පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ ලලිත් හා කූගන් අතුරුදහන් වීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද නියෝග කළේය.
2011 දෙසැම්බර 09 වැනි දා සිට අතුරුදන් වී ඇතැයි කියන ලලිත් හා කූගන් දෙදෙනා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිනා බවට ජනමාධ්‍ය ඇමැතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ දිනවල කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීමක් මත 2015 මාර්තු 25 වැනි දා අධිකරණය ඔහුට සිතාසි නිකුත් කර තිබිණි.
එම සිතාසිය අනුව අධිකරණයේ පෙනී නොසිටි ඔහුට පසුගිය වසරේ අන්තිම වරෙන්තු නිකුත් කළේය.
කෙසේ වෙතත් අද අධිකරණයේ ඔහු පෙනී සිටි අතර අධිකරණ භාෂාපරිවර්තක අද නොපැමිණීම නිසා ලබන මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස රඹුක්වැල්ල මහතාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තුවක් නිකුත් කලාම පෙනී නොසිටියහොත් වෙන සන්තැසිය දන්නවනේ, අගය කරන්න දෙයක් නෑ නේ (අ)
එය උතුරේ වාගේම දකුණේත් විය යුතුය.(හේ)
එහෙනම් පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන දේවල් වල හැටියට හැමදාම උසාවියේ ඉන්න වෙයි.(හේ)
කෙහෙළිය රඹුක්වැල්ලට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙනී සිටීම අගය කළ යුතුයි .නමුත් භාෂා පරිවර්තක පෙනී නොසිටීම අසාධාරනයි. පළමුව අධිකරණයේ සේවකයන් විනය ගරුක විය යුතුයි. (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)