කොස්ලන්ද මිරියබැද්දේ නාය යෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැළසීමට ආසියා කලාපයේ රටවල් රැසක් ඉදිරිපත්ව සිටී.
ශෝක ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ක්ෂණික සහන සැළසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් වටිනා ආධාර ශී‍්‍ර ලංකාවට ලබා දීමට ඉන්දියාව සූදානමින් සිටින බව එහි සඳහන් කර ඇත.මේ සම්බන්ධයෙන් දෙරටේ බළධාරීන් අතර වැඩිදුර සාකච්ඡා සිදුකෙරෙමින් පවතී.
පකිස්තාන අගමැති නවාස් ෂෙරීෂ්ද ශෝක ප‍්‍රකාශයක් නිකුත් කරමින් විපතට පත්වූවන් සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබේ. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීමට පකිස්තානය සූදානමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.
මේ වන විටත් පකිස්තානයේ ශී‍්‍ර ලංකාවේ සහන සේවා කටයුතු සදහා අවැසි ද්‍රව්‍ය එක්රැුස් කෙරෙමින් පවතින අතර ඒවා නුදුරේදීම ගුවන්මගින් දිවයින වෙත ගෙනඑනු ඇත.
දකුණු කොරියාවද විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැළසීමට ඉදිරිපත්ව සිටින අතර පසුගියදා ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මුණගැසුණු ශී‍්‍රලංකාවේ දකුණු කොරියා තානාපති චැන්ග් වොන් සැම් මහතා රුපියල් ලක්ෂ 23 ක් වටිනා චෙක්පතක්ද එම කටයුතු වෙනුවෙන් ප‍්‍රදානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිස්සු තමන්ට කරදරයක් උනාම වෙන අය උදවු කරන්න හැදුවත් උදවු ගන්නේ නෑ.. ඒ මොකද තමන්ට ඒක විසඳගන්න පුළුවන් හින්ද ... රටවලුත් එහෙමයි .. (බ)
සැමට පින්.! (ර)
මේ ලැබෙන සල්ලි වලින් මේ අහිංසක මිනිස්සුන්ට ලස්සන ගෙවල් ටිකක් හදල දෙන්න (නදී)
මේ ලැබෙන ධනස් කන්දයෙන් ඔය පලාත්වල මිනිසුන්ට උපරිම සහනයක් ලැබෙන අයුරින් වැඩ කටයුතු කලොත් ලොකු උදව්වක් මේ අවස්ථාවේදී. (නදී)
ලැබෙන ආධාර ලැබිය යුත්තන්ටම ලැබේවා කියල පතමු. (නදී)
මම බලාගෙන හිටියේ මේ අය ප්‍රමාද මොකද කියලා. (නි)
අර අසරණ මිනිස්සුන්ට ගේ කාලක් හරි අටවල දෙන්න ඕන නේද ? ළමයි 75ක් ඉන්නවලු මව්පියන් නැති. ඒ ළමයින්ට මේ ආධාර වලින් ප්‍රයෝජනයි නේද ? කොච්චර බැන්නත් බලන්න ඉතින් අහල පහළ රටවල් ටික ඉදිරිපත් වුණ එකත් අගය කළ යුතුයි .(දිල්)
ලැබෙන ආධාර අහිංසක අවතැන් වුණු මිනිසුන්ට ලැබේද ??(බ)
ඇයි අපේ ලොක්කෝ කීවා නේද අපි ස්වයංපෝශිතයි අධාර එපා කියලා.ඇයි දැන් ලක්ශ 50-25 අධාරත් ගන්නේ?මෙහෙන් දුන්නේ නම් මිලියන් ගනන්. මොනවා නුමුත් මේවත් ගසාකන්න එපා. (බ)
අන්න හොඳ වැඩක්.(හේ)
මේ අසරණයන්ට මේ ආධාර ලැබෙනවා නම් ලොකු දෙයක්.(හේ)
සමහරවිට ආණ්ඩුවට ආධාර ඕනෑ නැතුව ඇති. ඒත් මේ අවතැන්වුණ අයට අවශ්‍යයි. ඒ නිසා ආධාර දෙන්න ඉදිරිපත් වුණ රටවල් වල ගුණදොස් නොසොයා ජනතාව වෙනුවෙන් නිහතමානීව මේ ආධාර භාරගන්න (නි)
බෙනට් විකාර කියවනවා. "විකාර" කියන වචනයට වඩා, ඔතනට ඔබින වෙන වචනයක් තියෙනවා.ඒක මෙතන ලියන්න බැරි නිසා " විකාර " හොඳයි. (නි)
අහිංසක මිනිස්සුන්ට ආධාර දීම කේසේ වෙතත්; සුනාමියෙන් වගේ, දැන් ඉතින් හැදෙය් හොඳ සල්ලි කාරයෝ ටිකක්!!!( බ)
තවත් මොනෝ රේල් පාරක් හදන්න පුළුවන් වගේ? (නදී)
ලොක්කෝ ආධාර එපා කිව්වේ ඡන්දේ ලඟ හින්දා. ඔක්කොම ඡන්ද ටික තමන්ගේ ගොඩට වැටෙයි කියන විශ්වාසය නිසා විය හැකියි. ආපදා අවස්ථාවකදි අසල්වාසීන් කරන උදව් කාරුණිකව භාරගැනීම තමයි හොදම දේ. ඒකෙන් මේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නගන්න පුලුවන් (නදී)
මේවා අපේ කට්ටියට නිකන් කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වාගේ තියෙයි (නදී)
අවශ්‍ය වෙන එකක් නැහැ. අපේ රටේ අදායම වියදම් කරගන්න විදිහක් නැතුවයි අපි ඉන්නේ. දැක්කනේ අයවැය. (නදී)
සුනාමි ටකරන් වලට ගැහුවා වගේ ගසාගෙන කයිද? (ර)