IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


කහවත්ත ඝාතනයේ සැකකරුවකුට නීතීඥ සහාය

කහවත්තේ මවත් දියණියත් මරා දැමීමේ නඩු භාණ්ඩ වන ත්‍රීරෝද රියක්, කවිච්චියක් හා කරාබු කුට්ටමක් රහස් පොලීසිය අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි වෙනුවෙන් අද නීතීඥවරු දෙදෙනෙක් පෙනී සිටියහ. ඔහුට ප්‍රාදේශීය සභා රැස්වීමට යාමට අවසර දෙන්නැයි ඔවුහු ඉල්ලූහ. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය කීවේ ඒ සඳහා බලය ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්ට බවත්, ඒ සඳහා ඔහුගෙන් අවසර ගත යුතු බවත්ය. ලොකුගම් හේවගේ දර්ශන නොහොත් රාජු, ඔහුගේ බිරිය වන මොරපිටියගේ රසිකා චාන්දනී උදය කුමාරි (31), ජයසේකර විතානලාගේ සනත් නන්දන හෙවත් චූටි මල්ලි සහ ලොකුගම් හේවගේ ධර්මසිරි මැයි 28දා තෙක් නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

කහවත්ත ඝාතනයේ සැකකරුවකුට නීතීඥ සහාය

ප්‍රසන්න Monday, 14 May 2012 04:26 PM

සමන්ගෙ කතාව ගොඩක් නිලධාරීන්ටත් අදාලයි....

:       0       0

ප්‍රගීත් Monday, 14 May 2012 04:35 PM

ඇත්තටම ආසියාවේ විතරක් නෙමෙයි මුලු පෘථිවියේම ආශ්චර්යමත් රට ලංකාව වෙන්නයි යන්නේ.එක ඇමතියෙක් හාමුදුරුවන්ගෙ මූනටම කියනවා "මමනම් හාමුදුරුවනේ වයින් ටිකක් විතරයි බොන්නෙ" කියල.එහෙම කියල දිව්්‍යය ලෝකෙ සැප ගන්න හැටි කතා කරණවා.ඒ උනාට රූපවාහිණී චැනල් එකේ වයින් බොන දර්ශනයක් ගියොත් ඒකට කො‍ටු දානවා.තව දේශපාලඥයෙක් මිනී මරල,කුඩු විකුනල හිරේ ගියාට පස්සෙ උසාවියෙන් ටික දවසකට ආයෙ දේශපාලනේ කරල එන්න ගිහින් එන්න ඉල්ලනවා.තව ඇමතිල පූජා භූමි ලඟ බාර් අරින්න හදනවා.අනේ මන්දා.......

:       0       0

ලාල් ගලබඩ... Monday, 14 May 2012 04:40 PM

ඕවා ද වැඩ. එදා ඉතාලියට මගේ දුවා දරුවනි කියා තාත්තා කෙනෙක්‌ ආවා,පසුව යූරෝ වංචාවකට ලක්‌ව ගොස්‌ දැන් කුඩු රජෙක්‌ මිනීමරුවෙක්‌ වන චූදිතයකුට නීතිතර්ක යොදා පෙනී සිටින්නේ උසස් අයගේ බලතල මත,මෙහෙව් රටක්‌ ......

:       0       0

චමල් Wednesday, 16 May 2012 08:06 AM

එයාල ඡන්දෙ දීල නැතිව ඇති. ඒකයි එහෙම උනේ...

:       0       0

දර්ශන Tuesday, 15 May 2012 09:33 AM

ඉස්සරහටත් ඔහොමම තමයි.....

:       0       0

දිනේෂ් - සෞදි Monday, 14 May 2012 05:31 PM

මේ මිනිස්සු අනිවාරයයෙන්ම පොරකයට යවන්න ඕනි. අහින්සක ජිවිත දෙකක් උදුරගත්ත.

