හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර අද (16) ප්‍රකාශ ලබාදීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට පැමිණියහ.

2014 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ස්වාධීන රූපවාහිනියේ සභාපති වූ රොස්මන්ඩ් සේනාරත්න එම ධූරයෙන් හේතුවක් නොමැතිව ඉවත්කොට ඒ සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුර සිරිවර්ධන පත්කිරීම සහ ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ දැන්වීම් නොමිලේ පළකොට ආයතනයට රුපියල් මිලියන 115 ක මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් ගැන මෙම තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට අද එහි කැඳවා තිබිණි.

Keheli_20159162 Keheli_20159163 Keheli_20159164 Keheli_20159165 Keheli_20159167