විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොච්චර දුක් විඳිනවද කීයක් හරි හම්බකරලා ගෙදර දරු පවුල් නඩත්තු කරන්න. එහෙම යවන සල්ලි වලිනුත් යැපෙන මේ වගේ පහත් මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්නාවි කියල අපි බලාපොරොත්තු වෙනවා (නදී)
අනේ මන්දා. කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. නීතිය අතට ගත්ත අයට දඬුවම් කරන්න කෙනෙක් කැහැනේ. (ස)
8 වෙනිදාට අපි අවංක වෙමු (නි)
සමහරුන්ගේ ලොව දිනන මඟ මේකද දන්නෙ නැහැ (නි)
මේ සමන් දෙවියන්ගේ අඩවියයි. අපවිත්‍ර වැඩවලට දේව දඩුවම් ලැබෙනවා. (නදී)
මංගල සමරවීර මහත්තය කියපු විදියටම මෙයාල ඡන්දෙන් පස්සේ කැවුම් කිරිබත් කන්ඩ වගේ හදන්නේ. (නදී)
වෙඩි තියලා මේ ජයග්‍රාහී ගමන නවත්වන්න බැහැ (නදී)
කවුරු නමුත් මේ දඟලන්නේ රටට තවත් අපකීර්තියක් ගෙනෙන්නයි. මේවාට උත්තර දෙන්න වෙන්නේ ජාත්‍යන්තර සමුළු වලදියි. (නි)
එකම පාලකයා දීර්ග කලක් රට පාලනය කරන කොට මෙහෙම දේවල් වෙනවා . එකනේ ලෝකයේ බොහෝ රටවල පාලකයෝ දෙපාරෙන් ගෙදර යන්නේ ( ගඩාබි, සදාම් හුසේන් ,බසාර් අල් අසාද් ,පොල්පොට් හැර ) (බ)
ජනවාරි 8 වෙනිදා හංසයාට කතිරය ගහලා අපේ රට බේරාගනිමු. (නි)
ඇයි සමහරු මෙච්චර බය? (නි)
මේ වගේ මැර දේශපාලන ක්‍රියාකාරකම් නවත්වන්න පියවර නොගන්නේ ඇයි? පක්ෂය තුළ පාලනයක් නැතුවාද? (නි)
මේක කොටියාගේ වැඩක් රාජපක්ස පවුල මේ ගැන මොකුත් කරන්නෑ පවු. (බ)
බියගුළු නිවට ප්‍රහාරය තරයේ හෙළ දකිමි. (ඉස්සර අපි මෙවැනි අදහස් දැම්මේ කොටි අපේ අසරණයන්ට වෙඩි තියල මරද්දී) (නදී)
කොහොමත් ජාතයන්තරයෙන් අපේ රටට තිබ්බ කිර්ති නාමය දැන් දැන් පලුදු වේගෙනයි යන්නේ. (නදී)
නිශාන් මහත්තයා. 8 වෙනිදා නියමාකාරයෙන් උත්තර දෙන්න. (නදී)
අනේ මන්දා අපිට නම් මේ කාලේ හැටියට මේවා ගැන මොකුත්ම කියන්න බැහැ (නි)
මේ දේවල් වල අවසානයක් නැද්ද? (නි)
අනේ මන්දා! මෙහෙම ගියොත් වේදිකා හදන එකත් නවත්වන්න වෙයි (නි)
රතිඤ්ඤා වුණත් අන්තිම හරිය පත්තුවෙලා ඉවරවෙනකොට හරි සද්දෙයි. ඒ වගේම හරි කලබලකාරියි (නි)
අපිටත් ප්‍රවේශම් වෙන්න වගෙයි වෙන්නේ (නි)
මේවායින් අන්තිමට කැතවෙන්නේ කාගේ නමද? (නි)
මිනීමරුවන්ට වුනත් ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනවා.(හේ)
ඒකාධිපති වියරුව පරාජය කරමු.නිදහස් නිවහල් රටක් ගොඩ නගමු.(හේ)