අනුරාධපුර, කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික් තුනට මායිම්ව පිහිටා ඇති කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ දඩයමේ ගොස් මුවකු හා මිමින්නකු වෙඩි තබා මරා රැගෙන යමින් සිටි තුන් දෙනකු ත්‍රී රෝද රියක් හා ගිනි අවි දෙකක් සමග අද(4) අලුයම ගලේවෙල පොල්පිතිගම රක්ෂිත මායිමේදී වනජීවී නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට පත් පිරිස ගලේවෙල වහකෝට්ටේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් රැකියාවක් ලෙස දඩයමේ යන බව වනජීවී නිලධාරීහු කියති. මීට පෙර අවස්ථා කිහිපයකදීද ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගනු ලැබ ඇතැයිද වනජීවී නිලධාරීහු කියති.
ඡායාරූප - චමිල් රූපසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් අහුවෙලා තියෙනවා. එකෙන් තේරෙන්නේ මේ දඬුවම් දෙන ක්‍රමය සාර්ථක නෑ කියන එකයි. වනාන්තර සහ සතුන් ආරක්ෂා කරන්න ආයතන විශාල ගණනක් තිබුනත් මේවා තවමත් කෙරෙන එක හරිම ප්‍රශ්නයක්. කොහොමද මේක නවත්වන්නේ? (කෞ)