IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කහ වල ඖෂධීය ගුණ

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ

කහ

1222

විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා  භාවිතා  කරනා  කහ, ආයුර්වේදයේ ඖෂධයක්  ලෙස මෙන්ම ආහාර  වශයෙන් ගන්නා  කුළු බඩු අතර  ඉහළ වටිනාකමක් ඇති  ශාක විශේෂයකි.

ශරිර අභ්‍යන්තරවත්  බාහිරවත්  ඇති  වන දීලිර ,  බැක්ටීරියා  සහ වෛරස්  ආසාදන සඳහා  ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක්  ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක්  ලෙස ද භාවිතා  කෙරේ.

කහ , අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ  භාවිතා කරන කහවල උද්හිද විද්‍යාත්මක නාමය වනුයේ  curcuma longa යනුවෙනි.

කහ වර්ග හතරකි.

·        හරිද්‍රා

·        කර්පුර හරිද්‍රා

·        ආම්රගන්ද

·        හරන්

හොදින්  පැසුණූ  කහ අලය , රතු  පැහැයට  හුරුය. කුංකුම පැහැයට  හුරු පැහැයක්  ගන්නා  කහ ඖෂධ ගුණයෙන්  ඉහළ බව කියවේ.

ඖෂධිය ගුණ

කප හා  වාතය සමනයට  ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින්  ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට  සහ  පිත්තාශයේ  ගල්  ඇති විටද කහ  භාවිතය සිමා  කිරිම රෝගි තත්ත්වයට  ගුණදායකය.

ශරිරයේ  ඉදිමුම්  සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු  කිරිමටත්  අමු  කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති  කිරිමට ච කහ ඉතා  යෝග්‍ය  ඖෂධයකි.

අන්ත්‍රගත කෘමිනාශක ගුණයක්  ඇති  නිසාම කහ සියලු  වයස්වල පසුවන්නේ  පණුරෝග සමනයට ද වඩාත්  යෝග්‍යය වේ.

 හික්කාවෙන්  පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා  ඇවිළෙන විට එකවර  නිවා දැමිමේදි  නගින දුම ගුණදායකය.

ශරිරයේ ඇතිවන ආසාත්මිකතා  සඳහා  අමු පොල්  කොළ දුමට  කහ කුඩු දමා  දුම ඇල්ලිමෙන්  ගුණය ලැබේ.

රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ  ගුණයකින්  යුතු  කහ, ඇදුම රෝගින්ට  මී පැණි සමඟ මිශ්‍රකර  ගැනිම ද යෝග්‍යය වේ.

පුරස්ථිත ග්‍රන්ථි ඉදිමුණ රෝගි  තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර  මල්ගෝවා  ව්‍යාංජනයට  කහ වැඩිදුර  දමා  ගැනිමෙන් , පුරස්ථිත  ග්‍රන්ථි  ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි  පිළිකා  තත්ත්ව පාලනය කරගත හැකිය.

ස්වාභාවිකවම අක්මාවේ  ඇතිවන විෂ  තත්ත්ව ඉවත්කර  රුධිරය පිරිසිදු  කිරිම ද ගුණදායකය.

                                            images-(3)35

ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට  රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා  පිළීකාවන් වර්ධනය විම සිමා  කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි  තුවාල ඉක්මණින්  සුව විමටත්  කහ උපකාරි වේ.

ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට  දමා තැම්බු  ජලය තුවාල සේදිම සඳහා  භාවිතා  කිරිම ද ගුණය.

ශරිරයේ  ඇතිවන කුෂ්ඨ  , දද , ඇති  අවස්ථාවේදි  අමු කහ කොටා ගැල්විම හෝ තම්බා  වතුරෙන්  සේදිම ද යෝග්‍යය.

දිලිරි  ආසාදන වළක්වා ගැනිමට  හින්  නිදිකුම්බා  අමුකහ දමා තම්බා  ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.

සියඹලා  කොළ අමුකහ සමට  ගෙන තම්බා  හෝ කොටා ශරිරයේ  ගැල්විමක් ආසාත්මිකතා  අවම කරගත හැකි  බව ආයුර්වේදයේ පෙන්වා  දේ.

ශරිරයේ  වේදනා  සහිත තැන්වලට  කහකුඩු  වියළි ඉඟුරු  සමඟ මිශ්‍රකර විනාකිරෙන්  අනා  ශරිරයේ  වේදනා  සහිත ඉදිමුන ස්ථානයට  පැලැස්තර  යෙදිය හැකිය.

රුව වැඩි කිරිමට  භාවිතා  කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය  ලෙසට  භාවිතා  කරන කහ වඩාත්  යෝග්‍ය වන්නේ  ස්වභාවික කහ අමුවෙන්  ගැනිම බව ද මතක තබා ගත යුතුය.

කහ ශරිරයේ  ගැල්විමෙන්  මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර  ඇති  කරුණකි. එම නිසාම සම පැහැපත්  කිරිමේ  ආලේපනයක්  ලෙසත්  අකලට  සම වයසට  යෑම වැළැක්විමේ  ඖෂධයක  ලෙසත්  අතිතයේ  සිට අද දක්වා  කහ භාවිතා  කර  තිබේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (3)

කහ වල ඖෂධීය ගුණ

Pewmini Thursday, 26 May 2022 09:33 AM

හොඳයි...!

:       3       21

චෙනුල් සුපේක් Wednesday, 29 November 2023 03:26 PM

ගොඩක් හොඳයි...

:       5       10

Dhoni❤️ Saturday, 23 August 2025 01:35 PM

සුපිරියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 393 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site