බද්දේගම තේ කම්හලකින් කසළ තේ කිලෝ 4000ක් මහනුවර පැත්තට රැගෙන යමින් සිටි බව කියන පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම තේකොළ සුවඳ හා රස ගන්වා ඉස්තරම් තේ කොළ ලෙස යළිත් වෙළෙඳ පොළට එවීම කසල තේ ජාවාරමුන්ගේ අරමුණ වී ඇතැයි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ආරංචිවෙන්නේ නරක ප්‍රවෘත්ති. යාන්තන් අපේ අපනයනයට විතරයි ජාත්‍යන්තරය අපිට ඇඟිල්ල දික්කර නැත්තෙ. දැන් එ්කටත් මොනවගේ තහංචි දාවිද? පසුගිය දවස්වල ලොකු ලොකු අයත් මේකට සම්බන්දයි කියල ආරංචි. හාල්මැස්ස විතරක් අල්ලන්නේ නැතුව තෝරැමොරුත් අල්ලන්න, (බ)
මේ අය නිසා ස්වාභාවික තේ කෝප්පයක් බොන්න අපිට අහිමිවෙලා. (ර)
ඇත්තටම කියනවා නම් දැන්නම් තේ බොන්නත් අප්‍රසන්නයි, මේවා අහලා දැකලම (නි)
කසල තේ එක්ක මත්ද්‍රව්‍ය ඕස්ට්‍රේලියාවට යවන ජාවාරමකුත් තිබුණා නේද? මේකටත් ඒ වගේ සම්බන්ධයක් තිබෙනවද කියලා සොයාබලන්න (නි)
අපේ රටේ නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම බාලවෙන්නේ මේ වගේ වැඩ නිසයි.අඩුම තරමේ අපනයනය කිරීමේදිවත් මේවා ගැන සැළකිලිමත් වෙනවා නම් ගොඩක් දුරට රටේ කීර්ති නාමයට හානියක් නොවීමට වගබලාගත හැකියි. (නි)
කර්මන්තශලා වලදීම කසල තේ එකතු නොකොට එදිනෙදා කසල විනාස කිරීමට නීති පනවා නිතර කර්මන්තසලා පරික්ෂා කළ යුතුයි .(හේ)
අහුවෙන්නේ කීයෙන් කීයද? අපි මොනතරම් ජරාව බොනවා ඇද්ද තේ කියලා? අනික මේ ජරාව පිටරටට ගියාම අපේ නම ඉවරයිනේ. මෙවැනි දේ ගැන ඔත්තුදෙන අයට තෑගි දෙන ස්ථිර ක්‍රමයක් හදන්න ඕනෑ. (නි)