චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ඩුබායිහි ජගත් අධ්‍යාපන හා කුසලතා සංවර්ධන සමුළුවට සහභාගි වෙමින් සිටියදී ඉන්දියාවේ ඩිජිටල් පුවත් ඒජන්සිය සමග (ඩී.එන්.ඒ) සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දීය ඩීඑන්ඒ පුවත් සේවයේ කාංචන් ශ්‍රිවස්තාවා එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීය.
ප්‍රශ්නය- වීසා, රේගු හා තරුණ සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා ගමනේදී අත්සන් කළ ගිවිසුම්වලින් ඉන්දු - ලංකා සබඳතාවල වෙනසක් ඇතිවේයැයි ඔබ සිතනවාද?
උත්තරය - යහපාලනයක් ඇති කිරීමේ උත්සාහයේදී ඉන්දියාව අප සමග යැයි යන හැඟීම පිළිබඳව නරේන්ද්‍ර මෝදිගේ ලංකා ගමනින් අපට ශක්තිමත් පණිවිඩයක් ලැබුණා.
ප්‍රශ්නය - නමුත් ‘වෙඩි තැබීමේ අයිතිය‘ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් වෙනත් පිවිසුමක දෝංකාරයක් ඇති කරනවා නේද?
උත්තරය - ඔහු කළේ විහිළුවක්. ඔහු කීදේ හරියට තේරුම් ගත්තේ නැහැ. මාධ්‍යවේදීන් ප්‍රශ්න අසමින් දිගටම ඔහුට හිරිහැර කළා. මගේ නිවසට අනවසරයෙන් අනවශ්‍ය පුද්ගලයකු ආවොත් ඔහු අනවසරයෙන් එහි ඇතුළුවූ පුද්ගලයකු බව සලකා වෙඩි තැබීමේ අයිතිය ඇති බවයි ඔහු කියා ඇත්තේ.
ප්‍රශ්නය - දීර්ඝ කාලයක් තිස්සේ පවතින දෙරට ධීවර අර්බුදය විසඳා ගන්නට බැරි හේතුව කුමක්ද?
උත්තරය - ඉන්දියා ධීවරයන් නීති විරෝධී ධීවර ක්‍රම අනුගමනය කරනවා. මසුන් මැරීමට ඩයිනමයිට් දමනවා. එය පිළිගත නොහැකි දෙයක්. එමගින් අපේ පැත්තේ සමුද්‍ර ජීවීන් වැනසෙනවා. එය ශ්‍රී ලංකා ධීවරයාට දරාගත නොහැකි දෙයක්. මා දන්නේ නැහැ ඒ ක්‍රමයට ඉන්දියාව අවසරය දෙනවාද කියා. ශ්‍රී ලංකාව නම් එය තහනම් කරලයි තිබෙන්නේ.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව දෙවරක් ඡන්දය දුන්නා. ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාවේ ඒ ස්ථාවරය දකින්නේ කෙසේද?
උත්තරය - බොහෝ රටවල් අපට විරුද්ධව ඡන්දය දුන්නා. ඊට සාධාරණ හේතුවකුත් තිබුණා. දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් පුවත්පත් නිදහස හා සිංහලයන්ගේ මානව අයිතිවාසිකම් ගැන පසුගිය රජය දඩබ්බර විදියටයි ක්‍රියා කළේ. ඒ රටවල් දැන් නව රජය සමග නම්‍යශීලී ලෙස ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හය මාසයකින් කල් දැමුවා. අන්තර්ජාතික ප්‍රජාවේ සහායෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අපට ඉඩ කඩ ලැබෙනවා. චීනය සමග ශ්‍රී ලංකාවේ වර්ධනයවන සමීපතාවය ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක්.
ප්‍රශ්නය - සිරිසේන රජය විදේශ ප්‍රතිපත්තිය වෙනසක් කරයිද?
උත්තරය - සියලු ආයෝජන යෝජනා ක්‍රම සියල්ලම හිටපු රාජපක්ෂ රජයෙන් චීනයට දුන්නා. අපේ ආණ්ඩුව පක්ෂ දෙකක හවුලක්. අප විශ්වාස කරන්නේ නොබැඳුණු පිළිවෙතයි. අසල්වැසියන් සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමයි. කොපමණ මිත්‍ර වුවත් කිසිම රටකට අප ගසා කෑමට ඉඩදෙන්නේ නෑ.
ප්‍රශ්නය - සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා ඉන්දියාව ගැන සිතන්නේ කොහොමද?
