කෙනෙහිලිකම් නිසා තම රාජකාරී ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඒ ගැන වගකිවයුත්තන්ට දැනුම් දී ඇති බවත් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය එසැණට පැවසීය.
‘මා මෙතනට එන්නට පෙර කොන්සියුලර් අංශය බෙහෙවින් දුර්වල තත්ත්වයක තිබුණේ. ඒ දිනවල ලංකාදීප එසැණ මේ දුර්වලතා ගැන අනාවරණය කළා. මා එයින් හොඳ වැටහීමක් වැටහීමක් ලබාගෙන සෑම නිලධාරීයකුගේම සහායෙන් මිනිසුන්ට හොඳ සේවයක් ලබා දුන්නා.ඉහළ නිලධාරීන් නිසා මා පමණක් නොවේ අනික් නිලධාරීන්ටත් ගැටළු ඇති වෙලා.එක් නිලධාරිනියක් සදුදා පිටව ගියා. මට එන ෆැක්ස් පවා බලන අය ඉන්නවා. ’
මේ ගැන විමසීමට වැඩබලන තානාපති ගෝතමී ඉඳිකඩහේන මහත්මිය සම්බන්ධ කැර ගැනීමට උත්සාහ කළත් එය සාර්තක නොවිය.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුයේ මේ ගැන තමන්ටද ආරංචි ලැබී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන තිබෙන ප්‍රශ්නය මේ කාන්තාව නම්,තියෙන ප්‍රශ්නයක් එයාගෙන්ම අහන්නකො (නි)
ගිය තැන හත් පොලේ ගාගන්නවා. අයියෝ! (නි)
පුදුම උත්තරයක්නෙ දීලා තියෙන්නේ.. එයා ඒක දන්නවා නම් ඇයි ඒ ගැන වහාම කටයුතු නොකරන්නේ..? (නි)
අපේ තානාපති සේවයත් දැන් වළ පල්ලට ගිහිල්ලා. (නි)
මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ (නි)
එයාව නැවත එවන්න! (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්නා ශ්‍රි ලාංකික සම්බවයක් ඇති අයගෙන් 75% පමණ ඕස්ට්‍රේලියානු පුරවැසියන්.එනිසා ඒ අය ඔය තානාපති කාර්යාල පැත්තේ නම් යනවා අඩුයි. තානාපති කාර්යාලයටත් කරදරයක් නැහැ. (නි)
වැරදිලා එහෙම නෙමෙයි නේද? (නි)
අනිත් ඔක්කොම වැරදියි. වැඩ බැහැ. ඇය ඉතාමත්ම නිවැරදියි. වඩාත් හොඳටම වැඩත් පුළුවන්. හරි දක්ෂයි. (නි)
බොරු කතා කියන්න එපා හොදේ ඔන්න (නි)
පරිස්සමෙන්. (නි)
වීනා වයන අය හොයාගන්න බැරි වුණාද? (නි)
ගියොත් තැනකට පැටලැවිල්ලක්මයි. (නි)
පෙළපාලි ගියේ ඕකට තමා ,ඒක කවුරුත් දන්නවා (නි)
කව්ද කියන්න ඉතාලියේ පෙන්ෂන් නැහැ කියල.දන්නේ නැති මෝඩ කතා කියන්න එපා.එක හම්බවෙන්නේ අවරුදු 68න පස්සේ පස්සේ.
මමත් කියන්නේ හේමන්ත තානාපතිතුමා අයෙත් එවන්න කියලා . මමත් ඉතාලියේ අවරුදු 20ක් .
