රුපියල් 500ක් වටිනා කෙසෙල් කැනක් කැපූ ලක්ෂ්මන් උපාලි පෙරේරා හා තිලක් නිශාන්ත පෙරේරාට රුපියල් 3000 බැගින් දඩ නියම කළ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා වසරක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.
රුපියල් 500ක් වටිනා කෙසෙල් කැනක් කැපූ ලක්ෂ්මන් උපාලි පෙරේරා හා තිලක් නිශාන්ත පෙරේරාට රුපියල් 3000 බැගින් දඩ නියම කළ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා වසරක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසෙල් කැනට මෙහෙම නම් අර කුඩු කන්ටේනරයයි ඇල්කොහොල් බවුසරයයි ගෙනාපු අයට මොනවා වෙයිද? නේද? (නි)
හොරකම හොරකමම තමයි. නමුත් පොල් ගෙඩියට, කෙසෙල් කැනට දඩුවම් දුන්නට ලොකු වංචාවල් කරන අයට/ මංකොල්ල කන හොරුන්ට / බස් ගාස්තුව අරගෙන ඉතුරු නොදී ටික ටික හොරා කන අයට නීතියේ පිළිසරණ ලැබෙන්නේ කවදාද? (නි)
රුපියල් පන්සියයක් වටිනා දේට දඩය රුපියල් තුන්දාහක්? (නි)
බරපතල වරදක් කරලා තියෙන්නේ. එල්ලුම් ගස් යවන්න වටිනවා (නි)
අපේ රටේ තියෙන්නේ තවම රෝමානු, ලන්දේසි නීතිය ,,,ඒක තමා අපේ ස්වෛරීකම. (ස)
මම හිතුවේ මරණ දඩුවම ලැබෙයි කියලා. එයාගේ වෙලාව හොදයි (නි)
අර කව්ද රජකෙනෙක් පාලනය කරන කොහෙද රටක යකඩ හොරෙක් වරෙන්තු පිට අත්අඩංගුවට ගන්නේ නැතුව ඉන්නවා. ඒත් අපේ රටේ නම් ලෙහෙසි නැහැ. පේනවනේ... (නි)
ඕක මොකක්ද මිනි මරලත් ස්ත්‍රී දුෂණය කරන අය ඇප පිට නිදහස්. ඇපය රුපියල් 5000 ..........ඉතින් මිනිස්සු බය නැතිව මිනි මරනවා ...දුෂණය කරනවා .... (ස)
මිලියන හොරුන්ට වඩා රු 500 හොරා කොච්චර වටිනවද? (නි)
දැන් ඉතින් තව කෙහෙල් කැන් 6 ක්වත් කපන්න ඕනෑනේ ණය ගෙවාගන්න. ඊට වැඩිය හොද නැද්ද සෑම දෙදිනකට වරක් උදේ 10 ට කෙහෙල් කොටුවට සාත්තු කිරීමට මාස 3 ක දඩුවමක් දුන්නා නම් (නි)
මමත් හිතුවේ අමිල කියනවා වගේ එල්ලුම් ගහට අරිවී කියලා. මීට පස්සේ හොරකම් කරනකොට මහා පරිමාණයේ හොරකමක් කරන්න. (නි)
අර කුඩු කන්ටේනර් පිටරටින් වරායට ගොඩබාන අයගේ නමත් දාන්නකෝ අපිට දැනගන්න (නි)
වෙන කරන්න රස්සාවක් නැත්නම් ඔය ගංජා කිලෝ 10_15ක් හරි කුඩු කිලෝ 1ක් 2ක් හරි විකුණලා කීයක් හරි හොයා ගන්නවකො දවසේ වියදමට. (නි)
මට පස්සේ කල්පනා වුනේ. මේ දෙන්න නඩුකාර හාමුදුරුවන්ගේ වත්තටවත් පැනලද කෙහෙල් කැන් කැපුවේ? (ස)
එතනොල්,සහ කුඩු කන්ටේනරයට දුන්නු දඩුවම මොකද්ද ...බඩගින්නට කෙසෙල් කන කැපුවට වසරක හිර දඩුවම්....මුළු ලංකාවම විනාස කරන්න ගෙන්නපු එතනෝල් වලටයි කුඩු කන්ටෙනරයටයි දීපු දඩුවම ගැන ලෝකෙම බලන් ඉන්නවා...(නදී)
අපේ අයට මේ වගේ පුංචි හොරු පෙන්වන්න කොහොමත් බැහැනේ (නි)
