IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුස්සි ලිපේ කසිප්පු සැදේ

සිය නිවසේ මුළුතැන්ගෙයි වතුර කලයක් භාවිතා කරමින්  රහසේ පවත්වාගෙන ගිය කුඩා කසිප්පු ස්කාගාරයක්  සමග  දෙදෙනක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය  කියයි

ඇළුමිනියම් කලයක් භාවිතා කරමින්    නිපදවූ කසිප්පු පානය කළ අයට ක්ෂණිකව විෂ විමට පවා ඉඩ ඇති බැවින් මේවන විටත්  මොවුන්ගෙන් මෙම කසිප්පු පානය කළ වුවන් පිළිබඳවත් පොලිසීය පරීක්ෂණ පවත්වයි

මීගහතැන්න මොරගල   ප්‍රදේශයේ  මාස  ගණනාවක සිට මෙම පුද්ගලයින් දෙදෙනා රහසිගතව සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ  පොලිස් විශේෂ බුද්ධි අංශයට  ලැබුණු තොරතුරක් අනුව පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම  මහතාගේ උපදෙස් පරිදි  පොලිස්  සැරයන් (3534) ශාන්ත ලාල් (4579)සමරණායක (59395)සරත් යන මහත්වරු වැටලීම සිදු කළහ.

මිගහතැන්න පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා



අදහස් (0)

කුස්සි ලිපේ කසිප්පු සැදේ

චානක Monday, 21 October 2013 12:04 PM

මෙය විධිමත් කර ගෘහ කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කරමු (නි)

:       0       0

ලාල් Tuesday, 22 October 2013 12:32 AM

අමිල, මටත් හිතෙනවා කරලා බලන්න. අමාරු නැහැනේ (නි)

:       0       0

ලාල් Tuesday, 22 October 2013 12:36 AM

පාලිත මොනවා කියනවද මන්දා? ඒවා අල්ලලා කොහොමද? (නි)

:       0       0

ලාල් Tuesday, 22 October 2013 12:38 AM

එහෙනම් අපි කසිප්පු පෙරන හැටිත් ඉගෙන ගත්තා.... (නි)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 12:46 AM

අඩු වියදමින් වැඩි ඵලයක් ලබන ස්වාභාවික නිෂ්පාදන.. කාටද ආඩම්බර? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 21 October 2013 01:23 PM

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අත හිත දීම කළයුතුයි (නි)

:       0       0

දිල් තරු Tuesday, 22 October 2013 04:30 PM

අයියෝ සල්ලි.... (ස)

:       0       0

ගාමිණි Monday, 21 October 2013 02:43 PM

ඕක ඉතින් මැටි කළේ තැබුවා නම් ඉවරයි නේ. (නි)

:       0       0

බණ්ඩා Monday, 21 October 2013 08:15 PM

පොලීසියට වැඩ නැද්ද මේ වගේ අහිංසකයෙක් අල්ලන්න? (නි)

:       0       0

අමිල - කටුනායක Monday, 21 October 2013 03:06 PM

තාක්ෂණය තේරුණා.මාත් උත්සාහ කරන්න ඕන මගෙ පාවිච්චියට.. (ස)

:       0       0

අමරසිංහ Wednesday, 23 October 2013 06:14 PM

පවු ඉතින්, දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න මාර්ගයක් සොයාගන්නත් ඕනෑනේ (නි)

:       0       0

බමුණු Monday, 21 October 2013 04:41 PM

මම නම් මට ටිකක් හදා ගන්නවා. ඒවා නියම බඩු. (ස)

:       0       0

අප්පුහාමා Monday, 21 October 2013 10:34 PM

මහලොකු වැටලීමක් ලජ්ජා නැද්ද දන්නේ නැ , වටලන්න දේවල් නැතුවට පුදුම රටක් මේක මහලොකුවට පත්තරෙත් දානවා කාටද කියන්නද මේවා. (නදී)

:       0       0

ලක්ෂ්මන් Monday, 21 October 2013 05:37 PM

ඒකට නේද කියන්නේ ''දෙන්නෙක් අතර රහසක් නැහැ කියලා'' (නි)

:       0       0

පාලිත වීරතුංග Monday, 21 October 2013 10:43 PM

කන්ටේනර් ගනන් කුඩු, එකනෝල් ගෙන්වපු අයට කිදහසේ ඒවා අල්ලන්න බැහැ නේද? (නදී)

:       0       0

ශාන්ත ලාල් Monday, 21 October 2013 10:49 PM

නැති බැරි අය ඇති හැකි අය කරමු (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 21 October 2013 05:44 PM

නියමයි නේද? වීඩියෝත් සමගම තිබු නිසා පුද්ගලිකව රහසිගතව අපි අපිටත් ටිකක් වෙන්න දෙන්නෙක් හවුල් නොවී පෙරාගන්න පුළුවන් නේද,අමිල? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site