පැටව් ගහනවද ? (නදී)
ටිරාන් Thursday, 05 February 2015 04:07 AM
අනේ මන්දා මේවා! (නි)
චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 05 February 2015 04:29 AM
මේ වගේ වත්කම් ලැබුණේ කොහොමද? (නි)
කාංචන පෙරේරා Thursday, 05 February 2015 05:09 AM
මේවා හොයන්නේ මේවාට වියදම්කළ සල්ලි පොදු මහජන මුදල් වන නිසා (නි)
ලාල් Wednesday, 04 February 2015 08:25 AM
මගේ ගාවත් මේ නම ගහපු කෝප්පයක් තියෙනවා පොලීසීයෙන් පනීවිද දන්නේ නෑ (දිල්)
නුවන් Wednesday, 04 February 2015 08:37 AM
ලක්ෂ 180 ලැබුණේ කොහෙන්ද (දිල්)
පත්මසිරි Wednesday, 04 February 2015 04:39 PM
ගොඩක් අය ප්‍රතිචාර දමන්නේ හේතු නොදැන. පසුගිය රජයට කවුරු පත්වුණත් අවුරුදු 5 ක් වගේ කාලයකදී රුපියල් කෝටි ගණනක පොහොසතෙක් වුණ බව දන්නේ නැද්ද ? අර ඇරපු සැලුන් දොරෙන් ඇතුළට ගියාම තනිකර සුරපුරයක් වගේ වුණා (නි)
තල්හාරි Wednesday, 04 February 2015 08:44 AM
උල තියන්න ඕනේ කියපු බොරු වලට. (නදී)
ජයසේන Wednesday, 04 February 2015 08:45 AM
රෙදි සෝදන යන්ත්‍ර තිබුනේ නැද්ද? (නදී)
රොහාන් Wednesday, 04 February 2015 08:53 AM
මහින්ද මහතාගේ රුව සහිත යමක් ළඟ තබාගැනීම නීතියෙන් තහනම්ද ආයුබෝවන්ඩ? (දිල්)
සුනිල් Wednesday, 04 February 2015 05:07 PM
අපුල්ලනකොට දෙන දේවල් මිස හොර වැඩක් නමේ පව් අහිංසකයා (නදී)
පාලිත Wednesday, 04 February 2015 08:59 AM
අපි වාහන ගනුදෙනුවක් ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවට නොකිව්වොත් එය නිතිය කැඩීමක් ඔබ තුමාට එහෙම නැද්ද ? (නදී)
විමුක්ති Wednesday, 04 February 2015 09:01 AM
මේ කාගේ මුදල්ද?(හේ)
සාලිය Wednesday, 04 February 2015 09:01 AM
අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති ව වාහන පාවිච්චි නොකරන ලෙස නේද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් කියන්නේ.(හේ)
ලසන්ත Wednesday, 04 February 2015 09:05 AM
මහින්ද මහතාගේ රුව සහිත යමක් ළඟ තබාගැනීම නීතියෙන් තහනම් නෑ , එනමුත් මේවාට වියදම් කල මුදල් ජනතාවගේ බව දැනගත යුතුයි .(හේ)
චන්දරේ Thursday, 05 February 2015 06:35 AM
මොනවද මේ බඩු. මේවා අපේ ගෙවල්වලත් තියෙනවනේ. ඉක්මනට හංගන්න ඕන.(දිල්)
අසේල Wednesday, 04 February 2015 09:14 AM
"මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්" මේවා කොහින්ද සල්ලි කරපු රැකියාව මොකද්ද ,(හේ)
මාලති Thursday, 05 February 2015 06:38 AM
දින සියයට මේවා විතරක් නම් කරලා හරියන්නේ නෑ (දිල්)
නදීක Wednesday, 04 February 2015 09:14 AM
මේවාගෙන් ඇති පාරසරික හානි මොනවද?(හේ)
ශාන් Wednesday, 04 February 2015 09:24 AM
බල මලු කෑවනම් විඳවපන් බළලෝ,(හේ)
තිලක් - කුවෙට් Wednesday, 04 February 2015 09:33 AM
දේශපාලන ව්‍යාපාරයෙන් උපයපු මුදල් (නදී)
චන්ද්‍ර වීරසිංහ Thursday, 05 February 2015 08:14 PM
සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියවු!! (නි)
දහම් Wednesday, 04 February 2015 09:42 AM
අනේ කවුරු හරි අර ඡන්ද කාලේදී සිරිසේන මහත්තය කිව්ව කුමාරවරුන් 3 දෙනාට මහින්ද අරන් දුන්න හෙලිකොප්ටර් 3 තියෙන තැනක ඔත්තුවක් එතුමාට දෙන්නකෝ. කියපු කතාව බොරු නෙමෙයි කියල ඔප්පු කර ගන්න විදිහක් නැතිව එතුමා හිර වෙලා ඉන්නේ. (නදී)
