IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රතිකාර

ඉදිරිපස ගාතයක් වෙන්වන තරමට කැපී තිබූ බටු කැස්බෑවකු සුවපත් කිරීමට ගාල්ලේ මහමෝදර තරුණයෝ පිරිසක් කටයුතු කළහ.

පසුගිය දිනක ගාල්ල නගරය ආසන්න වෙරළට පැමිණ සිටි මේ කැස්බෑවා ඇවිදිමට හෝ පිහිනීමට නොහැකිව සිටින බව දුටු තරුණයෝ ඒ බව වනජීවී දෙපාර්තමේන්තුවට දැන්වූහ. වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව වනෝද්‍යානයේ කාර්ය මණ්ඩලය ගාල්ලට පැමිණ කැසැබෑවා පරීක්ෂා කර මහමෝදර කැස්බෑ සුරැකීමේ සංවිධානයට එම කැස්බෑවා බාර කරන ලද්දේ ඔවුන් විසින් පවත්වාගෙන යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ටැංකියක දමා කැස්බෑවා ආරක්ෂා කරන ලෙස දන්වමිනි.

කැස්බෑවාගේ කැපී තිබූ ඉදිරිපස ගාත්‍රයේ රුධිර සංසරණය වන බවත් අපහසුවෙන් වුව ද කැස්බෑවා එය චලනය කිරීමට උත්සාහ ගන්නා බවත් දුටු තරුණයෝ ඒ බව ගාල්ල හියාරේ පිහිටි වනජීවී සංරක්ෂණ සංගමයට දැනුම් දුන්හ.

ඒ අනුව පශු වෛද්‍ය අයෝමි දර්ශිකා මෙනවිය පැමිණ තුවාල පිරිසිදු කර මැහුම් යොදා කැසැබෑවාගේ ගාත්‍රය යළි සකස් කළාය. වෛද්‍යවරිය පවසා සිටියේ නයිලෝන් දැලක පැටලී මේ ගාත්‍රය කැපී යන්නට ඇති බවයි. ගාත්‍රයට කරනු ලැබූ ප්‍රතිකාර වලින් පසුව කැසැබෑවා තම ගාත්‍රය චලනය කළ ද එය තවමත් ඉදිමී පවතින බව තරුණයෝ කියති. මේ ප්‍රතිකාර සාර්ථක නොවන්නේ නම් ගාත්‍රය කපා ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ද ඇය පවසයි.

මහමෝදර කැස්බෑවුන් සුරැකීමේ මධ්‍යස්ථානයේ සභාපති එච්.එල්.ඩී.ප්‍රසාද් නිලංග හා ධනුෂ්ක වෙරළවිතාන මහත්වරු තම මධ්‍යස්ථානයේ ටැංකියක කැස්බෑවා දමා කන්න දෙමින් රැකබලා ගනිති.

IMG_5585 IMG_5588 IMG_5635

 



අදහස් (0)

කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රතිකාර

හරින්ද්‍ර Wednesday, 15 July 2015 09:22 AM

බලන්න අර තරුණයා කස්බවගේ ඔලුව තමන්ගේ ළමයෙක්ගේ වගේ කරුණාවෙන් අල්ලගෙන් ඉන්න හැටි..මේ වගේ දේවල් අහන්නත් පින් කරන්න ඕනි මේ කාලේ (ම)

:       0       0

රුපවති Wednesday, 15 July 2015 09:25 AM

අනේ මේ සතා ඉක්මනින් සුවපත් වේවා ..!! (ම)

:       0       0

ගාමිණී Wednesday, 15 July 2015 09:25 AM

මේ සැමට පින් අනුමෝදන් කරමි.(ම)

:       0       0

සනෝජා Wednesday, 15 July 2015 06:48 AM

පළපුරුදු පශු වෛද්‍යවරයෙක් යොදා ගත්තනම් කකුල කපන්නේ නැතිව බේරගන්න පුළුවන් වෙයි (අ)

:       0       0

තරු Wednesday, 15 July 2015 06:50 AM

ඉක්මන් සුවය ලැබේවා (බ)

:       0       0

නිලුපුලි Wednesday, 15 July 2015 06:56 AM

සාදු......සාදු...අනුමෝදාමි........ ඔබ සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා... සියලුම දෙනාට තිසරණ සරණ වේවා....... සියලු දෙව් රැකවරණ ලැබේවා....(ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 15 July 2015 07:15 AM

අසරණ සත්තු.. (ම)

:       0       0

දිලිප් Wednesday, 15 July 2015 07:43 AM

මේ වගේ කරුණාවන්ත මිනිසුන්ට තුණූරුවන්ගේ සරණයි . (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 15 July 2015 10:53 AM

කස්බවන් මරන් කන්න හදන මිනිසුන් අතරේ මේ අය උතුම්ය. (ම)

:       0       0

නිෂාද් Wednesday, 15 July 2015 08:07 AM

කතාකරන්ට බැරි අහිංසක සතුනට ඇප උපස්ථාන කරන එකට ඔබ සැම දෙනාටම බොහොම පින්. ඔබලාට සැම දෙවියකුගේම ආශීර්වාදය සහ පිහිට ලැබේවා.(ම)

:       0       0

චානක Wednesday, 15 July 2015 08:16 AM

රටකට ඕනේ ඔබ වගේ මිනිස්සු . (ම)

:       0       0

සම්පත් Wednesday, 15 July 2015 09:06 AM

සුවපත් වේවා.....! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site