රනි බුලත්වෙල මහත්මිය අප දන්නා පරිදි ලන්ඩන් නුවර නීතීඥවරියකි. ඇය ලංකාවේ ඉන්න බැහැ, දේශපාලන වශයෙන් හෝ රජයේ හමුදා වලින් හෝ ත්‍රස්තවාදීන්ගෙන් තම ජීවිත වලට තර්ජනයක් තිබෙනවා කියූ සිංහල, දෙමල, මුස්ලිම් ලාංකිකයින් සහ අමු කොටින්ට දේශපාලන රැකවරණ අරන් දී යහමින් හම්බ කරගත් කෙනෙකි. අනිත් පසින් මැය කොටින්ට විරුද්ධව පෙළපාලිද සංවිධානය කලාය. ශ්‍රීලංකා රාජ්‍ය නායකත්වය ලන්ඩන් වලට පැමිණෙන අවස්ථා වලදී ඇය සෙනග පිරිවරාගෙන හමුවෙන්නට යන අවස්ථාද තිබුණා. ඇය මේ සියල්ල කලේ 'උප තානාපති' කමක් ගන්නද? අප අසා ඇති විදියට නම් මේ තානාන්තර දරන්නේ විදේශ සේවා විභාග සමත් උදවියයි. පදවිය ඉතාලියට ලැබුන එක ගැන මම සතුටුයි හේතුව මෙය සුන්දර දඬුවමක් නිසා. මොකද ඇය බලාපොරොත්තු වුනේ වුනේ ලන්ඩනයේ වැඩ කරන්නයි. (දී)
පිටිගල මිලානෝ ඔබ හරි. රාණි ජවිපෙ ක්‍රියාකාරිනියක් කියලා ලන්ඩනයට ආවේ සරණාගතයෙක් ලෙස. ඇවිල්ල කරපු කෙලි හැමෝම දන්නවා. පස්සේ වාසි පැත්තට හොය්යා වෙලා ශ්‍රීලනිප උනා. ලන්ඩනයේ රාණි කොටින්ට විරුද්ධව කරපු මගුලක් නැහැ. අනුන් කරපු වැඩවලට මුක්කු ගහලා ෆොටෝ පත්තරවල දාගත්තා. හැමෝටම කිව්වා එයා තමයි කරන්නේ කියලා. ඒත් වැඩකරන වැදගත් උගත් පිරිස මේවට උත්තර දෙන්න ගියේ නැහැ. මහින්ද ජනාධිපති තුමාට විරුද්ධව චන්ද්‍රිකා අක්කා එක්කයි හිටියේ. පස්සේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව අරගෙන තියෙනවලු. (දී)
පිටිගල මිලානෝ, දැන් නීතිඥකම ගහලා ගිහිල්ල. පොඩ්ඩක් හොයල බලන්නකෝ, දැනගන්න පුළුවන් වෙයි ඇයි තහනම් කලේ කියලා. (දී)
මාභරණ රණසිංහ අනුන්ෙග් කුණු හොදන් නැතිව තමුන්ෙග් වැඩක් බලාගත්තොත් හොදයි නේද ?ඔයාට කීයක්හරි ගෙවනවද?(දී)
කවුද පියල් කියන්නේ? (නි)
චමින්ද මඩවල, දන්නේ නැති හින්දයි අහන්නේ. ඉතාලියේ තානාපති ගියහම වැඩබලන තානාපති ගෝතමී ඉඳිකඩහේන මහත්මියයි. උප තානාපති කියලා තනතුරක් රෝමේ නැහැනේ. එහෙනම් රාණි බුලත්වෙලා කොහොමද නැති තනතුරක් බොරුවට පාවිච්චි කරන්නේ? මේක නීති විරෝදියි. ලන්ඩනයේත් මේවගේම නීති විරෝදී වැඩ කරලා තියෙනවලු. ඒවා හරියන්නේ නැහැ ඉතාලියට. අපි පාරට බහිනවා. (දී)
රෝමය ගිනි ගත්තට ගනන් ගන්න එපා, මෙහෙ නීරෝ වීනා වයනවා. (ස)