උත්තරය - ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතාවලට වසර 3000 ක අතීතයක් තිබෙනවා. අපේ රටේ බොහෝ දෙනා ඉන්දියාවට ලැදියි. ගෞරවයකුත් තිබෙනවා. ඒ වගේම බියකුත් තිබෙනවා. අතීතයේදී දකුණු ඉන්දියා රජවරු 52වාරයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර තිබෙනවා. ආක්‍රමණිකයන් අපේ වාරි මාර්ග ක්‍රම වනසා දැමුවා. එයින් හැමතැනම ගංවතුර ඇතිවුණා. ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට අකමැති බව අපේ මිනිසුන් දුටුවා. මෑතක් වනතුරුම ඒ මතය තිබුණා. ඒ හැඟීම් තිබුණා. ඉන්දිරා ගාන්ධි බොහොම අඥාන ලෙස ක්‍රියා කළා.ඇගෙන් පසුව බලයට පත් ඉන්දියාවේ හැම රජයක්ම සබඳතා සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උත්සාහ කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නෙමෙයි රෝහණ ඕගොල්ලෝ ඩබලම වැරදි. මේ ෆේස්බුක් බේබිලා නොදන්නා මගුල්වලට අත ගහල මේ සැරෙත් රටම කාලා දාන්න එනවා. යනවා ගිහින් දන්නා කෙනෙක්ගෙන් හරියට දැනගන එනවා. (බ)
සහතික ඇත්තයි අජිත් , මෙයා ඒ කාලේ කරපුව ඇහුවොත් බල්ලොත් බත් කන්නේ නැහැ. (ම)
සුමුදුලා වගේ කට්ටිය ඉස්සර රජ කාලෙත් ඉන්න ඇති (නි)
ගුණසේන මහතාණෙනි, මට දැනෙන හැටියට අපට නිදහසින් පසු කොන්ද පණ ඇති නායකයෝ දෙදෙනෙක් සිටියහ. සිරිමාවෝ මැතිණිය සහ හිටපු ජනාධිපතිතුමා එම දෙපළයි (නි)
රිතික් මල්ලි හින්දි නළුවෙකුගේ නමේ කෑල්ලකුත් අහුලාගෙන මේ හදන්නේ තමන් තුළ නැති තරුණ ජවය ලොවට පෙන්වා තරුණ ආකර්ෂණය ගන්න වෙන්න ඇති. පහුගිය කාලේ ඡන්ද වේදිකා උඩට හින්දි නළුවන් නග්ගවල ශ්‍රී ලංකික තරුණ තරුණියන්ගේ සිත් කුල්මත් කරන්න හිතාගෙන හිටපු ඒ දේශපාලකයින්ට ඒ ෆේස්බුක් තරුණ පරපුර මතක හිටින පාඩමක් ඉගැන්වුවා කියල මේ බොළඳ කතා ලියන බක පඬිතයින්ට මේ තරම් ඉක්මනට අමතක වෙලා වගෙයි. රිතික් මල්ලිලා මෙතන ලියන්නේ තමන්ට ලැබෙන පින් බෝනස් එකට උනාට අපි මෙතන අදහසක් දමන්නේ හදවතට එකඟව කියල විතරක් මතක තබා ගන්නකො. එක අතකට, දෑතේ කර්මාන්තයක් කරන්න නොදන්නා මිනිසා දේශපාලකයින් වෙනුවෙන් වන්දිබට්ටකම් කරමින් සහනාධාර මත යැපෙමින් පිංගුත්තර වැඩක් කරනවා හැර වෙන මොනවා කරන්නද නේද? (බ)
මෙයාගේ කාලේ කළ එක වීරකමක් කියන්න (නි)
චතුරි, ඊයේ පෙරේදා ඉපදුනු ළමයි වැඩිමල් කට්ටියගේ කතාවට කටගහගෙන යන කැත විතරක්? අපි සද්ද නොදැම්මාට ගෙදර බයට හිටියේ නැහැ. (නි)
අනේ කරුණාපාල, මම නම් ඔයා කනනොකන දේවත් ඔයාගේ වෙනත් වංහුංවත් හොයන්නේ නැහැ. ඒක ඔයාගේ කැමැත්තනේ. හැබැයි ඉතින් ඇහුව නිසයි කියන්නේ, අපි නම් තුන්වේලටම බත් කනවා වගේම බල්ලටත් දෙනවා. ඒක ඉතින් රටේ සාමාන්‍ය මිනිස්සු කොහොමත් කරනදේනේ. (නි)
නදිනි,මගේ අම්මා තාත්තා උපන් නැකතට දාපු නමට පාච්චල් කරන්න ඔයා කව්ද? (නි)