ගමගේ Wednesday, 04 February 2015 09:45 AM
නදීක මේවා වලින් පරිසර හානියක් නෑ එත් අපේ සාක්කුවට නම් හානියක් වෙනවා. (හේ)
දෙව්මිණි Thursday, 05 February 2015 09:29 PM
මේවා හොය හොයා ඉන්නවට වැඩිය හොඳ නැද්ද ආ වැඩේ කළා නම්. (නි)
ජෝන් Thursday, 05 February 2015 08:07 AM
කොහොමද මේ සල්ලි ලැබුණේ කියලා හොයලා බලන්න (දිල්)
කෝසල Wednesday, 04 February 2015 10:05 AM
ලක්ෂ 180 කොහෙන්ද ?මේ තරම් සල්ලි ගොඩක්, මෙතන අදහස් දාන සමහර අයට ප්‍රශ්නේ වෙන එකක්. ඒත් මේ දෙසපාලකයෝ ටික කොහොම සල්ලි හෙවිල්ලක් හොයලා තියෙනවද? (දිල්)
ප්‍රනාන්දු Wednesday, 04 February 2015 09:09 PM
මිනිසුනි, ලංකාව කන්නේ නැතුව ඕනෑ එකක්. පොළවේ කකුල් දෙක තබා අපිට කියලා නිදහසේ සිටගන්නවත් තිබෙන්නේ මෙපමණයි (නි)
දිනුසා Wednesday, 04 February 2015 10:06 AM
ලාල් ඔයා ගැන එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන්. (නදී)
ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 08:46 AM
මේ ඇමතිවරයා හරිම හොද කෙනෙක්. එහෙම එකේ නිකම් මෙහෙම කරන්න හරිම පව්.(හේ)
සමන්ති Thursday, 05 February 2015 12:28 AM
මෙයා අර නින්දෙන් ඇවිදින ක්‍රීඩකයාගේ කවුද ? (නදී)
ගයේෂා Friday, 06 February 2015 01:24 AM
අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වංචා දූෂණවල නිරත වුණ හිටපු දේශපාලනඥයින් ප්‍රසිද්ධියේ මේ විදිහට පරීක්ෂා කිරීමට අදාළ කටයුතු නිදහස්ව කරගෙන යාමට අවශ්‍ය නිදහස පොලිසිය වැනි ආයතන වලට ලබාදීම පිළිබඳව. සමහරු මේ ක්‍රියාව විවිධ විදිහට අර්ථකථනය කරන්න පුලුවන්. මේක කොහොමත් දේශපාලන පළිගැනීමක් විදිහට අර්ථකථනය කරලා සාමාන්‍ය මිනිස්සු හරිම අමාරුවෙන් ගෙවන මහජන බදු මුදල් බාල්දු කරන්න හදන්න එපා කියලා මම මෙහි අදහස් දක්වන සියලු දෙනාගෙන්ම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
නන්දලාල් Wednesday, 04 February 2015 10:28 AM
රෙදි සෝදන යන්ත්‍ර තිබුනේ නැද්ද? කළු සල්ලි සුදු වෙනකම් හෝදන්නද? මෙහාට එන සමහර අයට අතිතය අමතක වෙනවා ඉක්මනට. නුවන් ලක්ෂ 180 ලැබුණේ කොහෙන්ද? මේකත් අහන්න දෙයක්ද? රඹුක්වැල්ල මහතා හිටපු ඇමති කෙනෙක්, ළමයෝ. ඉතින් එයාට සල්ලි නැතිවෙන්නේ කොහොමද ඕවා ගන්න. (නදී)
ලීල් Wednesday, 04 February 2015 10:28 AM
දහම්, අැයි අස්සයෝ 3 දෙනා. ලැම්බෝගිනි කෝ ඒවා. ඡන්දෙට කලින් පිට කළා කියන්නේ බොරු නිසාද (නදී)
චමිල Wednesday, 04 February 2015 10:50 AM
ඇමතිලාට පඩිය ඇරෙන්න වෙන සල්ලි ලැබෙන ක්‍රම තියෙනවද කියලා දැනගන්න තමයි වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න කියන්නේ? ඇමති කෙනෙක් වුණ පළියට සල්ලි ලැබෙන්න පඩිය හැරෙන්න වෙන සාධාරණ විදියක් නැහැනේ. (නි)
චමීර Wednesday, 04 February 2015 10:51 AM
හරි දේ හෙවුවොත් නේද හොඳ? පාර්ලිමේන්තුවෙ වැරදි නැති කවුද ඉන්නේ? (නි)
ගාමිණී Wednesday, 04 February 2015 11:24 AM
මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලීසිං එකක් දාලා වාහනයක් ගත්තහම ආදායම් බදුකාරයෝ පස්සෙන් එළවනවා.ලක්ෂ 180ක් දීලා වාහන ගන්න අයට තව වත්කම් කොච්චර ඇද්ද?බදු නිලධාරීන්ට දැන් පුළුවන්නේ වත්කම් ගැන හොයන්න. (නි)