කාසල්රී ජලාශයේ වේල්ල ආසනනයේ ඩන්කල් හි ඇතිවූ ගින්නකින් රක්ෂිතයේ අක්කර තුනකට වැඩි ප්‍රදේශයක් විනාශවී ඇතැයි පොලිසිය කියයි. දැඩි සුළං හා වියළි කාලගුණයක් පවතින මේ දිනවලදී වැලි මුවන් හා ඌරන් දඩයම් කිරීමට වරින් වර ඇතැම් පුද්ගලයන් රක්ෂිතයට ගිනි තබන බවත් විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීහු කියති. රක්ෂිතයට ගිනි තබන පුද්ගලයන් පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් දැනුම්දෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දරුවන්ගේ උරුමය නසන පාප කර්ම.(හේ)
මේ වගේ වැඩ කරන අයට දඩුවම් දිය යුතුයි.(හේ)