(බිඟුන් මේනක ගමගේ)
පැරණි මනාප ක්‍රමයට හෝ අලුත් කොට්ඨාස ක්‍රමයට හෝ කුමන අයුරකින්වත් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව පක්ෂයේ නීති විශාරදයන්ගේ මතය යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට කීය.
ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු හැකියාවක් නැතැයි ද පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන්න පක්ෂයේ මතය යැයි ද මහලේකම්වරයා කීය.
එජාප මහලේකම්වරයා මෙම අදහස පළ කළේ ජනාධිපතිවරයා විසින් සීමානිර්ණ වාර්තාව ගැසට් පත්‍රයේ පළ කරන්නේ නම් හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුනහොත් හෝ ඔක්තෝබර් 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා කළ ප්‍රකාශය ගැන කළ විමසීමේදීය.
රටේ හටගෙන ඇති දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කිරීමට නම් විධායක බලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු යැයි කී හෙතෙම ඒ සඳහා ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි අවධාරණය කළේය.
මේ නිසා පළාත් සභා මැතිවරණයක් ගැන කතා කිරීමම නිශ්ඵල ක්‍රියාවක් යැයි ද එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ කපටි වැඩ බැරි ඡන්ද වලට බය ගොන් රෝත්තකට ආණ්ඩුව ගියහම ඔහොම වෙනවා. විධායකයේ ප්‍රශ්නයක් නොවේ ගොනෝ තියෙන්නේ . උඹලගේ රටට වැඩක් කරන්නේ නැතිව ,හොරා කාල දැන් ඡන්ද වලට තියෙන බය තමයි ලොකුම ප්‍රශ්නේ . මොනා උනත් මහින්ද පරදෙන්න හරි ඡන්දෙ තිබ්බ. එකට මේ නරි. රටත් කාල, පරිපාලනයත් කාල , බෝම්ම්බත් පුපුරවන්න ඉඩ දීල රට කෑවා
ප්රාණභය කියන්නේ මේකට පින්වත්නි
මොනවා කලත් සිහිනය බොඳ වෙනවා වෙනවාමයි..
කිසිදු සාධාරණ තර්කයක් නොවෙයි!
පළාත් සභා ඕනම නැහැ. අහෝසි කරලම දාන්නම ඕනි. රටේ මුදල් නාස්ති කරන අටමගලය.
ඔව්, මොකටද පළාත් සභා ? පළාත් සභා ගැන අද මේ කෑගහන්නේ එදා පළාත් සභාවට විරුද්ධව වැඩ කරපු කට්ටියම තමයි. එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුනු පිරිසට අද ඒක නැතුව බැරි වෙලා. ඒවා හදුන්වා දීපු අය ඒවා එපා කියද්දී නෑ නෑ ඕනෙමයි කියනවා. මම එක දෙයක් කියන්නම්. තරහා වෙන්න එපා කවුරු කවුරුත් ඔය කොයි පක්ෂේත් රට කෑවා තමයි. එත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොහොට්ටු පක්ෂයත් රටේ තියෙන තාක් කාලයක් මේ රට ගොඩගන්නවා බොරු.
ඡන්දෙට භය ආණ්ඩුව
කරුණාකර අපේ බදු සල්ලි නිස්කාරනේ නාස්ති කරන පළාත්සභා අවශ්‍යද නැද්ද කියල ජනතාවගේ මතය දැනගන්න ජනමත විචාරණයක් දෙසැම්බර් මාසේ ජනාධිපතිවරනෙත් සමග තියන්න. එතකොට දැනගන්න පුළුවන් ජනතාවගේ ප්‍රතිචාරය , එහෙම කරන්න බැරිනම් අද හෙටම ඔය පළාත්සභා ඡන්දෙ තියන්න .
රටේ ප්රජාතන්ත්ර වාදය උතුරා ගලනවා කියල පාලකයෝ කියනව ඡන්ද නොතියන එක වෙනම කියනව තේරුම් ගන්න අමාරුයි ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකද්ද කියල මෙයාල දන්නේ නැ වගේ....... සමහර විට බැංකු මංකොල්ල කන එක කොමිස් ගහන එක වෙන්න ඇති මෙයාලගේ ප්රජාතන්ත්ර වාදය.නිදහසේ වවාගෙන කෑම වෙන්නත් පුළුවන්
ඡන්දය කල් දැමීම ගැන විවේක තියනවා.. ඒත් මම නම් කියන්නේ පළාත් සභා නම් ලංකාවට වුවමනාවක් නැහැ.. දැන් එම සභා නිලකාලය අවසන් වෙලා සෑහෙන කාලයක් ගතවෙලා.. ඇත්තටම ඒවායේ හිටපු මන්ත්‍රීවරු නැතත් ජනතාවට දැනුුනේ නෑනේ.. කිසිම අඩුවක්... රෝහලකට ඉස්කෝලයකට තමන්ගේ හරහා කවුරු හරි කම්කරු පත්වීමිවලට දාන්න. හිතවතුන් එක්ක පාරක, ගොඩනැගිල්ලක කොන්ත්‍රාත් එකක් කරලා ලාභ බෙදාගනිමින්.. මරණාධාර සමිතිවලට පුටු ටිකකුත් නම ගහලා බෙදන මන්ත්‍රී තනතුරක් රටට වුවමනාද?.. පළාත් සභා තිබුණට වෙන වැදගත් දෙයක් රටට වුණාද? නීති සම්පාදකයන් ලෙස උගතුන් වැදගත් අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්කර පළාත් පාලන ආයතනවලට වැඩිපුර බලයදීලා රට මෙහෙයවන ක්‍රමයක් තමා ලංකාවට ගැලපෙන්නේ...