(යොහාන් භාසුර)
අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් තුනක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
එම කසල තේ තොගය අපනයනය කිරීමට ආසන්නව තිබියදී මෙසේ රේගු භාරයට ගෙන ඇති බව සඳහන් කළ එම නිලධාරියා එම කසල තේ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇති බව දැනගන්නට තිබෙන බවද සඳහන් කළේය.
මේ ආකාරයටම අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කන්ටේනර් හතරක් පසුගිය සතියේ ද බාරයට ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විදේශ විනිමය නැතිකරන මෙවන් අපරාධ වලට දැඩි දඬුවම් දිය යුතුයි. මෙවන් කසල තේ තොගයක් අපනයන කරන්න අවසර දුන් තේ මණ්ඩලයේ අදාල නිලධාරියාටද දැඩි දඬුවම් පැමිණි විය යුතුයි.