අපිට නම් ලංකා ඉතිහාසය තුළ බිහිවුණු කොන්ද පණ ඇති එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණි (නි)
මට තේරෙන්නේ නැත්තේ ඇයි අපේ මිනිස්සු මහින්ද මහත්තයාට මෙච්චර බනින්නේ කියලා. (නි)
සුමුදු හේවා මහත්තයාගේ ගෙදර බල්ලා විතරක් නෙමෙයි, සුමුදු හේවා මහත්තයාත් බත් නොකන කෙනෙක් කියලා තමයි, ඔබතුමාගේ අදහස් බලපුවම අපිට හිතෙන්නේ. (නි)
නදිනි නංගි කෝප වෙලා මුහුණු පොතේ කතාවට - හිත රිදිලද තිත්ත ඇත්ත කියනකොට (ම)
පහත අදහස ම විසින් එවන ලද මුත් සත්‍යපාල නමින් පලවී ඇත. කරුණාකර නිවැරදි කරන්න, "සත්‍යපාල 2015-04-17 08:03:19- ගුණසේන මහතාණෙනි, මට දැනෙන හැටියට අපට නිදහසින් පසු කොන්ද පණ ඇති නායකයෝ දෙදෙනෙක් සිටියහ. සිරිමාවෝ මැතිණිය සහ හිටපු ජනාධිපතිතුමා එම දෙපළයි " (බ)
ගසාකන්න දෙයක් නෑ මෙයා විකිණුවනේ තිබුන ඔක්කොම දේවල් ටික පිට රටවල් වලට.ඉතින් තව මොනවද ගසාකන්න තියෙන්නේ.කටින්ද දන්නේ නෑ කතා කරන්නේ මෙයා.....(බ)
ප්‍රංශයෙන් දුම්රිය එන්ජින් 10 ක් ගත්තේ ඒ නිසාද දැන් දුවන්නේ එක එන්ජිමක් තමා. (බ)
මෙයා මෙච්චර හූ කකා අපහාස විඳ විඳ බලෙන්ම පැන පැන සර්විස් දෙන්නේ බලයට චුට්ටක්වත් පෙරේත නැති හින්දද හැබැට ! (බ)
දිලිප් මහත්තයෝ..නිකන් ඉන්න එකාට චෝදනා අවලාද එල්ල වෙන්නේ අඩුවෙන්..වැඩක් කරන එකාට තමයි ඒවා වැඩියෙන් එල්ල වෙන්නේ..අවුරුදු 11 ක් රට කරලා ඒකාලයේ තමන් කල දේ හරියට කලානම් මෙයාට අද කරන්න දෙයක් ඉතුරු වෙන්න විදියක් නැහැනේ. මෙයා .මොනවද රටට කලේ..යුද්දේ නතර කලාද? ඇගට රටට දැනෙන කුමක් හෝ සංවර්ධනයක් කළාද? වෙලාවට වැඩක් කරන්න බැරි කම්මැලි ගැනියෙක්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? මෙයා දැන් මොනවද කරන්නේ.?තමන්ගේ වෛර පිරිමහන්න තමන්ට සෙවණ දුන් පක්ෂයට ද්‍රෝහී වෙලා පක්ෂයේ බලය සතුරන් සමග කුමන්ත්‍රණ කරලා බිදලා පකෂයේ දේශපාලන බල අධිකාරිය සතුරන්ට පාවල දීල රාජ්‍ය බලය අහිමි කරවල යු අන් පි කාරයන්ගෙන් ගුටි කන තැනට පාක්ෂිකය පත් කරවපු ඒක නෙමෙයිද? භේද බින්න කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනාශ මුඛයට ඇද දමන්න වෙර දරන මේ වයිරි කාන්තාවට ජනතාවගෙන් හු හඩ නෙමෙයි කුණු බිත්තර ප්‍රහාර ඉදිරියේදී එල්ල වීමනම් අනිවාර්යයි..(බ)
අනේ මොකටද මගේ කට! (නි)
මහින්ද මහත්තය රට හැදුව කියනවා.හැදුව වගේම ඒ හැම එකකින්ම ලොකු කොමිස් ගත්ත. වටේ ඉන්න එයාගෙම අය. නෑදෑයෝ. ඒවා හංගන්න බැහැ. ඒවා ගැන එයා දන්නේ නැහැ කියන්නත් බැහැ. පොඩි ගණන් වලින් නෙවේ.ඒවා මෙහෙ ජීවත් වෙන අපි හොදින් දන්නවා.කව්ද එතකොට අපේ ඒ සල්ලි වලට වගකියන්නේ. අපේ බදු මුදල් ඒ.ගත්තු හැම ණයකටම අධික පොලි ගෙවන්නෙත් අපියි. ආදායම මදි පොලි ගෙවන්න. උඩින් පෙනෙන දේ නෙවේ යථාර්ථය. (බ)