:       0       0

බූරුවා Tuesday, 15 May 2012 09:34 AM

මෙයා ඡන්දෙ දිනුවේ කාගෙ මනාපෙන්ද දන්නේ නෑ

:       0       0

indu Monday, 14 May 2012 05:31 PM

මේ මිනිහ ඇදුමක් ඇදගෙන ද පළාත් සභා රැස්වීමට යන්න අවසර ඉල්ලන්නේ මෙහෙම ගියොත් හිරගෙවල් වල ඉන්න හැමෝමත් මගුල් ගෙවල් වල යන්නත් අවසර ඉල්ලා හිටි කුඩු විකුණලා කාන්තාවෝ දෙන්නකු මරලා හිරේ ඉඳගෙන රැස්වීමට යන්න අවසර ඉල්ලනවා එල්ලුම් ගහට යවන්න ඕනේ වෙනකොහෙවත් නෙවේ

:       0       0

හනුමා Monday, 14 May 2012 06:17 PM

ඇත්තට මහා පරිමාණෙන් කුඩු ජාවාරම් කරල නිදන් හාරල අපචාර කරල මහජනයා වෙනුවෙන් කතා කරන්න අයිතියක් තියෙනවාද?

:       0       0

ජයලත් Monday, 14 May 2012 06:47 PM

මොන ඡන්දෙද පෝරකයට යවනවා මිසක්

:       0       0

වීරසිංහ Monday, 14 May 2012 07:00 PM

නීති වේදීන් ඉන්නේ හොරු රකින්න ද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 07:23 PM

මේ රටේ බලය ඇති පාලකයින්ට හා දේශපාලනඥයින්ට රටේ නීතිය එක ආකාරයකිනුත් අසරණ අහිංසක කිසිවක් කරකියාගත නොහැකි පුද්ගලයෙකුට තව විදිහකටත් කටයුතු කරනු පෙනෙයි. මෙය නීතියට පමණක් නොව සමස්ත සමාජයේම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බලවත් අපහාසයකි. නීතිය කුමන ස්වරූපයෙන් අර්ථ දක්වා ඇතත් මේ රටේ තවමත් නීතිය සෑම පුරවැසියෙකුටම එක සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ දැයි සිතා බැලිය යුතුය. මිනීමැරීම, මත්ද්රකව්ය බිස්නස්, පාතාල අපරාධ, ස්ත්‍රී දූෂණ ආදී වැරදි ක්‍රියාවල නියැලීම එකකි. ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරීම තවත් එකකි. අද දේශපාලන වශයෙන් විරුද්ධ ආකල්ප දරණ පුද්ගලයාටද සලකන්නේ පාතාල අපරාධ, ස්ත්‍රී දූෂණ සිදුකළ මැරයෙකුට සලකන අයුරින් වීම වර්තමාන නීතිය ඇදවැටී ඇති තත්වය කදිමට නිරූපණය කරන සන්ධිස්ථානයක් වී තිබේ. සුදුවෑන් කෙරෙහි ඇතිබිය නිසා මේ පිළිබඳ කතාබහ කිරීමද වර්තමානයේ බියජනක කාර්යයකි.

:       0       0

අලිබබා Monday, 14 May 2012 07:47 PM

මේ සියල්ලක්ම අසාධාරණයන් බව අපි දනිමු. අප කෙසේ කෑගැසුවත් කෙසේ උද්ඝොෂණ කලත් පලක් වන්නේ නැත. මන්දයත් ලංකාව නැමති කුඩා දිවයින අපචාරයේ, දුරාචාරයේ, තෝතැන්නක් වෙමින් පවතී. ආචාර්යවරුන්පවා දුරාචාරය කරන යුගයකට අප පිවිසෙමින් සිටිමු. මේ සියල්ලටම හේතු සාධකය වනුයේ අද රටේ පවතින දේශපාලනික නීතියයි. මේ නිතින් සමිපාදනය කරණු ලබන්නේ කවරෙක්ද? මැතිඇමතිවරුන් සියල්ලන්ගේ ක්‍රියාකාරිත්වයන් කෙසේවන්නේද? ඒ රටේ අනාගතය සැලසෙන්නේද ඒ තීරණයන් අනුවය. එයට විරුද්ධව ඒකරාසිවි යහපත් සමාජකුමයක් ඇතිකරගැනීමට කටයුතු කිරීම අප සැමගේම වගකීම වන්නේය.බිම වාඩිවීමටත් ඇත්ත කථාකිරීමටත් බියවිය යුතු නැතිබව අපේ මුතුන්මිත්තන් අපට කියාදී තිබුණනත් අද බිම වාඩිවු කෙනා බිමය. පුටුවේ වාඩිවු කෙනා පුටුවෙමය. එම නිසා අවංකවම අද බොහෝ දෙනෙකු ඇත්ත ඇති සැටියෙන් කථා කිරීමටත් බිම වාඩිවීමටත් මැලිකමක් දක්වයි.

:       0       0

රෝයි Tuesday, 15 May 2012 08:13 PM

ගරු නීතීඥවරුනි, හමිවරු මැරුවහම, ස්ත්‍රී දුෂණ කළාම, ළමයින් මැරුවහම ඔබට කතා කරන්න දෙයක් එතන තියනවාද?

:       0       0

කුමාරි Monday, 14 May 2012 09:01 PM

සමන් කියන කතාව හරියටම හරි.නියම උපමාව..

:       0       0

චම්පා Wednesday, 16 May 2012 11:14 AM

මෙයා මන්ත්‍රී කමින් අයින් කළායි කිවුවේ බොරුවටද එතකොට?

:       0       0

තරිඳු Monday, 14 May 2012 10:01 PM

මේ වගේ අපරාධකාරයෝ පෝරකේට යවලා යමලෝකෙට යන්න උදවු කරන්න ඕන....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:51 PM

අද ලංකාවේ හැම තැනම ඝාතන, අපරාධ, ස්ත්‍රීදූෂණ.. මිනිස්සු හැසිරෙන්නේ හරියට දෙයියන්ගේ හාල් කැවිලා වගේනේ.. අගතියට පත් පාර්ශවයට හෙන ගැහිලා ගියත් නීතීඥ මහත්වරුත් සැදී පැහැදි ඉන්නේ වැරදිකරුවන් වෙනුවෙන්ම පෙනී ඉන්න තමයි. ඒ වැඩිපුර මුදලක් අතට එන නිසාමද?

:       0       0

සූසා Tuesday, 15 May 2012 12:51 AM

ඇත්තටම ආසියාවේ විතරක් නෙමෙයි මුලු පෘථිවියේම ආශ්චර්යමත් රට ලංකාව වෙන්නයි යන්නේ

:       0       0

ලකී-අබුඩාබි Tuesday, 15 May 2012 01:49 AM

හොඳ වෙලාව‍ට මම ‍නීතිඥයෙක් නොවුනේ....

:       0       0

සුභාෂිණි Tuesday, 15 May 2012 02:05 AM

ලැජ්ජි නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයිලුනේ

:       0       0

අමිල කටුනායක Tuesday, 15 May 2012 02:43 PM

උපාසක පූස..

:       0       0

රජිත් මංජුල, ඉතාලි Tuesday, 15 May 2012 03:02 PM

ලංකාව වැනි රටක ඉපදීම සතුටක් ඒත්...........දැන් තියෙන්නෙ අපි පුංචි කාලෙ දැක්ක රට නෙමෙයි....

:       0       0

දර්ශන Tuesday, 15 May 2012 07:41 AM

ජනතා තින්දුව නම් ඔබට පෝරකයට පමණයි යන්න අවසර තියෙන්නේ

:       0       0

පවන් Tuesday, 15 May 2012 07:55 AM

මේවගේ මිනිස්සුන්ගෙන් මොන සමාජ සේවයක්ද? එල්ලුම් ගහට යවන්නයි ඕන.

:       0       0

නුවන් රංගන Monday, 14 May 2012 04:06 PM

අපෝ තව කුඩු විකුණගන්න වෙන්න ඇති යන්න ඕනා. එයාව පෝරකේට මිස වෙන කොහේවත් අරින්න එපා.

:       0       0

සමන් Monday, 14 May 2012 04:09 PM

ඌරො කවදද අසූචි කන එක නතර කරේ...

:       0       0

විදු Monday, 14 May 2012 04:18 PM

ඔව් සමන්, ඔයා කියපු දේ හරියටම හරි......

:       0       0

thiloshana Monday, 14 May 2012 04:23 PM

කුඩු වලට දේශපාලන සහය ලබෙනවා. කියන එකට මේක හොඳ සාක්කියක්. ඔක්කොම එළි උනයින් පස්සේ හැමෝම සුදනො වෙන්න හදනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 843 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 86 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 920 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1508 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1330 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 472 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 136 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1156 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site