ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ, බෞද්ධ විහාර කඨින පිංකම විහාරාධිපති, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, එක්සත් රාජධානියේ සංඝනායක, රාජකීය පණ්ඩිත, කඹුරාවල සිරි රේවත නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨීන චීවර පූජා මහා පිංකම, කඨින පෙරහර හා සඟසතු මහා දානය ආදී පිංකම් මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවිය.
මහා සංඝරත්නයද, සදුවතින් සැරසුණු පිරිසද ළමා සාරිවලින් සැරසුණු දැරියෝද කඨින චීවරය රැගත් පෙරහරෙහි ගමන් කළහ.
අපවත්වී වදාළ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශී‍්‍ර ඥානවිමලාභිධාන මාහිමි ගුණ සමරා පුණ්‍යානුමෝදනා කිරීමද විශේෂ කටයුත්තක් ලෙස සිදුකළ අතර උන්වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර පූජාවක්ද පැවැත්විණි.
කඨින චීවර පූජා මහා පිංකම ට ග්ලාස්ගෝ නුවර පදිංචි සිංහල බෞද්ධ මහජනතාවට අමතරව ස්කොට්ලන්ත ජාතිකයෝද විශාල ප‍්‍රමාණයක් පැමිණ සීටීම විශේෂයක් විය.
බර්මින්හැම් මහා විහාරාධිපති, විතාරන්දෙණියේ කස්සප මාහිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, වීරකැටිය, නයිගල රාජමහා විහාරාධිකාරී වකමුල්ලේ
උදිත, ග්ලස්ගෝ විහාරවාසී කට්ටකඩුවේ සුමනරතන ඇතුළු හිමිවරු අට නමක් මේ පිංකමට වැඩම කළහ.
ග්ලාස්ගෝ සරසවියේ මහාචාර්ය කෙනත් හට්ස් සතිපට්ඨානය අළලා දේශනයක්ද පැවැත්වීය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම උතුම් පින්කමක්. පුජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන් අතින් බටහිර රටවල පිවිතුරු බුදු දහම ප්‍රචලිත කරවීම උදෙසා ඉටුවන්නේ උත්තම සේවාවක්. උන්වහන්සේට මෙම ශාසනික සේවාවන් තවදුරටත් වැඩි වැඩියෙන් කරගෙනයාම සඳහා තෙරුවන ආශීර්වාදය,වාසනාව සහ ශක්තිය ලැබේවා. (බ)
ධර්මප්‍රචාරයේ නියම අරුත මෙය නොවේද? ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය විදෙස් වැසියන්ට පෙන්නා දීම සහ භාවනාවත් එයට එකතුකිරීම ඉතාම කාලෝචිතව සිදු කර ඇති බව පෙනේ. විදේශිකයින් කඨින සිවුර අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි. අපේ ළමයන් නම් තවත් ලස්සනයි ළමා සාරියට. ග්ලාස්ගොව් නගරයේ බෞද්දයින් වාසනාවන්තයි කියා හිතෙනවා. (නදී)
සාධු සාධු සාධු !!!! බුදුසසුන බැබළේවා !!! (නි)
ඉතාම වැදගත් පින්කමක්.ලෝකෙටම අපේ බුදු දහම දෙන්න ඕනෑ. බුදුදහම කියන්නේ ස්වභාව ධර්මය හා 100% බැඳුනු දහමක්. කිසිම තැනක හොරයක් නැහැ. (නි)
ලංකාදීපය මඟින් විස්තර දැනගත්තා.බොහොම කාලෝචිත සේවාවක්. පිටරටක මේවා මේ ලෙසට සාර්ථකව කරගෙන යෑමට උපකාර වූ සැමට බොහොම පින් ලැබෙනවා (නි)
බුදු සසුන දිනෙන් දින බැබළේවා! (නි)