මැය ගැන අපි අහස උසට බලාපොරොත්තු තැබුවා විහාරමහා දේවිය කිව්වා අවසානයේ රටට කරපු දෙයක් නෑ අද කිසිම ජන පදනම් නැති කෙනෙක් කොහොමද රට ගැන ඍජු තීන්දු ගැන කතා කරන්නේ (බ)
මම වැඩිය ලියන්න යන්නේ නැ මොකද පද්මිණි නෝනා මගේ උගත් කම් අහපු නිසා . අද ගොඩක් අයට අමතක වෙලා පසුගිය රජය යටතේ සීපා ගිවිසුම ගැන කතා කරද්දී ගොඩක් ලොකු විරෝධයක් මතු කළා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රගතිශීලි කියා ගත්ත උදවිය , නමුත් අද ඒ ගැන කතා කරන්නේ නැත්තේ පැත්ත මාරු උන නිසා ද ? සීපා ගිවිසුම නිසා ලංකා වේ ආර්ථිකය කඩා වැටෙන බව තේරුම් ගන්න තරම් අපි තාමත් මෝරලා නැ . බොහොම ලග දී රැකියා විරහිත ඉන්දියානුවන් බොහොම අඩු පඩි වලට ලංකා වේ රස්සා වලට එවි , ඒ වගේම ඉන්දියාවේ ඇති විශාල වෙළඳ බුවැල්ල ලංකාවේ වෙළඳ පොළ ආක්රමනය කරන දවස වැඩි ඇතක නොවේ . චන්ද්‍රිකා මඩම් ගැන වැඩිය ලියන්න ඕනේ නැ , එතුමිය ගේ චරිත කතාව ලියපු පොත අන්තර්ජාලයෙන් ම නොමිලේ බලන්න පුළුවන් නම ගැහුවා නම් , 1948 න්පසු තාම කිසිම කෙනෙක් ගැන එහෙම පොතක් ලියලා නැ ලියන්න හිතලා වත් නැ . කොහොම නමුත් 2 ක් රට පාලනය කළ නායිකාව ගැන දොස් ලියන්න මම කැමති නෑ (බ)
කොමිස් නොගෙන වැඩකරන මිනිස්සු ලෝකේ කොහෙවත් නෑ. මේ තරම් දඩුවම් දෙන මැද පෙරදිගත් කොමිස් ගන්නවා, එහෙම නැත්නම් හොර වැඩ වෙනවා. දැන් තියෙන ආණ්ඩුව දින අනුවට රටට කරපුපාඩුව ඒ කොමිස් ගැහිල්ලට වඩා වැඩි. මහින්ද මහත්තයට සල්ලි හොයන්න ඕනෙම උනානම් යුද්දේ දිගට කරන්න තිබුන. එහෙම නැත්නම් යුද්දේ අවසාන මොහොතේ බටහිරට ඇහුන්කම් දීල ප්‍රබාකරන් බාරදෙන්න තිබුන. එහෙම කරානම් ප්‍රකෝටි ගණනින් සල්ලිත් ගන්න තිබුන, සාමය සදහා වන නොබෙල් තෑග්ගත් ලබන්න තිබුන. නමුත් රටේ යුද්දේ නම් නවතින්නේ නෑ. (බ)
යාපනය අල්ලා ගත්තේ මෙතුමියගේ කාලේ නොවේද. කොටි සංවිධානය ලෝකේ පුරා තහනම් කළේ මෙතුමියගේ කාලේ නොවේද.හමුදාවට මල්ටි බැරල් කෆ්ෆිර් මිග්ස් වේග ප්‍රහාරක යාත්‍රා වගේ නවීන යුද උපකරණ ලබා ගත්තේ මෙතුමියගේ කාලේ නොවේද.එම යුද උපකරණ වලින් කොමිස් ගැහුවා කියල කව්රු හරි අහල තියෙනවද. මල්ටි බැරල් මෙතුමියට ලැබුනේ පරිත්‍යාගයක් විදියට. (බ)
සාගර, ඔයා හරියටම හරි. (නි)
කට ඇරියොත් රට ඉවරයි. (අ)
වික්ටර් අයිවන් චෞර රැජිණ ලිව්වේ කවුරු ගැනද කියලා අපි දන්නවනේ! (නි)
ලංකාව ගසාකෑමට අන්රටවලට ඉඩ නොදෙමි. 1998දි කැබිනට් අනුමැතියකින් තොරව ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් බාගයක් එමිරේට්ස් සමාගමට විකුණලා සම්පුර්ණ පාලනයම ඔවුන්ට දුන්නේ අපි ජනාධිපති කාලේ වෙන්න ඇති. (බ)
