ඉදිරිපස ගාතයක් වෙන්වන තරමට කැපී තිබූ බටු කැස්බෑවකු සුවපත් කිරීමට ගාල්ලේ මහමෝදර තරුණයෝ පිරිසක් කටයුතු කළහ.
පසුගිය දිනක ගාල්ල නගරය ආසන්න වෙරළට පැමිණ සිටි මේ කැස්බෑවා ඇවිදිමට හෝ පිහිනීමට නොහැකිව සිටින බව දුටු තරුණයෝ ඒ බව වනජීවී දෙපාර්තමේන්තුවට දැන්වූහ. වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව වනෝද්‍යානයේ කාර්ය මණ්ඩලය ගාල්ලට පැමිණ කැසැබෑවා පරීක්ෂා කර මහමෝදර කැස්බෑ සුරැකීමේ සංවිධානයට එම කැස්බෑවා බාර කරන ලද්දේ ඔවුන් විසින් පවත්වාගෙන යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ටැංකියක දමා කැස්බෑවා ආරක්ෂා කරන ලෙස දන්වමිනි.
කැස්බෑවාගේ කැපී තිබූ ඉදිරිපස ගාත්‍රයේ රුධිර සංසරණය වන බවත් අපහසුවෙන් වුව ද කැස්බෑවා එය චලනය කිරීමට උත්සාහ ගන්නා බවත් දුටු තරුණයෝ ඒ බව ගාල්ල හියාරේ පිහිටි වනජීවී සංරක්ෂණ සංගමයට දැනුම් දුන්හ.
ඒ අනුව පශු වෛද්‍ය අයෝමි දර්ශිකා මෙනවිය පැමිණ තුවාල පිරිසිදු කර මැහුම් යොදා කැසැබෑවාගේ ගාත්‍රය යළි සකස් කළාය. වෛද්‍යවරිය පවසා සිටියේ නයිලෝන් දැලක පැටලී මේ ගාත්‍රය කැපී යන්නට ඇති බවයි. ගාත්‍රයට කරනු ලැබූ ප්‍රතිකාර වලින් පසුව කැසැබෑවා තම ගාත්‍රය චලනය කළ ද එය තවමත් ඉදිමී පවතින බව තරුණයෝ කියති. මේ ප්‍රතිකාර සාර්ථක නොවන්නේ නම් ගාත්‍රය කපා ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ද ඇය පවසයි.
මහමෝදර කැස්බෑවුන් සුරැකීමේ මධ්‍යස්ථානයේ සභාපති එච්.එල්.ඩී.ප්‍රසාද් නිලංග හා ධනුෂ්ක වෙරළවිතාන මහත්වරු තම මධ්‍යස්ථානයේ ටැංකියක කැස්බෑවා දමා කන්න දෙමින් රැකබලා ගනිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අර තරුණයා කස්බවගේ ඔලුව තමන්ගේ ළමයෙක්ගේ වගේ කරුණාවෙන් අල්ලගෙන් ඉන්න හැටි..මේ වගේ දේවල් අහන්නත් පින් කරන්න ඕනි මේ කාලේ (ම)
අනේ මේ සතා ඉක්මනින් සුවපත් වේවා ..!! (ම)
මේ සැමට පින් අනුමෝදන් කරමි.(ම)
පළපුරුදු පශු වෛද්‍යවරයෙක් යොදා ගත්තනම් කකුල කපන්නේ නැතිව බේරගන්න පුළුවන් වෙයි (අ)
ඉක්මන් සුවය ලැබේවා (බ)
සාදු......සාදු...අනුමෝදාමි........ ඔබ සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා... සියලුම දෙනාට තිසරණ සරණ වේවා....... සියලු දෙව් රැකවරණ ලැබේවා....(ම)
අසරණ සත්තු.. (ම)
මේ වගේ කරුණාවන්ත මිනිසුන්ට තුණූරුවන්ගේ සරණයි . (ම)
කස්බවන් මරන් කන්න හදන මිනිසුන් අතරේ මේ අය උතුම්ය. (ම)
කතාකරන්ට බැරි අහිංසක සතුනට ඇප උපස්ථාන කරන එකට ඔබ සැම දෙනාටම බොහොම පින්. ඔබලාට සැම දෙවියකුගේම ආශීර්වාදය සහ පිහිට ලැබේවා.(ම)
රටකට ඕනේ ඔබ වගේ මිනිස්සු . (ම)
සුවපත් වේවා.....! (ස)