(රෝෂන් තුෂාර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි "ඉමියුනෝගලොබින්" හා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන "රිටොක්සි මැප්"ප්‍රමිතියෙන් තොර යැයි කියන ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස නියෝග කළමාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බාල ඖෂධ එන්නත් වර්ග 45 මෙරටට ආනයනය කර ඇත්ද නැද්ද යන්න පිළිබඳ වාර්තාව ලබන 10 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරමින් දන්වා සිටියාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන රසායනාගාරයකට ප්‍රතිදය එන්නත් යොමු කිරීමේ නියෝගය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නිකුත් කෙරිණි.
බාල ඖෂධ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
නඩුවේ එකොලොස්වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන ජීවිත අවධානම් තත්ත්වයක පසුවන හෘද රෝගියෙක් බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔහුව ඇප මත මුදා හරින බව දන්වා සිටියාය.
ඒ අනුව සැකකරු ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දෙමින් සැකකරුට සෑම මසකම පලමු සහ අවසන් ඉරු දින උදෑසන 9-12ත් අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හා විදේශ ගමන් තහනම් කරමින් ඇප නියෝග නිකුත් කලාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්නම එපා නඩුව ඉවරවෙනකල්. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව මාරු වුණොත් බඩුම තමයි...
රක්ෂිත බන්ධනාගාර ගත කරන්න දඬුවමකට නොවන බව රටේ වැඩි දෙනා දන්නේ නැති කරුණක්
කොහෙළියට ආයිත් ගෙදර යන්න බැ. නඩුව ඉවර වුණ හැටියේ අවසාන කාලය ජම්පරේ තමයි අදින්න වෙන්නේ... මේ කරපු අපරාධ වැඩවලට
අවදානම් තත්ත්වයේ හෘද රෝගියෙක්... එයා වස බෙහෙත් ගේන කොට ඒ තත්ත්වයට රෝගීන් පත්වීම ගැන හිතල නෑ නේද? ඉතින් මොකටද එවැන්නෙක් ගැන මානුෂිකත්වය දක්වන්නේ....
කෙහෙළිය උසාවි එන වායු සමීකරණය කරපු වැන් එක කාගෙද? බස් එකේ එන්න බැරිද?