මේ රටට කුරුඳුවත්තේ නොනලගේ ,මහත්තයාලගේ කෙරුවාව අපි දන්නවා. මෙතුමියගේ කෙරුවාව අර පොත කියවා දැනගත හැක.ව්‍යාජ චැනල් 4 චිත්‍රපටිය බලා මෙතුමියගේ පුත්තරයා ලාංකිකයෙක් කියන්න ලැජ්ජයි කී විට මේ නෝනාට එය මහත් අභිමානයක් විය.එවන් අය මේ ලක් මවට ආදරය කරාවිද? මේ රට විනාශ කරන්නත්,රට බේරා ගත් මහින්ද මහත්මාගෙන් පාලි ගැනීමටත් මේ කාන්තාව වැඩ කටයුතු කරගෙන යන බව බුද්ධිමත් ජනතාව දන්නවා. (අ)
මැඩම් කහින්නේ ඉන්දියාවේ සල්ලි වලට.(අ)
වික්ටර් අයිවන්ගෙන් අහන්න චෞර රැජින කවුද කියලා. (නදී)
මෙහෙම මාධ්‍ය සාකච්ඡා දෙන්න මෙයා කවුද? නිකන් අවලංගු කාසියක්, රටේ කිසිම ඡන්ද පදනමක් නැති මෙයා කොහොමද රට වෙනුවෙන් තීරණ ගන්නේ? මාත් පරම්පරාගත නිදහස් පාක්ෂිකයෙක්, ඒත් මෙයාට ඇර අනිත් ඕන කෙනෙකුට මගේ ඡන්දය දෙනවා! (බ)
ෂෙහාන් පුතා, ඒකේ අවුලක් නැහැ (නි)
අපිට දැන් මේවා පිළිගන්නවද නැද්ද කියලා හිතාගන්නත් අමාරුයි මේ සිද්ධවෙන දේවල් වල හැටියට (නි)
හොරු ටික නම් නැවත අපිට එපා. අලුත් ආණ්ඩුවක් හදමු. හොරු ටික සදහටම එළවමු. මෛත්‍රී මහතා දිනේවා! (නි)
කට නම් අරින්න එපා. හොඳේ (නි)
ඔබතුමියටත් යමක් කළ හැකි බව පෙන්වන්න (නි)
අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරුන්ගෙන්, තක්කඩින්ගෙන් මාතරින් ජනාධිපතිතුමා සමඟ එක්වී බේරාදෙන්න. එය ඔබතුමියට කළහැකියි. (නි)
අනේ යන්න නෝනා. අපි මේවා අහන්නේ නැහැ (නි)
මොකද ඩග්ලස් චන්ද්‍රිකා අවලංගු කාසියක් කියන්නේ? ඇය කළදේවල් මදිද? (නි)
මැතිණියනි, දැන් කයිවාරු ලියන්න. ඕනෑතරම් කට්ටිය ඉන්නවා ඔබට විරුද්ධව. මේ අය කටින් බතල හිටවනවා. මේ ඉන්න කිසිම. කෙනෙක් රට වෙනුවෙන් සටන් කළාද? නැහැ. බෝම්බ වලට බයේ ගේ ඇතුළේ. දැන් ඔබටත් වැඩිය දේවල් මේ අය දන්නවා. (නි)
දැන් කියවනවා. අවරුදු 12 නිකන් නිදියගෙන හිටියා. අනිත් එක මෙයාට දැන් මොකක්ද තියන බලය. (නදී)
රට වෙනුවෙන් කතා කරන්න ඕනෑම පුරවැසියෙකුට පුළුවන්. චන්ද්‍රිකා කියල තියෙන දේවල් බොරු නෙවේ.(ම)
නාමල්..මෙතුමිය කල දේවල් හොදටම ඇති දැන්..එනිසා තව තවත් එපා කියන්නේ..(ම)
මේ ලෙඩ වලට ප්‍රථිකාර ළඟම තිබෙනවා. (නි)
ඒක හොඳයි (නි)
අනේ අපිට තවත් මේ කතා අහන්න ඕනෑ නැහැ (නි)
ඔයා පිටරටටම වෙලා ඉන්නකෝ (නි)
හොඳ වෙලාවට පුතා සත්තුන්ට වේද කම්කරන්නට ඉගෙන ගත්තේ . (අ)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එයාර් ලංකා ආයතන පිට රටට කුනුකොලේලේට දුන්නේ ඒ නිසානේ. (අ)
ගසාකෑම බැරි රටවල් වලට විතරයි . තනි පුද්ගලයන්ට පුළුවන් . (අ)
කාලයක් තිබ්බ මැය ඉතා ජනප්‍රිය වුන. ඒ වගේම මහින්දටත් . දෙදෙනාම හිටපු ජනපතිවරු. රට වෙනුවෙන් මැයට යම් හැගීමක් තිබෙනවා කියන්න පුළුවන් පසු ගිය කාලවකවානු තුල සිදු වුන සිදුවීම් අනුව. එහෙත් ඇයට එරෙහිව තිබෙන චෝදනා මහින්ද හා ඔහුගේ සගයන්ට තරම් නැහැ, රටේ ජනතාව කෙතරම් රැවටී ඇත්ද කියල තේරෙන්නේ ඔහු මතම තවමත් විශ්වාසය තියන එක මත. තමුන්ගේ හර්ද සාක්ෂිය ඉදිරියේ ඔවුන් නිසැකවම වැරදිකරුවන්. (අ)
