ගල්කිස්සේදී කහ ඉරේ පදික මාරුවේදී වැඩිහිටියකුගේ මරණය සිදුකළ ත්‍රීරෝද රියදුරු මොහොමඩ් ජවුසම් මොහොමඩ් නිෂාම්ට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය බරපතල වැඩසහිත වසරක සිර දඬුවමක් නියම කළාය.
ඔහුගේ රියදුරු බලපත්‍රයද වසර තුනකට අවලංගු කෙරිණි. මිය ගිය ෂෙල්ටන් පෙරේරා ගේ පවුලේ ඥාතීන්ට රුපියල් 75,000 ක වන්දි ගෙවන ලෙසද ඔහුට නියම විණි. 2006 අගෝස්තු 19 වැනිදා මෙම අනතුර සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ දඬුවම මදි කියලයි. මේ ඉතින් මට හිතෙන හැටි මිසක් අධිකරණයට උපහාසයක් අපහාසයක් එහෙම නෙමෙයි (නි)
අපේ රටේ තිබෙන්නේ යල් පැනගිය අධිකරණ නීති පද්ධතියක්. වර්තමානයට සහ අනාගතයට ගැළපෙන්නේ නැහැ. වෙනස් කරන්න කාලය හරි. මෙච්චර කාලයක් ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට ආණ්ඩු කළත් ඒ ගැන හොයාබැලුවේ නැහැ. (නි)
රිය අනතුරු අවම කරන්න නම්, වැරදි වලට මීට වඩා දඩුුුුවම් දිය යුතුයි (බ)
ඔය ත්‍රීරෝද රියේ පිටිපස්සේ අර කඩුව ගහල තියෙන ස්ටිකරේ තිබුනද දන්නේ නැහැ! (බ)
අඩේ නියමයි නේ. මනුස්සයෙක් මැරුණට දැන් එතරම් බය වෙන්න දෙයක් නැහැ නේ? අවුරුද්ද නේ වැලිකඩ යන්නේ. (ම)