හල්දුම්මුල්ල මීරියබැද්දේ මළ සිරුරු සෙවීමේ කැනීම් අවසන් කිරීම ගැන මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා අද (7) පැවැසීය.
ඇමැතිවරයා එසේ පැවැසුයේ මළසිරුරු කැබලි වශයෙන් ගොඩගැනීම දැන් නතර කළ යුතු බව මියගිය අයගේ නැදෑයන් ඇමැතිවරයාට දැන්වීමෙන් පසුවය.
කැනීම් අවසන් කරන්නේ නම් තමත් කැමති බව ඔවුහු කීය. අද කැනීම් සිදු වූයේ 11 වැනි දිනටය. දැනට හමු වී ඇත්තේ සිරුරු 10 ක් සහ කැබලි කිහිපයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින තත්වයේ හැටියට දැන් ජීවිත හානි වුණ අයට ගරුකටයුතු විදියට ශෝක ප්‍රකාශයක් කරලා අවතැන්වුවන්ට යන කලදසාව ගැන සොයාබැලීම තමයි හොඳ. (නි)
ඒ වුණාට සමහරු කියයිද දන්නේ නැහැ , සහන සේවකයන්ගේ නහය කට බැඳලා හරි මේ වැඩේ කරවන්නම ඕනෑ කියලා. මෙතන දැන් ප්‍රායෝගික අපහසුතාවයක් තිබෙන බව තේරුම්ගත යුතුයි. (නි)
ඔව් ඉතින්, මේවායේ කෙළවරක් තියන්නෙත් එපායැ. හැමදාම මේක කරනන් පුලුවන් දෙයක් නෙමෙයිනේ. (නි)
හරිම දුකයි. හදවතින් අපි ඔබ සැමගේ දුක වේදනාව බෙදාගත්තා. මේ අපේ රටේ අපේම සහෝදර ජනතාව. මතු සසරේ කිසිම දිනක මෙවන් විපත් සිදු නොවේවා. (නදී)
මම සාමාන්‍යයෙන් බන්දුලට විරුද්ධයි. නමුත් අද නම් එයා කියලා තියෙන අදහසට එකඟයි. (නි)
අද නම් බන්දුල අර්ථවත් වියත් වැකි කීපයක් ලියා තිබෙනවා. (නි)
වැලි පසක් නම් පහසුවෙන් ඔය කටයුත්ත කරගන්න තිබ්බා.නමුත් මේක ඝන මැටි තට්ටුවක් නිසා මළ සිරුරු ගොඩ ගන්න ලෙහෙසි පහසු නැහැ තමයි.හරියට අනපු පාන් පිටි ගුලියක් මැද්දට වැටුණු ගුල්ලෙක් අරන් දානවටත් වඩා බරපතල කටයුත්තක්.දැන් ඉතින් මේ මල සිරුරු හොදටම නරක් වෙලත් ඇති.එහෙව් එකේ අර කියන්නාක් වගේ මළවුන්ට පින් අනුමෝදන් කරලා ආගමික වතාවක් කරනවා ඇරෙන්න වෙන කළ යුතු පිලියමක් නැහැ තමයි.(හේ)
බන්දුලට ඇත්ත වැටහීම ගැන සතුටු වෙමි. සැමට නිවන් සුව (නදී)
කැනීම් කටයුතු අවසන් කිරීම අනුමත කරන්න බැහැ,එකට හේතු තියෙනවා පළමුව අයෙත් වර්ෂාවක් අවොත් මේ පස් සේදී යනවිට මළසිරුරු මතුවෙන්න පටන් ගන්න තිබෙන හැකියාව,දෙවෙනි කරුණ මෙය ඇත හැර දැමුවොත් මිනිසුන් මේවා හැරීමට උත්සහ කරයි රත්තරන් භාණ්ඩ වැනි වටිනා දේවල් ලබාගන්න තුන්වන කාරණය මිය ගිය හා අතුරුදහන් වූ පුද්ගලයන්ගේ නිවැරදි සංඛ්‍යා ලේඛන නොමැතිවීම නිසා එමපුද්ගලයන්ගේ ඥාතීන්ට අදාළ පුද්ගලයාගේ මරණ සහතිකය ලබාගැනීමට පවා ඉතා දුෂ්කර කාරණයක් වෙනු ඇති අතර කැනීම් කර නයා ගිය ප්‍රදේශය නැවත ප්‍රතිසංස්කරණය මගින් යහපත් ජිවන පරිසරක් එමප්‍රදේශයේ ජනතාවට ලබාදීමට තිබෙන හැකියාව ගැන සිතා මිස බන්දුල පෙරේරා මහතා සිතන ආකාරයට පාට කන්නාඩි දමා දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ අරමුණනි නොවන බව මතක් කිරිමට කැමති.(හේ)
සත්‍යපාල - මට හිතෙන විදියට ඔයාගේ ඇග පුරාම මොලේ වගේ. ඔය එලියට එන්නේ විපක්ෂයේ තර්ක (නදී)
ජනාධිපතිගෙන් අහල මේක නවත්තනවා නම් ආපදා කළමනාකරණ ඇමති කෙනෙක් මොකටද? (නදී)
සත්‍යපාල සමඟ එකඟ වෙනවා.විදේශීය සහයත් ලබාගෙන කළා නම් හරි.මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන ජපානය චීනය වගේ රටවල සහය ගත්තා නම් හරි. (නි)
කොහොමත් දැන් ඕව හොයන්න බැහැ නේද?(අ)
මේවා පස් අයින් කරමින් සොයන උදවිය කරන්නෙත් පහසු කටයුත්තක් නෙවෙයි. අනෙක තමයි ඔවුනුත් තමන්ගේ ආරක්ෂාව සපයාගෙන කාලගුණ පීඩාවන් දරාගෙන මේ කටයුත්ත කරන්නේ. එක්කෝ අපිට පහසුකම් මදි නම් වෙනත් රටකින් හරි මේ සම්බන්ධයෙන් උදව් ඉල්ලා ගෙන මේක ඉක්මනින් ඉවරයක් කරගන්න තරමට හොඳයි නේද. (හේ)
බන්දුල්ටද නිවන් සුව
ලොකු දෙයක්..ඒ මිනිස්සුන්ට තවත් කරදර නොකර තමන්ගේ භූමියේම සොහොන් වෙන්න අරින එක..ජිවිතයක් බෙර ගන්න හැකියාවක් තියෙනවනම් මිසක් නිකරුනේ මලසිරුරු ගොඩ ගන්න මහන්සි වෙන එක නිෂ්පල ක්‍රියාවක්.ඒ දුක්බර ඉරණමට මුහුණ දී මිහිදන් වුනු සියලු මිනිසුන් සහ සත්වයින්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හෙට මේ ව්‍යසනය වෙනත් මුනුවරකින් අපි වෙත ඒවි.එදාට බන්දුල පෙරේරලා,ලංකා තිලක්ල,ඩුබායි තිලක්ල ටිකිරි බණ්ඩල සත්යපාලල රූපවතිලා සෑම්ල පිටිගලල වගේ මෙකි නොකී එසැන පුවත් සියලු දෙනාට මේ දාගෙන බලන පාට කන්නාඩි වලින් වැඩක් නැති වේවි..සියල්ල මොහොතකින් අවසන් වේවි. (අ)
ඒක හොදයි.මිනිස්සු කියන කතාව හරි.(හේ)
මේ වැනි විනාශයක් යළි කිසිදු දිනෙක සිදුනොවේවා! (නි)
බන්දුල මහත්තයාගේ කතාව 100%ක් ඇත්ත (නි)
ඒ කතාව නම් ඇත්ත තමයි (නි)
ඒක හොදයි.නැත්තම් තවත් දුකක් විතරයි.(හේ)
නතර කරපු එකම තමයි හොද?(හේ)