මම හිතන්නේ නැහැ කිසිම රටකට ලංකාව ගසාකන්න උවමනාවක් ඇති කියලා (නි)
නුවණින් දකිමු ගැඹුරින් හිතමු මහ සයුර ප්‍රචණ්ඩ බව දැනගනිමු. (නි)
කට පරිස්සම් කරගන්න බැරි එක තමයි ලොකුම හෙණේ. මෙයාලා හරියට කළා නම් යුද්ධය අවසන් වෙන්නේ මීට කලින්. ගිය ආණ්ඩුවෙන් යුද්ධය අවසන් නොකළා නම් බලාගන්න තිබුනා අද අපි ඉන්න තත්වය. අද මානව අයිතිවාසිකම් කතාකරනවා. පසුගිය රජයෙන් තමයි මානව අයිතිවාසිකම් කොටියාගෙන් බේරලා දුන්නේ. (නි)
මේ රටට කළ එක යහපත් වැඩක් කියන්නකෝ කරුණාකරලා! (නි)
උපන් වෙලාවටම නැකත හදලා නැකතට කලඑළි බැස්ස රිතික් මල්ලි මම කවුද කියලා අහලා තිබුනා නේද? මේ මම තමයි නදිනි රණවීර. තව වැඩි විස්තර ඕනෑ නම් පසුවට දන්වන්නම්. (නි)
එයාගේ වැඩ ගැන පොතක්ම තියෙද්දී මොකෝ නාමල් අපෙන් අහන්නේ? (නි)
විනාශකළ රට බොහොම අමාරුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යථා තත්වයට ගත්තේ. (නි)
මට පොඩි අදහසක් එනවා.මහා මැතිවරණයට මෙතුමියත් තරඟ කරන්න ඒවි වගෙයි මට හිතෙන විදියට.දේශපාලනය කියන එක අපිට රසවත් බවක් නොපෙනුනාට ඒකේ රසය විඳින මිනිසුන්ට එය දැනෙනවා.දුප්පත් මිනිසුන්ගේ ඡන්ද වලින් බලයට ඇවිල්ලා ඒ දිහා හැරිලාවත් බලන්නේ නැති මිනිස්සු කොටසක්. (නි)
ඇමරිකාවට එංගලන්තෙට ඉන්දියාවට නම් ගසකන්න දෙනවා නේද ඔය කිව්වට (ම)
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා - කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනිවීලා! අන්ද මන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා! (නි)
එයා මොනවද රටට කළේ? (නි)
එයාගේ පාලන කාලයේ කළ කිසිම දෙයක් නැහැ. (නි)
දිලිප් මහත්තයෝ,නිකන් ඉන්න කෙනාට චෝදනා අවලාද එල්ල වෙන්නේ අඩුවෙන්.වැඩක් කරන කෙනාට තමයි ඒවා වැඩියෙන් එල්ලවෙන්නේ.අවුරුදු 11 ක් රට කරලා ඒ කාලයේ තමන් කළ දේ හරියට කළා නම් මෙයාලට අද කරන්න දෙයක් ඉතුරු වෙන්න විදියක් නැහැනේ. මොනවද රටට කළේ? යුද්ධය නතර කළාද? ඇඟට රටට දැනෙන කුමක් හෝ සංවර්ධනයක් කළාද? තව මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
අනේ අපිටනේ මේවා කියන්නේ? (නි)
මහින්ද මහත්තයාත් මෙතුමිය වගේ නායිකාවක් පක්ෂය බාරගන්නවා නම් දේශපාලනයෙන් විශ්‍රාම ගනීවි. (නි)
නමුත් යුද්ධයෙන් ගසාකන එක නතර කරන්න බැරිවුණා. මුලතිව්, අලිමංකඩ, කිලිනොච්චි.... කඳවුරු වැළලුනා (නි)
මොකෝ දිලිප්, පිස්සුවෙන් කියවනද? (නි)
පහුගිය කාලේ මෙයා උතුරට ගිහින් කළ කතා ඇහුවාම නම් දුක හිතෙනවා. දැන් කියන කතා කිසිවක් අපිට පිළිගන්න බැහැ. (නි)
