කාසල්රි ජලාශ රක්‍ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පහළොවක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අඟහරුවාදා (19) රාත්‍රියේ හටගත් ගින්නකින් නෝර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්ත පහළ කොටසේ ගින්න හටගෙන ඇත.

ගින්න ශිඝ්‍රයෙන් පැතිර ගිය බවත් නෝර්වුඩ් පොලිසියේ නිලධාරීන් පැය දෙකක මෙහෙයුමකින් පසු ගින්න පාලනය කළ බවත් කියති.

ජලාශයේ නිති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරත පිරිස් රක්‍ෂිතයට ගිනි තබන්නට ඇතැයි  පොලිසිය සැක කරයි. 

fire_2016120811 fire_2016120812 fire_2016120813 fire_2016120814 fire_2016120815