බඩගින්නට පාරේ වවාල තිබුණු බතල අල ගලව්ව කියල මාස 6 යක බරපතල වැඩ සහිත හිරේ යවපු රටක් ඒත් හොරකම් වලින් කිසි අඩුවක් නෑ(දිල්)
අර මන්දනා නෝනගේ ගෙදරට පැනල ලියකියවිලි හොරකම් කරන්න ගිහින් වෙඩි වැදිලා තුවාල වුන අසරණයෝ ටික බෙහෙත් දාගෙන රෝහලෙන් පිටවෙලා ගියාද?(දිල්)
අපේ රටේ නම් ලෙහෙසි නැහැ. පේනවනේ... (නි)
කෝටි ගාණක් හොරකම් කරන්න නම් මේ මනුස්සයට රටේම තියෙන කෙසෙල් කැන් කැපුවත් බැහැ. (නි)
අමිල කටුනායක, මම හිතුවේත් මරණ දඩුවම ලැබෙයි කියලා. එයාගේ වෙලාව හොදයි (නි)
ඔය පාතාල හොරකම්,කුඩු ජාවාරම්,කරන අයට කෝ ඔය නීතිය? සමහරුන්ට නඩුත් නැහැ. ඇප මත මුදා හරිනවා.හොරකම කොහොම කළත් හොරකමම තමයි.එහෙත් නීතිය හැම හොරකමකට එහෙම දඩුවම් කරන්නෙ නැහැනේ අපේ රටේ. (නි)
අමිල, ශාන්ත, මරණ දඬුවම තමයි දිය යුතුවම තිබුනේ. අයියයි, මල්ලියි වෙන්න ඇති මේ දෙන්නා. එතකොට මල්ලිට කියන්න පුළුවන් 'අයියන්ඩි, බිය නොවන්න, මැරෙන සැටි මම පෙන්වමි' කියලත්. මෙවැනි එඩිතර තීන්දු දකිනකොට පුදුම ආඩම්බරයක් හිතට එනවා අනේ මාත් ලාංකිකයෙක් නේද කියල.
කෙසෙල් ඇයි මෙච්චර ගණන්? (ස)
කෙසෙල් කැනක් හොරකම් කරන අයට ඉහළ දේශපාලන සම්බන්ධතා නැති නිසා උපරිම දඩුවම් ලැබීම අනිවාර්යයි.නමුත් යකඩ හොරකම් කර වරෙන්තු ලැබූ අය මාධ්‍ය වල ප්‍රසිද්ධියේ පෙනී සිටිනවා. (නි)
අර එතනෝල් කන්ටේනර් දෙකටයි, ෆොර්මලින් කන්ටේනර් දෙකටයි මොකද වුණේ?නිදහස් කරගෙනවත් ගියාද? (නි)
නූල් කෑල්ලටත් කෙනෙක් සිරගත වුණ එක ගැන තමා දැන් මට මතක් වෙන්නේ (නි)
මේ ඔය කෙසෙල් කැන් හොරුන්ව අපේ මේ අරක්කු සඳහා එතනෝල් සහ මත් කුඩු ආනයනය කරන දානපති ව්‍යාපාරික මහතුන්ට සමාන කරන්න එපා.මේ මහතුන් තමා අපේ වැඩ කටයුතු සඳහා ගොඩක් මුදල් වියදම් කරන්නේ.මේ අදහස් දාන අය කියන්නේ ඒ අයටත් අනෙක් අයට සමානව නීතිය ක්‍රියාත්මක කරන්න කියලද? (නි)
කුඩු ,එතනෝල් සහ පාතාලය ගැන අපි බලා ගන්නම්.ඒ ගැන කවුරුත් දුක් වෙන්න ඕනෑ නැහැ.ගහට පොත්ත වගේ ඒ අය හැමදාම අපිත් එක්ක ඉන්නවා.හොදයි කියමු බලන්න කොයි බෞද්ධ සංවිධානයද මේවට විරුද්ධ වුණේ කියලා. (නි)
මෙවැනි දේ දකිනකොට පුදුම ආඩම්බරයක් හිතට එනවා, අනේ මාත් ලාංකිකයෙක් නේද කියලා. (නි)
ඕක තමයි පොඩි හොරකම් කරන්න එපා කියන්නේ. ලොකු එකක් කළා නම් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා, ගානක් දීලා, නඩුව දිනන්නත් තිබුණා. (නි)
හරිම ආඩම්බරයි පුතේ, කෙසෙල් කැනක් නෙවේ කෙසෙල් ලෙල්ලක්වත් තියාගන්න දෙන්නේ නැහැ.හොරු ආයුධත් එක්කම අල්ලනවා (නි)
'ඒ අයටත් අනෙක් අයට සමානව නීතිය ක්‍රියාත්මක කරන්න කියලද?" එම අයටත් 3000 දඩ ගහන්න කියන්නේ නැහැ බන්දුල අපි කියන්නේ ලබන ඡන්දෙට හොඳට වියදම් කරන්න ගෙදර යවන්න කියලා. (ස)