අර “චෞර රැජිණ“ කියලා පොතක් ලියවුණේ කවුරු ගැනද? (නි)
ඩග්ලස්, ඔයා හරිම ක්‍රෝධයකින් ඉන්නේ. නැත්නම් තියෙන මෝඩකමට මේ වගේ අදහස් ලියන්නේ. (නි)
සාගර , එයාගේ කාලේ වුණ සමහර හොඳ දේ තියෙනවා. එහෙත් එතුමිටට කොටි මැඬළීමට ඕනෑකමක් නොතිබුණු හෙයින් ඒ හොඳ දේවල සාමුහික ප්‍රතිඵලය දකින්න ලැබුණේ නැහැ (නි)
පසුගිය දූෂිත පාලකයන් විසින් අපට අමතක කරන්නට හැදූ රට වෙනුවෙන් පියාත්,සැමියාත්,ඇසත් අහිමිකරගත් මව්බිමේ සුජාත දියණිය ඔබයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ අයිතිකරු ඔබයි. ඔබට බුදු සරණයි.! (නි)
රාජපක්ෂලාව නම් ගෙනෙන්න එපා. මේගොල්ලෝ කළ විනාශය හොඳටම ඇති (නි)
ජනතාව පත්නොකළ අය බලය අතටගෙන වහසි බස් දොඩමින් උජාරුවෙන් හැසිරීම පිළිකුල්සහගතය.ප්‍රජාතන්ත්‍රවිරෝධිය.මේ විහිළු වහා නවතා දැමියයුතුය.රටේ නායකයා කවුරුදැයි සොයාගත නොහැකි ලෙස සියල්ල අවුල්සහගතය.කෝකියන් රැසක් එකතුව හදන සුප් එක වැනිය. (නි)
ආයෙත් බලයට එන්න දඟලන්නේ මොකද දන්නෙ නැහැ (නි)
දිලිප්,ඔව් තාමත් මිනිස්සු ඒ මහින්ද නමැති මිනිසා විශ්වාස කරනවා.ඒ මොනවත් නිසා නෙමෙයි, කෑලිකඩලා දෙන්න ගිය රටක් ඔහු විසින් දෙපයින් හිටවපු නිසා. ලාංකිකයෝ තවමත් හිතාගෙන ඉන්නේ ලෝකයේ බලවත් ජාතීන් ඉන්නේ බටහිර කියලා. ඇවිල්ලා බලන්න ඕස්ට්‍රේලියා, ඇමෙරිකාව සහ යුරෝපය දිහා.කවුද විශාලම ආයෝජකයෝ කියලා. අද ප්‍රාග්ධනය තියෙන්නේ චීනයේ.බටහිර සහ ඉන්දියාවට ගැතිවීමෙන් අපිට කවදාවත් සෙතක් වෙලා නැහැ (නි)
අැයි සමහරු මෙහෙම අපේ උතුම් නායක නායිකාවන්ට නිගරු කරන්නේ? (නි)
කීයක් නම් කතා කිවුවද මේ ටිකට... (නි)
ලංකාව කියන්නේ නිදහස් රටක්. (නි)
මේවා දකිනකොට අපිටත් හූ කියන්න හිතෙනවා. (නි)
හොඳයි හොඳයි... (නි)
අපේ රට ස්වාධීන රාජ්‍යයක් ලෙස අවුරුදු දෙදහස් ගණනක් පැවතුණේ ඉන්දියාවට බයෙන් නම් නෙමෙයි. (නි)
එහෙම කරන්න පුලුවන් නම් ඉතින් කොච්චර හොඳද? (නි)
එහෙනම් ඉතින් අවලංගු කාසි වෙන අය තව ඉන්නවනේ! (නි)
අනේ මැඩම්, අපිට පවුදෙන්න නම් එපා (නි)
අනේ මගේ කට! (නි)
දැන් කතා ඇති (නි)
ඔබතුමියට ජයවේවා! (නි)
ෂෙහාන් මල්ලි ෆේස්බුක් බබෙක්ද? (නි)
චන්ද්‍රිකා මැතිනියගේ කතාව දැක්කා විතරයි ගැරඬි ටිකට භූමිතෙල් ගෑවිලා වගේ කුලප්පුවෙලා. එදා මේ වගේම ගැරඬි තමයි, චන්ද්‍රිකා මැඩම් හුරතලේට ඇතිකළ බල්ලාටත් දෙකට නැමිලා ආචාරකළේ. රටේ පාලකයෝ පත්කරන්න කලින් මේ වගේ ගැරඬින්ට භූමිතෙල් ගහලා එළවන්න ඕනෑ. (නි)
මහින්ද මහතාට බනින්නන්ට වඩා එතුමා පසසන්නෝ සාමාන්‍ය ජනතාව අතර බහුලය. එබැවින් මට එබඳු සැකසංකාවක් නැත. (නි)
අපේ රට කිසිම රටකින් ගසාකන එකකුත් නැහැ (නි)
අපිට නම් ලංකා ඉතිහාසය තුළ බිහිවුණු කොන්ද පණ ඇති එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණි (නි)
