කුස්සියක් හෝ නොමැති දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනකු ඒවා ඇතැයි විදුහල්පති රංජිත් දිසානායක මහතා පවසයි.
විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් ඉන්න පාසලකට එවීම හා කුස්සියක් හෝ නොමැති පාසලකට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳ විදුහලේ ගුරුවරු මවිතය පළ කරති.
කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය පදිංචිකරුවන් බවත් සෙසු අය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ බිරියක හා ඥාතියකු බව කියති.
මේ පිළිබඳ විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විමසීම සඳහා ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් විට ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන රන්ජන් බණ්ඩාර මහතා කිවේ ඇමැතිවරයා විශේෂ රැස්වීමක සිටින බවත් පත්වීම් පිළිබඳ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතාට කතා කර දැනගැනීමට හැකි බවයි.
ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී කියා සිටියේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ පිරිස බඳවාගෙන ඇති බවත් අරක්කැමියන් එවා ඇත්තේ ඉදිරියේදී මේ පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් කර ඇති නිසා බවත්ය .
කුලියාපිටියට කියා විශේෂ වෙනසක් කර නැති බවත් සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත් ඔහු කිවේය .සමහර විට කුලියාපිටියෙන් වැඩියෙන් ඉල්ලුම් කර ඇති නිසා වැඩි පිරිසක් සිටිය හැකි බවද ඔහු කීය.
මේ පිළිබඳ විමසීම සදහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද ඔහු මේ දිනවල විදේශ ගතවී ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාර්තමේන්තු නිලධරීන් සහ අමාත්‍යංශ නිලධාරින්ගේ කඩාකප්පල් කාරී වැඩ . මේවා ඇමතිට දාන කෙසෙල් ලෙලි .මේවට කියන්නේ ජාතික අපරාද ? සම්මාදන් සල්ලි වලින් ජීවත් වෙන මේ මිනුස්සු සහ ඔවුන්ගේ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි . (අ)
කුලියාපිටියේ මිනිස්සු මෙච්චරම මිටිද දන්නේ නෑ. (අ)
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය , නෙදර්ලන්තය, කැනඩාව, ප්‍රංශය , නෝර්වේ, ස්වීඩන් මොන තුට්ටු දෙකේ හිගන රටවල්ද , ශ්‍රී ලංකාවත් එක්ක බැලුවහම වර්ෂ 3000 දී හදන පාසල්වල නේවාසිකාගාර වලට වර්ෂ 2016 දි අරක්කැමියන් බදවා ගන්නව. ලංකාවේම පාසැල් වල දැනටමත් ළමයින්ට තියෙන්නේ සුර සැප. (අ)
කුඹුරට හත් ගව්වක් තියල අමුඩේ ගහල වගේ (ම)
ඒක හරියට රාජ්‍ය ඇමැතිලා පත්කෙරුවා වගෙයි. (නි)
අධ්‍යාපනයට ජාතික ආදායමෙන් සීයට හයක් නොවෙයි , හැටක් වෙන්කළත් මෙවැනි අනවශ්‍ය වියදම් නිසා සිසුන්ට ලැබෙන පහසුකමක් නැහැ (නි)
සමහරවිට මේ කම්කරුවන් අහවලා සම්මුඛ පරීක්ෂණ කර එවූ අය වෙන්න ඇති. (නි)
වඩාත් යහපත් සේවාවක් සපයා තවදුරටත් එය පවත්වාගැනීම සඳහා දඹුල්ල නගරයේ පාසලක් තෝරාගැනීම සතුටට කරුණකි. අනේ ඇමතිතුමනි, අපේ නගරයේ පාසල 4ක් ම තියෙනවා සංවර්ධනය කරන්න. කුරුණෑගලින් 4 දෙනෙක් එව්වොත් හොඳයි (නි)
