දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත දමන එළවළු ඇති කසල කෑමට පුරුදුවූ වල් අලි රංචුව දැන් 25 ක් 30 ක් දක්වා වැඩිවී ඇත.
ඉස්සර සිටි අලින් ගණන 6 ක් පමණය. කසල එහි දමා යනතුරු එම අලි පැත්තකට වී සිටියහ. එහෙත් දැන් එහි එන අලි කසල එහි හළන්නටත් පෙර ට්‍රැක්ටර් වටකරගෙන ඔවුහුම ඒවා ඇදගෙන යති.
මෙම කසල දමනුයේ දිගම්පතහ කැලයටයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ට මේ විදිහට හරි කන්න කෑම ටිකක් ලැබෙන එක හොඳයි. පරිසරය හා සතුන් ගැන හිතලා පොලිතීන් හා දිරානොයන දේවල් හාවිතා කිරීම පිළිබඳ නව ක්‍රමයක් ඇතිවිය යුතුයි (නි)
මේ වගේ දේවල් නිසා අපිට තියෙන අලි සම්පත් නැතිවෙලා යාවි. නිසි බලධාරින් ඉක්මන් පියවරක් ගන්න (නි)
ඉවතලන පළතුරු සහ එළවලු දිගම්පතහ වන ප්‍රදේශයේ වල අලින්, මුවන් වැනි සතුන් ආහාරයට ගන්නා බව දැනගෙන අපේ මිනිස්සු එවැනි ආහාර පොලිතින් හෝ සෙලොපින් මලුපිටින්ම හලන එකෙන් සිදුවන්නේ ඒවා මලු පිටින්ම අනුභව අපේ අහිංසක සතුන් ඒවා දිරවීමට අපහසු වීම හේතුකොටගෙන රෝගී වීමෙන් අකාලයේ මිය යාමයි. මෙය අපේ මිනිස් සමාජය විසින් දැන දැන කරන මහා අපරාධයක්. එවැනි දේවල් සිදුවිය නොවිය යුතුයි. වන ජීවී නිලධාරීන් මෙවැනි දේවල් වැළැක්වීමට සිවිල් සමාජයත් එක්ක එකතුවෙලා ඒවා නිසි කළමනාකරණයකින් යුතුව ඒවා බැහැර කිරීමට කටයුතු කිරීමෙන් සහ ඔවුන් දැනුවත් කිරීමෙන් සතුන්ගේ ජිවිත ආරක්ෂාකර ගන්ට පුළුවන් වේවි. ඒක ලොකු පිනක්. (බ)
කසල කියන්න එපා ඉතුරු වූ එළවළු කියන්න (බ)
පරිසරවේදීන් මේගැන සැලකිලිමත් වෙන්න මේ කසල සමග පොලිතින් ආහාරය ගැනීමෙන් සතුන්ගේ අමාශය තුළ පොලිතින් තැන්පත්වේ. අලින්ගේ බඩවල් තුල පැටලේ ජීරණය වෙන්නේ නැත වගකිව යුතු බලධාරින් මේ ගැන සැලකිලිමත් වෙන්න මේ තුලින් වෙන්නේ රටටද අපකීර්තියක් විදේශිකයන් මෙවන් ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ යොමුකරනවා ඒ තුලින් රටේ පරිසරය සහ සතුන් ගැන දක්වන ආකල්පය මතබේදයකට තුඩු දෙනවා අපේ වසනාවක ලැබී ඇති මේ සුන්දර සොබාදහම රැක ගැනීම අපි කාගේත් වගකීමක් කරුණාකර මේ ගැන සැලකිලිමත් වෙන්න කසල නිසි ක්‍රමවේදයට යොමුකරන්න පොලිතින් වෙනම එකතුකර රිසයිකල් ක්‍රමයට භාවිතයට ගන්න.(බ)
අපිට බැරිද මේ කසල පරිසරයට සත්වයනට සිදුකරන හානිය ගැන නොතකා මෙහෙම පරිසරයට එකතුකරන අයට මේවා බලෙන් කවන්න. (ස)
ඔය කොළඹ පොර්ට් සිටි එක හදන තැන උද්ඝෝශනය කරපු පරිසරවේදීන් දැන් කොහෙද ඉන්නේ. ඒගොල්ලෝ රටේ සංවර්දනය අඩාල කරනවා බොරු කියමින් මෙවැනි දෑ පෙන්නේ නැහැ. ඕකට හේතුව දේසපාලනය. (ස)
කරුණාකරලා අනවශ්‍ය එළවලු පමණක් සතුන්ට කන්න දෙන්න පොලිතින් දෙන්න එපා . (ස)
වවල විසි කරනවා ඒ වුනාට කොළඹ එළවලු හරි ගනන්. (ස)
නියමයි රංජිත්. හරියටම හරි. (ස)
එළවලු ටික විතරක් ගෙනිහින් දැම්මා නම් හරි නේද? පොලිතින් කෑවහම මේ සත්තු නිකන්ම මැරිලා යයි. (නි)
කොළඹ එළවලු ගණනින් වැඩියි. ඒ ජනග්‍රහණය වැඩි නිසා. දැන් ලංකාව දියුණු නිසා මේ අවට පදිංචියට යන්න. ඔබගේ වැටුප භාගයකට වැඩිය ඉතුරුයි. (නි)
සතුන්ට පොලිතින් දෙන්න එදා දීල පරිසර නිලධාරීන් මොකද නිහඩව ඉන්නේ. මේවට නීතියක් නැද්ද? පොලිතින් කාල අලි ටික මැරිලා යන එකට කවුද වග කියන්නේ. (ස)
සතුන්ට පොලිතින් දෙන්න එදා දීල පරිසර නිලධාරීන් මොකද නිහඩව ඉන්නේ. මේවට නීතියක් නැද්ද? පොලිතින් කාල අලි ටික මැරිලා යන එකට කව්ද වග කියන්නේ.(ස)
මධ්‍යම පරිසර අධිකාරිය මොකද කරන්නේ? (නි)