කොස්ලන්ද මීරියබැද්දේ නායගිය බිමෙන් පොඩි පට්ටම් වී ගිය ත්‍රී රෝද රියක් ගොඩගත් බව හමුදාව කියයි. ගෙදරක නවතා තිබූ මෙම ත්‍රී රෝද රිය අඩි කිහිපයක් ගසා ගෙන ගිය බවට ලකුණු ඇතැයි එය ගොඩගත් හමුදා නිලධරයෝ කියති. මෙම ත්‍රී රෝද රිය රතු පැහැති එකක් බවද පැවසේ.
කැනීම් අද සිදුවූයේ නායගිය පෙදෙස මැද බවත් වැසි වැටීමත් සමඟ කැනීම් නතර කළ බවත් ඔවුහු පවසති. වැසි පවතිද්දී කැනීම් කිරීම අනතුරුදායක බවත් හමුදාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදාව නැත්නම් හොයල ඉවරයි ඕවා. (ර)
හමුදා නිලධාරීන්ට තුණූරුවන්ගේම පිහිටයි! (නි)
මේ වැස්ස පායන කම් මොකවත් හරියට කරගන්න බැරි වෙයි. (නදී)