අනේ අප්පේ රටට යන කලක්. ඔය රොත්ත වෙනුවට දක්ෂ ගුරුවරු ටිකක් පත්කරලා යවන්නකෝ. කෑමබීම ඉඳුම් හිටුම් කෙසේවෙතත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවන්න වැඩක් කරන්නකෝ (නි)
ඉස්කෝලෙට කුස්සියක් හදලා උයන්න පටන්ගන්නකම් කෝකියන්ට පොල් ගෙඩි ටිකකුයි, හිරමන ටිකකුයි ගෙනත් දෙන්න, පොල්ගගා හරි ඉන්න. දේශපාලුවෝ තම හෙන්චයියලාට රස්සාවල් දෙන ක්‍රමයක් තමයි මේ. (නි)
හම්බන්තොට පැත්තේ වුණා නම් හේතුව හිතාගන්නත් තිබුනා (නි)
පාසලේ කුස්සිය හදනකම් අරක්කැමියන් ඔය උත්තමයින්ගේ ගෙවල් වල වලන් හෝදන්ඩ දාමු. ක්‍රමේ හොදයි, ගුරුවරු අඩු වෙලාවට උගන්නන්න දාමු (අ)
කුලියාපිටියේ ඇමැතිත් උසනම් අරක්කැමි මිටි නම් කම්කරු ලෙස දස අතේ පත්වීම් දීල වගේ. මෙන්න නියම අවභාවිතා! (අ)
සතුටුවෙන්න අපට අනාගතය කල්තියා දකින ඇමතිවරයෙක් ලැබුන එක ගැන. බලන්න අප මොනතරම් වාසනාවන්තද කියලා. (නි)
දොවා ගත්ත යහපලනනම් කිරි මුට්ටියට මේගොල්ලෝ ගොම ටිකක් නෙවෙයි ගොම තෙම්බක්ම එකතු කරනවා වගේ , කුලියාපිටියේ මිනිස්සු මේ තරමටම ළාබද ? (අ)
අදාල පාසලෙන් ඉල්ලීම් කරලා නම් ගුරුවරු විමතිය පළ කරන්නේ ඉස්කෝලෙ ගන්න තීරණ ගැන දන්නෙ නැති හින්දද? ඉස්කෝලේ නේවාසිකාගාර පටන් ගන්න යනවා නම් අමතර සේවකයින් ඕන තමයි. ඉස්කෝලේ වැඩිපුරත් එක්ක දාලා ඉල්ලන්න ඇති. (අ)
උස යට සිකුරිටි, මිටි යට කම්කරු.. කුලියාපිටියේ අයට අරක්කැමි.. අත්තිවාරම දාගන්න සල්ලි නැතුව වහල හදන්න උළු ගෙනෙනෙ මේවගේ ඇමතිවරු අපිට ගොඩක් ආඩම්බරයක්. රටට සම්පතක්. (අ)
ඒගොල්ලෝ පාසල් වලට අරක්කැමියෝ යවන්නේ අපි පාර්ලිමේන්තුවට මේ අය යවන නිසා. (අ)
මෙන්න දවසකට හරි ඇමතිවරු. පුදුම දුර දක්නා නුවණක තියෙන්නේ. අපි ඡන්දෙ දුන්නට මඩු වලිගෙන් නෙමෙයි අපිට ගහන්න ඕනේ. ඔන්න ඔය කෝකියෝ දම්මලා (අ)
මේ වෙලාවේ විදුහල්පතිතුමා මොළේ පාවිච්චි කරන්න ඕනෑ. (නි)
මම හිතන්නෙත් මේ අය උසනම් සිකුරිටි මිටිනම් කම්කරු න්‍යායෙන් ආපු අය වෙන්න ඇති (ම)
නිලධාරීන් ගේ උත්තරයෙන් පේනවා එයාලගේ ටිකිරි මොලේ (ම)
තව ටික දවසකින් විදුහල්පතිතුමාට ස්ථාන මාරුවක්,ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ම)
පාසල් වල ගුරුවරු ගුරුවරියෝ නෑ වැසිකිලි නෑ බොන්න වතුර ටිකක් නෑ එත් අරක්කැමියන් කම්කරුවන් නම් දෙනවා තොග ගණන් (ම)
කෑම උයන්න කුස්සියක් නැති වුණාට කවුරු කවුරු හරි හොද්ද නම් බොර කරගෙන තිබෙන බව මේකෙන් පේනවා. කුස්සිය හදන්නද මෙච්චර විශාල අරක්කැමි, සේවක හමුදාවක් එවලා තියෙන්නේ (ම)
මටත් සැකයි හෙට අනිද්දා වෙද්දී විදුහල්පතිතුමාව එලවයි කියලා ඔතනින්. (අ)
ඇත්තටම අපි කෙමෙන්ට් දමලා යමක් ලියලා එකේ හරය සහ එකිනෙකාගේ දැනුම හුවමාරු කරගෙන භුක්ති වින්දා හැමදාම. නිව්ස් වලින් ඒත් මේ නිව්ස් එක දැක්කම මට කරකියාගන්න දෙයක් බැරිව ඔහේ බලන් හිටියේ මොකක් ද මේ රටේ මිනිසුන් කරන්නේ මේ කියලා. (ර)
මේ කම්කරුවෝ 23ම මිටිද? මොකද මම අහන්නේ පත්වීම කාගෙන්ද කියල ස්තීර කර ගන්න ඕන නිසා, නැතුව අදහස් ප්‍රකාශ කරන්න බැහැ. (ර)
ෂුවර් එකටම කට්ටියම මිටි ඇති... (ර)