මැඩම් මොනවා කියනවද මන්දා... (නි)
අපේ රට ස්වාධීන රාජ්‍යයක් ලෙස අවුරුදු දෙදහස් ගණනක් පැවතුණේ ඉන්දියාවට බයෙන් නම් නෙමෙයි. අපේ රට හිටපු ජනපතිගේ නායකත්වයෙන් බටහිර බලවේග වල බලපෑමටවත් යටත් නොවී ඉන්දියාවත් කළමනාකරණය කරගෙන කොටි නැසුවෙත් කාටවත් බය නැති රටක් හැටියටයි. ශ්‍රී ලංකාවවත් සාමාන්‍ය සිංහල වැසියාවත් ඉන්දියාවට බය නැහැ. (නි)
යනු යනු යනු යන දෙසකට - නොරැඳී තව අප දේශේ. නොකර රටට අපහාසේ... (නි)
ඒකනේ ජයතුංග, සිරිමා මැතිණිය ගැන හිතද්දී අපටත් දුකයි. (නි)
කදිරගාමර් මහත්තයා මහන්සිවෙලා කොටි තහනම් කරගත්තා වගේ මෙයාගේ කාලේ වුණ හොඳ දෙයක් තිබෙනවා නම් ඒවා වුණේ ඒ අයගේ ඕනෑකමට මිසක් වෙන අය නිසා නෙමෙයි. ඒ නිසා නොකළදේට ලකුණු දාන්න එපා. (නි)
අපි නොදන්න මොණරතැන්න (නි)
මෙතුමියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් නම් කඩේ යන්නේ නැහැ කවදාවත්.ඒ මිනිසුන්ට පිස්සු නැහැ.එතුමිය කළ සේවයට එතුමිය වෙනුවෙන් කට්ටිය කඩේ යාම ඉතාමත් සාධාරණයි. හරි හරි ..චතුරිලා නදිනිලා සාගරලා හරි.දැනටත් කරන සේවය වෙනුවෙන් ඔයාලා තව තවත් ඉක්මනින් කඩේ යන්න. (නි)
තවත් මේ කතා කියනවනේ හැබෑට! (නි)
චන්ද්‍රිකා ඉතා සෘජුව කතාකරල තිබෙනවා. ඇත්ත කතාවත් ඒකම තමයි. (බ)
වික්ටර් අයිවන්ට තවත් පොත් 4-5 ලියන්න කරුණු හොයල දීල තමයි මෙයා නවතින්නේ ...(බ)
චතුරි, ඔයාට හොඳටම විශ්වාසද අපි හැමෝම කොටින්ට බයේ ගෙවල් ඇතුළේ හිටිය වග? රටෙත් නොහිට මෙතන නිකන් නොදැන අපහාස කරන්න එපා. සද්දේ දැම්මේ නැතත් අපිත් රට වෙනුවෙන් කැපකිරීම් කළා (නි)
චතුරි, දන්නේ නැත්තම් ඔයාගේ අම්මලා තාත්තලාගෙන් අහලා දැනගන්න. (නි)
ෂෙහාන් මල්ලි, සිරි ලංකාව කාටවත් බූදලයක් කරලා දෙන්න නම් මිනිස්සු මෙච්චර නැහිලා අව්වෙ කරවෙවි තංගලු යන්න ඕනෑද? තෙමි තෙමී රත්නපුරා යන්න ඕනෑද? ෆේස්බුක් බබෙක් නිසා ඔයා මේවා දන්නෙ නැහැ මල්ලි (නි)
අනේ අනේ චතුරි! සිංහල රජ කාලේ නෙමෙයි දැන් මේ කාලේ- ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ - මැඩම්ලත් එක්කල නටලා චතුරි - අපිට නිකම් ගණන් දානවා! (නි)
හරියටම හරි නදිනි (නි)
ඡන්දෙකට ඉල්ලුවොත් ශෙහාන්ගේ වගේ අයගේ ඡන්ද නම් ලැබෙයි (නි)
ජයතුංග,ඔයාට අදහස් පැහැදිලි වුණේ නැද්ද මන්දා. (නි)
ආ නදිනි නංගි, ඔයත් ෆේස්බුක් බේබි කෙනෙක්ද? මොකද ඕගොල්ලෝ කට්ටියටම භූමිතෙල් වැදිලද? නැත්තම් මහින්ද භීතිකාව තදවෙලාද? (නි)
මෙයා ඒ කාලේ කළ වැඩ ගැන දන්නෝ දනිති.මේකේ අදහස් දාන සමහර නංගිලා මල්ලිලා ඒ කාලේ ඉපදිලා නැති නිසා දන්නේ නැතුව ඇති.මෙතුමියගේ අම්මා තාත්තා රටට සේවයක් කළා. නම්බුව රැකගත්තා. (නි)
මොකද්ද උපුල් ඍජු වෙච්ච කතාවක් කිව්වේ? ඒ කතාව ඇත්ත බව ඔයාට ෂුවර්ද ? (බ)