ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සැලසිනේ ආයතනයේ ගිණුමේ තිබූ රුපියල් මිලියන 11.4ක් එහි සුබ සාධන ගිණුමකට මාරු කිරීමෙන් මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (8) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
පෙරවරු 9.30ට එහි ගිය ඔහුගෙන් පස්වරු 1.45 දක්වා ප්‍රශ්න කැරිණි.
කටඋත්තරය අවසානයේ ඔහු ජනමාධ්‍යවේදීන් මග හරිමින් සිය මෝටර් රථය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ගරාජය වෙත ගෙන්වාගෙන පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලා මාළු කෑවා නම් විඳින්න වෙනවා. ඒත් මේ යාන්ත්‍රණයට තවම බැරි වුනා කුම්බලා මාළු කෑ අය හඳුනා ගන්න. (බ)
ඉදිරියේදී මේ වගේ ගොඩක් අය මාධ්‍ය මග හරිවි.(ම)
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
දෙන්න පිළිතුරු නැතුවද දන්නෙ නැහැනේ (නි)
ඇයි දන්නෙ නැහැ නේද මාධ්‍යයට ගොඩක් දේශපාලඥයො අකමැති? (නි)
ඉස්සර මාධ්‍ය නැතුව ඉන්න බැරිවුණ ඇමතිතුමාට මේ මොකක්ද හදිසියේම වුණේ? (නි)
මාධ්‍යයට කොහොමත් එයාලා අකමැතියි (නි)
දැන් තමයි කල්පනාවෙන් කටයුතු කරන්න වෙලාව. (නි)
ඡායාරූප ගනී කියලා වෙන්න ඇති නොයන්න ඇත්තේ. (නි)
මොකක්ද දන්නෙ නැහැ එතුමාට මාධ්‍යයට මුහණදෙන්න බැරි හේතුව? (නි)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගෙන් අදහසක් නැත්තේ ඇයි? හැබැයි ඔප්පු කරන්න බැරි නම් චෝදනා හොඳ නැහැ. (නි)
කාගේ කාගේත් වැරදි තියෙනවා. 20 ට ඇමති මණ්ඩලේ අඩු කරනවා කියල ජන්දේ අරගෙන වෙන දෙයක් කිරීමත් ජන මතය මංකොල්ල කෑමක් . (අ)