ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම මහතා ඇතුළු පිරිසකට එරෙහිව ලබා දී තිබූ තාවකාලික තහනම් නියෝගය කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද ඉවත් කළාය.
පැමිණිලිකරුවන් කරුණු වසන් කරමින් මෙම නියෝගය ලබා ගත් බව වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරු කීහ.
තහනම් නියෝගය ගැනීමට තොරතුරු වසං නොකළ බවත්, සත්‍ය තත්ත්වය කී බවත් පැමිණිලිකරුවන්ගේ නීතීඥයා කීවේය.
පැමිණිල්ල ඔක්තෝබර 23 වැනි දා සහ නොවැම්බර 18 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
නඩු විභාගයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ පැමිණිලිකරුවන්ගේ නීතීඥවරුන් කීවේ තහනම් නියෝගය ඉවත් කිරීමට එරෙහිව ඉහළ උසාවියකට යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති කමයි නාගරික මන්ත්‍රී කමයි ලැබුනට පස්සෙ මෙතුමා ධනවතෙක් බවට පත්වුණා. සතුටුයි. (නදී)
දැන් මෙයා පහුගිය "ඇරියස්" එක්කම ඉල්ලනවාලු. (නදී)
දේශපාලනයියි , සභාපතිකමයි ධන ඉපෙයීමේ මාර්ගයි. "ඇත්තා කති බොති. නැත්තා හිඟා කති, ලෙවකති." (නදී)