කොස්ලන්ද මීරියබැද්ද නායගිය ස්ථානයේ වැළලී ගිය මිනිස් සිරුරු ගොඩගත් පසු ඒවා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා අධි ශීතකරණ පහසුකම් අවශ්‍යව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.ටී.කේ.විජේවීර මහතා පවසයි. එම ස්ථානයෙන් ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් නරක්වී ඇතැයි ද වෛද්‍යවරයා කියයි. එම සිරුරු හා සිරුරු කොටස් පිරිසිදු කර පුද්ගල අනන්‍යතාව සොයාගැනීම සඳහා ඒවා ගබඩා කිරීමේ අවශ්‍යතාවක් පැණ නැගී ඇත. කොස්ලන්ද රෝහලේ මේ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් නොමැති බවත් ශීතකරණ පහසුකම් ඇති බදුල්ල රෝහලට ඇති අධික දුර හේතුවෙන් එහි ගබඩා කිරීම අපහසු බවත් අධිකරණ වෛද්‍යවරු කියති.
ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් ගබඩා කිරීමට අධි ශීතකරණයක අවශ්‍යතාව තිබෙන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුකරන මෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය විජේවීර මහතා ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපදා කළමනාකරණ ඇමතිතුමා කියනවා කොස්ලන්දට ආධාර අවශ්‍ය නැහැ රජයට ඒ සඳහා ඇති තරම් මුදල් තිබෙනවා කියා.(නදී)
මොකටද පරිත්‍යාගශීලින්. ආණ්ඩුව ඉන්නේ එ්කට තමයි. අපි ආණ්ඩුවට ඔය වගේ දේවල් වලට සල්ලි පරිත්‍යාග කරලා තියෙන්නේ ඕන තරම් බදු විදියට. (නදී)
ඇයි ආපදා කළමනාකරණ ඇමති කිව්වා නේද රජයට ඕනෑ තරම් මුදල් තියනවා, කිසිම දේශීය හෝ විදේශීය ආධාරයක් අවශ්‍ය නැහැයි කියලා??(දිල්)
අනේ ඒ අයගේ බොරු පුචානම්. ඇත්තටම මේ වගේ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න ජංගම මෝචරියක් තියෙන්න ඕනා. (නදී)
අපේ රටේ ඇමති මහත්වරුන්ට හොද බුද්ධියක් තියනවා. අපිනේ පත් කළේ. (නදී)
මෝචරියේ අවශ්‍යතාවය රජය විසදයි (නදී)
ඔක්කොම තව සතියකින් ඉවරයි. තව ටික දවසකින් ඔය සුදු ඇදගෙන ආවා අය කිසි දෙයක් උනේ නැහැ වගේ ඉදීවි (නදී)
ඇයි මහා ලොකුවට කිව්වා නේද ජාත්‍යන්තර ආධාර ඕන නැහැ කියල . මහන්තත්තකම පැත්තකට දැම්ම නම් වෙන රටකින් මෙලහටත් ශීතකරණ එවලා. දැන් අර අසරණ මිනිස්සුන්ට ලැබෙන්නේ සීල් තියපු පෙට්ටි ටිකක්. (නදී)