IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොහොමද මේනකාගේ Dance එක

2016-04-04-ent-23

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ "සිටුමැදුර" ටෙලි නාට්‍යයේ ක්‍රිෂානිගේ චරිතය හරහා රංගනයට පිවිසි මේනකා මධුවන්ති මෑත කාලයේ කලා නිර්මාණවල දකින්නට නොලැබෙන යොවුන් නිළියක්. අවසන් වරට සඳුන් රාජකරුණාගේ "චායා" ටෙලි නාට්‍යය හරහා රසික ආකර්ෂණය ලැබූ මේනකා, ඉදිරියේදී කලා නිර්මාණය කිහිපයකින්ම ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ පිළිබඳව හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඇය මෙලෙස "සාරවිට" සමගින් එක්කාසු වූවාය.

"පසුගිය කාලෙ කලාව පැත්තෙන් මාව දකින්නට නොලැබුණත් ඉදිරියේදී කලා කටයුතු කිහිපයකින්ම නැවතත් මාව දකින්නට පුළුවන් වේවි. පසුගිය දිනවල අර්ජූන් කමල්නාත් අයියාගේ අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු කළා. පසුගිය සති කිහිපයේදීම එහි රූපගත කිරීම් කටයුතු නිසා මම කාර්යබහුලව වුණා. මේ චිත්‍රපටය අත්භූත කතා තේමාවක්. ලංකාවේ සිනමාව තුළ එතරම් අත්භූත බිය ජනිත චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ. ඒ හින්දා මම හිතනවා මේ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ගෙන දේවි කියලා. මේ චිත්‍රපටයේ මමත් එක්ක හර්ෂණ, දෙනුවන් හා වොල්ගා ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටය හැරුණාම මා රංගනයෙන් දායක වුණ සහන් විජේසිංහගේ "පාට පාට බැලුන්" කියලා ටෙලි නාට්‍යයකුත් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අන්තිමට මම රඟපෑවේ "චායා" හා "චංචලා රේඛා" ටෙලි නාට්‍යය. තවමත් මම රඟපෑ ඒ චරිතවලට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා."

මේනකා පෙනී සිටින විනෝදාත්මක විඩියෝ පටයක් පහත දැක්වේ.

 

ඡායාරූප අනුග්‍රහය - මේනකාගේ ෆේස්බුක් ගිණුමෙන්

 

 

related-ARTICAL



අදහස් (0)

කොහොමද මේනකාගේ Dance එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site