පිටිගල මහතා ඔබ දන්නේ නැති ගොඩක් දේවල් තිබෙනවා. මෙයාට අයෙත් නම් මෙහෙ නීතිඥ වැඩ වලට 'ලයිසන්' නැහැ. වැඩක් වත් පන්ගාර්තු කරන්න යනවා නම් හොඳින් හොයල බලන්න ඇයි තහනම් කලේ කියල. එක පැත්තකින් කොටින්ව මෙහෙ පැල කරන ගමන් පොටෝ පත්තරවලට දාගෙන රටේ නායකත්වය රවටපු කෙනෙක් මෙයා. ඉතාලියේ තානාපති කාර්යාලයේ දීර්ග කාලයක් මැයට ඉන්න ලැබේවා කියල පතමින් මම නවතිමි.(දී)
මෙහේ විතරක් නොවේ, සමහර තානාපති කාර්යාල වල කිසිම පරීක්‍ෂාවක් නැහැ. වැඩ නොකරන අය ලොක්කන්ට පන්දම් අල්ලලා වැඩ කරන බව පෙන්වමින් වැඩ නොකර සිටීටම් කලාව අනුගමනය කරනවා. ලොක්කොත් නොදන්නවා වාගේ ඉන්නාවා. එහෙමත් නැත්නම් හොඳටම රැවටිලා (බබාලනේ). වැඩ කරන නිලධාරීන් රැක ගන්න හා ආරක්‍ෂා කර ගන්න ක්‍රමයක් නැති නිසා. නිස්සෝ බලු වෙලා කුක්කෝ රජ වෙනවා. කාට කියන්නද? කවුද හොයා බලන්නේ. (ස)
පිටිගල මිලානෝ - මාභරණ රණසිංහ ලන්ඩන් - වීරේ මහත්වරුනි මට කියන්න තියන දේවල් ඔයාල කියල තියෙන්නෙ. අනුන් කරපු වැඩ වලට ලකුණු දාගෙන තමයි රාණි කියන කෙනා ඔය තත්වෙට ආවේ. මෙහෙ ඉඳන් කරන දේවල් වලට අපිට පුළුවන් ඉතින් මේ වගේ කොමෙන්ට් එකක් දාන්න විතරයි. මිණි කැට යට යනකොට ගොම රිටි උඩ එනවා කියන්නෙ ඕවට තමයි. (දී)
කෝ මේ නීරෝ ඉක්මනට වීනාවත් අරන් එන්ටෝ.... (ස)
ආපෝ මේ කුණුගොඩ ලන්ඩන් වලින් ගිය එකමයි හොඳ. ලන්ඩනය විනාස කලා. වෙම්බ්ලි වල මනේල්ගේනුයි, නීතිඥ මාභරණගෙනුයි ඇහැව්වනම් කියාවි රාණි ජයලත් ගැන. කිසිම කෙනෙක්ට වැඩ කරන්න දුන්නේ නැහැ. බාල්දි පෙරලුවේ. කැලා පත්තර, පෙත්සම් ගහන්න හරි දක්ෂයි. බොරු ගොතන්නත් රුසියෙක්. දේශපලඥයින්වත් හොදටම දැන් ඉතාලිවල කට්ටියට ප්‍රශ්න, අපි නිදහසේ ඉන්නවා (දී)
විදේශ නියුක්තිකයන් හැටියට ශ්‍රී ලංකා තානාපති සේවය ගැන හොඳ වැටහීමක් අපට තියෙනවා.. (ස)
අපි ඉන්න රටෙ නම් ලංකාවේ තානාපති කාර්යාලයක් ඇත්තෙත් නැහැ. මෙහෙම දේවල් වෙන නිසා අපිට ඕනෙත් නැහැ. (ස)
නිකන් බොරුවට සද්දේ දාන්නේ නැතුව ඉන්නවද. ඉස්සරම ඔයාලානේ ලගින්ම හිටියේ.(දී)
කමල් ඔබ හරි ලොක්කා කුක්කට බයවෙලා කුක්ව හුරතල් කරනවා. මේ ප්‍රංශය ගැන එහෙම නොවෙයි අපි කියන්නේ. (ස)
එහම කියන්න එපා හොඳ තැනුත් තියනවා. තානාපති සේවයට ගන්න ඕනි සුදුස්සන් මිසක් පැරදිච්ච දේසපාලකින් නෙමෙයි. (ස)
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නැවත එන්ඩ ඕනේ හේමන්ත වර්ණකුලසුරිය මහත්තයා. එතකොට ඒ මහතා හිටපු කාලේ වගේ ඉරිදාත් වැඩ කරාවි.මහජනතාවට බොහොම හොඳට සලකාවි . රාජකාරිය ඉටුකර දේවි. අපිට නැවත රියදුරු බලපත්‍රය හදා දුන්නට එතුමාට පින් .තව ටික කාලයක් හිටියා නම් පෙන්ෂන් එකත් හදලා තමා යන්නේ .අපේ කරුමේ ..අලුත එන කුරේ මහත්තයට මේවා පෙනේවා............ (ස)
