විශේෂ කාර්ය බළකා නිලධරයින් පිරිසක් කළ හදිසි වැටළීමකදී අම්බලන්ගොඩ ආදාගල ගබඩාවක තිබී කිලෝ 10000 ක කසළ තේ තොගයක් සොයාගැනීමට හැකිව තිබේ.
තේ ප්‍රවාහනයට යොදාගත්තේයැයි සැකකෙරෙන ලොරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ගබඩා අයිතිකරු හා ලොරියේ රියදුරු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මහා පරිමාණ කසල තේ ව්‍යාපාරය නතර කරන්න බැරි? මේක පොඩි මිනිසුන්ගේ වැඩක් නොවන බව පෙනෙනවා. එමෙන්ම මෙය කුඩු ව්‍යාපාරයටත් වඩා සුක්ෂමව කෙරෙනවා. දේශපාලුවෝ කොහෙන්හරි මේකට සම්බන්ධ වෙලා ඇති. මේ විදිහට ගියොත් අපේ තේ ව්‍යාපාරයත් ඉවරයි. කිසි කතාවක් නැතුව දැඩි දඬුවම් දියයුතුයි! (නි)
මොන කුණු ගොඩක් හරි අහිංසක මිනිසුන්ට දීලා ගාන හොයාගන්න බලන්නේ. පවු ඉතින් ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද? මිරිස් වලට ගඩොල් කුඩු දානවා.තේ කොළ විසිකරන ඒවා. පළතුරු යුෂ වල වට්ටක්කා. කවදාද මේ රටේ මිනිස්සු අවංක වෙන්නේ? කතාවට බෞද්ධ සිංහ ජාතිය. අඩුගානේ පන්සිල් පද පහවත් දන්නවා නම් කමක් නැහැ (නි)
ලංකාවේ ගෞරවය කෙළෙසන්නේ මේ අයයි. දැඩි දඬුවම් දියයුතුය. වසරකට සිය ගණනක් මෙම කසළ තේ විකුණන වසල තක්කඩින් හමුවේ. එහෙත් කිසිම රජයක් මොවුන්ට නිසි දඬුවම් පමුණුවා නැත. (නි)