බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වන කිත්සිරි කහටපිටියගේ (එජාප) හොරණ ගෙදර සිටිය දී වනජීවී බාරයට ගත් ඇත් පැටවාගේ සන්තක භාවය ඔප්පු කිරීමට නොහැකිවූයෙන් ඇත් පැටවා මින්නේරිය වනජීවී පුහුණු පාසලට බාර දෙන ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙම ඇත් පැටවාගේ අයිතිකරු ලෙස දෙපාර්තමේන්තුවේ පොත් දෙකක සටහන් දෙකක් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.

අලියා දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්ෂ භාරයේ ඇතැයි එක් පොතක ද, අලියා කහටපිටිය මහතා භාරයේ සිටිතියි තවත් පොතක ද සටහන් වේ.

කහටපිටිය මහතා අධිකරණයට පැමැණ සිටියේ නැත.

ඇත් පැටවාගේ තුවාල වලට බෙහෙත් කරන හෙයින් එම පැටවා ද අධිකරණයට ඉදිරිපත් කළේ නැත.