මෙයා දවසක් ජනාධිපති තුමා ලන්ඩනයට පැමිණි වෙලාවේ "අපි තමයි කොටින්ට විරුද්ධව ලන්ඩනයේ පෙළපාලි යන්නේ" කියාගෙන වයසක නන්දා ඇන්ටි ඇතුළු කිහිප දෙනෙක් සමග ගියාලු හම්බ වෙන්න. එතකොටත් ජනාධිපතිතුමා සාකච්චා කරමින් ඉඳල තියෙන්නේ ඇත්තටම ත්‍රස්ත විරෝධී පෙළපාලි සංවිධායක වරුන් සමග. මෙයාට උන් හිටි තැන නැති වුනාලු වුන ලැජ්ජාවට.(දී)
පුක්කුසයෝ ඔබත් ගියාද මේ නඩේ එක්ක? (දී)
පොලිසියේ, හමුදාවේ, ආණ්ඩුවේ ලොක්කෝ විතරක් නොවේ දේසපාලකයොත් පිටරට ගිහින් පොලිටිකල් ගහනවා . ඔය ගොල්ලන්ටත් ඉතින් ............!! (ස)
ඉතාලියේ වැඩ කලාම විශ්‍රාම වැටුපක් නැද්ද දෙයියනේ? කෝ මේ පිටිගල? ඔයාල අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඔය විශ්‍රාම වැටුපවත් හදන්ට බලන්ට. (ස)
ලැජ්ජයි. මේවා වෙන්නේ පිටරට තියෙන ලංකාවේ ආයතනවල විතරයි. අපි එකට වැඩ කළයුතුයි. එතකොටයි ලොකු සේවයක් අපි පඩි ගන්න ස්ථානයට කරන්න පුළුවන්. (නි)
ලාල් කින්ස්බරි, අැයි ඔයත් හිටියා මතක නැද්ද? (නි)
මෙහෙම වුණොත් නම් ශ්‍රී ලාංකිකයන්ට අනාගතයක් නැහැ. (නි)
ඔතන හූනියමක් තියෙන්න පුළුවන් (නි)
ඉතාලියට හොද තානාපති කෙනෙක් පත් කරන්න (නි)
ගිය තැන විනාශයි. (නි)
තව ටිකක් පැහැදිලි මදි (නි)
මම මුලින්ම කිවුවනේ ඉස්සෙල්ලහම ඔතන ඉන්න පරණ හොරු ටිකයි, හොර ගෑනු ටිකයි පන්නල දාලා ඔතන සුද්ද කරන්න ඕනේ .කුණු තියාගෙන වැඩ කරන්න බැහැ ගඳ ගහනවා.මෙවැනි අය ඔතන ඉන්නවා කියලා රටම දන්නවා. (ස)
ඉතාලි ජනතාවට දෙයියන්ගේම පිහිටයි.කාලෙකින් මෙහෙම නෝනා කෙනෙක් මේ රටට පත්වෙලා තියෙන්නේ.වැඩ පෙන්නන්නකෝ.කොහෙන් නවතිවිද කියලා නම් දන්නේ නැහැ (නි)
දැදිගම මෝඩයෝ, ඉතාලි පෙන්ෂන් එක ලංකාවේ තානාපති කාර්යාලයෙන් හදා ගන්න බැහැ. ඒකට යනවා 'ඉන්ප්ස්' කියන ආයතනයට. හැබැයි ඒක හම්බ වෙන්නේ අවුරුදු හැට අට වුනාම. ෂුවර්ද එතකල් ඉඳියි කියලා? (ස)
ඇය පැමිනි දා සිට බොහෝ දේ විශාල ගාලගෝට්ටියක් බවට පත්ව ඇත. (නි)
තානාපති කාර්යාලයට අපේ ඕනෑකමක් ඉටු කරගන්න සම්බන්ධ වෙන්න කිසිදු මාර්ගයක් නැහැ. අඩු තරමේ දුරකථන පවා ක්‍රියා විරහිතයි. උත්සාහ කර බලන්න (නි)
හොර දේශපාලකයන් භංගවේවා! (නි)